(දිලීප් ජයසේකර)
සුරියවැව පදලංගල ප්‍රධාන මාර්ගයේ 550 යාය ප්‍රදේශයේදී සුරියවැව දෙසට ගමන් ගත් යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වු අනතුරකින් එහි ගමන් ගත් අඹූසැමියන් දෙදෙනෙකු අද (11) මියගොස් ඇතැයි සුරියවැව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මහපැලැස්ස, සූරියවැව ලිපිනයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන 21 හැවිරිදි උමේෂ් කොඩිතුවක්කු හා 18 හැවිරිදි සිරිවර්ධන ආරච්චිගේ තිසාරා සෙව්වන්දි යන දෙදෙනායි.
මියගිය දෙදෙනා අද (11) පෙරවරුවේ පදලංගල දෙස සිට සූරියවැව දෙසට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දි තිබේ. අධික වේගයෙන් පැමිණ ඇති යතුරු පැදිය පැදිකරුට එය පාලනය කරගැනීමට නොහැකිව ලිස්සා ගොස් මාර්ගය අසළ තිබූ ගසක වැදී අතුරට පත්ව තිබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.