
නිව් ඩයමන් නෞකාවේ හිමිකරුවන්ගෙන් තවත් රුපියල් මිලියන 100 ක් වන්දි මුදලක් ගෙවීමට නීතිපතිවරයා නියම කර තිබේ.
ඒ අනුව එම නෞකාවේ ක්‍රියාකලාපය හේතුවෙන් එහි හිමිකරුවන් විසින් ශ්‍රී ලංකාවට ගෙවිය යුතු සම්පූර්ණ මුදල රුපියල් මිලියන 440 කි.
ගිනිගත් නැවේ හිමිකරුවෝ කෝටි 34 ගෙවන්න එකඟ වෙති
ගිනි ගත් එම්.ටී.නිව් ඩයමන් නෞකාවේ හිමිකරුවන් රජයට ගෙවීමට තිබූ රුපියල් මිලියන 340 ක මුදල ගෙවීමට එකඟ වී තිබෙන බව නීතිපති සම්බන්ධීකාර නිලධාරීනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසූවාය.
මීට පෙර නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් නෞකාවේ හිමිකරුවන් සමඟ ඇති කරගත් එකඟතාවය අනුව මෙලෙස මුදල් ගෙවීමට එකඟ වී තිබේ.
COMMENTS
මේ මුදලින් රටේ තියෙන ණයක් ගෙවාදාන්න. ඉතිරිය කුඩු සල්ලි, රාජසන්තක කරන ලද දේපළ වෙන්දේසි කරලා, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ගිණුම්වල මුදල් දා එකතුකර ගෙවන්න. හම්බන්තොට වරායවත් ගොඩදාගන්න.
ස්තුතියි...!!!
මගේ සුනාමි එකවුන්ට් එකටම දාන්න.
අපි පින් බලාගෙන වැඩක් කරන ජාතියක්... සල්ලි එපා පින් දීලා නැව අරන් යන්න.
නැවේ තෙලුයි. දෙකම බාරගත්තොත්... මොකද?