(රංජන් කස්තුරි)
උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලැබ විදේශ ගතවු විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ණය නොගෙවන හොරුන් ලෙස හුවා දක්වමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ගත් පියවර සදාචාර විරෝධී ක්‍රියාවක්යැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වැඩබලන ලේකම් ආචාර්ය අතුල සමරකෝන් මහතා කොළඹ දී අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ නම් ගම් හා ඇපකරුවන්ගේ නම් ගම් ආදිය පුවත්පත් හරහා ප්‍රසිද්ධ කිරිම පිළිබඳව සමස්ත විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අතර බලවත් කලකිරිමක් හටගෙන ඇතැයි ද කොළඹ මරදාන සමාජීය හා සාමුහික කේෂ්ත්‍රයේ පැවති එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔහු කීය.
පුවත්පත් දැන්වීමේ ප්‍රසිද්ධ කළ ඇතැම් තොරතුරු නිවැරදි නොවන අතර ඒවා කිසිදු සොයා බැලීමකින් තොරව පළ කර තිබෙන අතර එමගින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නොහැකියාව ඉස්මතු වන බවද හෙතෙම සඳහන් කළේය.
ආචාර්ය මහාචාර්යවරුන් ණයකරුවන් හෝ මුදල් නොගෙවා පැහැර හරින්නන් බවට සමාජය හමුවේ අපහාසයකට ලක් කිරිම සමස්ත අධ්‍යාපන කේෂ්ත්‍රයටම ආණ්ඩුව සිදුකළ නිග්‍රහයක් බව ද එහිදී ආචාර්ය සමරකෝන් මහතා සඳහන් කළේය.
COMMENTS
ණය ගත්තා නම් ගෙවන්න ඕනෑ.... ඒක විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්ය කියලා වෙනසක් නැහැ. අනික මේ අය ස්ථිර වැටුපක් ලබන රාජ්‍ය සේවකයෝ.. ඒ නිසා අනිවාර්යයෙන්ම තමන් ගත් ණය ගෙවලා සමාජයට ආදර්ශමත් පුරවැසියන් ලෙස කටයුතු කරන්න...
ඈ!!! එතකොට ගත්ත ණය නොගෙවා ඉන්න එක? තවත් උපාධියක් දෙන්න වටිනා එකක්ද? ඔය ගත්ත මුදල් යොදවලා තව කීදෙනෙක්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කරන්න පුළුවන්ද? සාමාන්‍ය පුද්ගලයෙක් ඔය වැඩේ කළානම්? වංචාකාරයෙක් නේද? විශ්ව විද්‍යාලය කියලා ඔවැනි දේවල් කරන අයට භාවිතා කලයුතු නම මොකක්ද?
රටේ ඉතිරිවෙලා ඉන්න ආචාර්ය මහාචාර්යවරු ණය නොගෙවීමෙන් රටට වූ පාඩුව සහ අපේ රටේ මිනිසුන්ගේ බදුමුදල්වලින් ඉගෙනගෙන ආචාර්යවරු, මහාචාර්යවරු වීමෙන් පසුව අපටයි කියා විදේශවලට සංක්‍රමණය වූ පිරිසගෙන් රටට වූ පාඩුව සංසන්දනය කළොත් කාටකාටත් මේ ණය කපාහැරීමට සිතෙනු නොඅනුමානයි. අඩුතරමින් තමන් ලද දැනුම පිටට දෙමින් මේ රටේ රැඳී සිටීමම ඔවුන් රටට කරන මහඟු සේවයක් බව ඔය ප්‍රතිපාදන කොමිසමේ ටයි පොලු දමාගෙන සීතල කාමර වල පුටුවල උදේ සිට රෑ වෙනතුරු හිඳිනා නිලධාරීන්ට නොතේරෙන්නේ, දිගටම වාඩිවී සිටීම නිසා ඔවුන්ගේ මොලය තැලී ඇති නිසා විය යුතුය. රටට කිසිඳු වැඩක් නොකර රටේ මුදල් සොරාගනිමින්, අනුන්ට කියාදීමට තබා තමන්ට ප්‍රයෝජනයට ගැනීමටවත් දැනුමක් නොමැති හොරුන්ට සහ යටකී නිලධාරීන්ට තීරුබදු රහිත වාහන ලබදීමටම ඔයිට වඩා ජාතික ධනස්කන්දරාවක් වියදම් කර ඇතුවාට සැක නැත. ගත්ණය ආපසු ගෙව්වත් අනිකුත් අයවලුන් විදේශගතව ලබාගත් දැනුමෙන් රටට පලක් වී ඇතිද? මේ පිරිස ඒ ණය නොගෙව්වත් අඩු තරමින් ඒ ලබාගත් දැනුම ඔවුන්ගේ සිසුන්ටත්, රටටත් ලබාදීමෙන්ම ඒ ණය පියව ඇති බව නොකිවමනාය.
