(එච්. චන්දන)
 
කරුවලගස්වැව - රජවිගම ගලපිටගම විහාරස්ථානයේ බෝධි පුජාවකට සහභාගි වෙමින් සිටි වයස අවුරුදු  හතරක දරුවකු වන අලි ප්‍රහාරයකින් අද (30) මිය ගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.
 
පස්වරු 6.30 පමණ විහාරස්ථානයට කඩා වැදුණු වන අලියා පහරදීමෙන් තුවාල ලැබු මෙම දරුවා ආණමඩුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
 
විහාස්ථානයේ වැලි මළුවට කඩා වැදී ඇති වන අලියා මව  හා දරුවා  එකට  උස්සා ගෙන ඇති බවත් දරුවා බිම වැටීමෙන් වන අලියා පාගා ඇති බව අනාවරණය වී ඇත.