ලලිත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, හමුදා නිලධාරින් වැනි නිලතලවල අය පිටරට පුහුණුව සඳහා යවන්නේ ඇපකරයක්, බැඳුම්ක්‍රමයක් මත... ඔහු හෝ ඇය නැවත තම මව්රටට පැමිණ නියමිත සේවා කාලයකට යටත්ව... එසේ සේවාකාලය නිමකළවිට එම ණය ඉබේම කපා හැරෙනවා නොහොත් නැවත අය නොකෙරේ. එසේ නොකළහොත් එම පුද්ගලයා ගත්තු ණයක් හැටියට තමයි පෙන්වන්නේ...
කොහොමත් අපේ ජාතිය ණය ගෙවන්න හොරයි.. දුන්න ණය ඉල්ලද්දී මල පනින එක පහළම කෙනාගේ ඉඳන්ම ඉහළම ඉන්න කෙනාගෙත් ජාතික ලක්ෂණයක්...
ණය ගත්තා නම් ගෙවන්න ඕනෑ. කිපි කිපී හරියන්නේ නෑ. ලංකාවේ මිනිස්සුන්ගේ පුදුම ආකල්ප තියෙන්නේ. ණය ගන්න හොඳයි ගෙවන්න කියද්දි තමයි කිපෙන්නේ...
වැරදි කරලා නම් නීති මගට යන්න. නමුත් අපහාස කරන්න එපා.
මේ අයව CRIB එකට දාන්න ඕනෑ ..
දැන් එකිනෙකාට හොරා හොරා කියමින් කාලය ගතකිරීම අපේ රටේ මිනිසුන්ට පුරුද්දක් වෙලා.
මේක දාපු එකනම් ඉතාම හොඳයි. දැන් දාන්න සල්ලිත් අරගෙන නිවාඩුත් අරගෙන ලංකාවේ හරි, පිටරට හරි ඉගෙන ගන්න ගිහින් ඉවර කරපු නැති අයගේ ලැයිස්තුව...
පළමුව විවිධ ණය ආධාර යටතේ විදෙස් ශිෂ්‍යත්ව ලබා විදෙස් ගතවන්නන්ගෙන් බහුතරය විශ්ව විද්‍යාල ආචාර්යවරුන් නොවේ. නොයකුත් අමාත්‍යංශ නියෝජනය කරමින් සේවය කරන්නන්. විශ්ව විද්‍යාල ආචාරවරුන්ගෙන බහුතරයක් ආපසු පැමිණෙන අතර අනෙක් ආයතවලින් විදේශ ගත වුවන් අතරින් ආපසු නොපැමිණෙන ප්‍රමාණයද සුළු පටු නොවේ. විදේශ ගතවන ආචාර්යවරුන් මෙන්ම අනෙක් ආයතන වල ශිෂ්‍යත්වධාරින්ද ආපසු නොපැමිණෙන්නේ නම ගිවිසුම් ගත මුදල ගෙවිය යුතුය. මා දන්නා පමණින් එම ලැයිස්තුවේ සිටින බහුතර සරසවි ආචාර්යවරුන්ගෙන් අය කර ගැනීමට ඇති ගිවිසුම් මුදල් ඔහුන්ගේ අර්ථ සාධක අරමුදලෙන් පහසුවෙන්ම අඩු කරගත හැක. එහෙත් අන්‍ය ආයතන වලින් රජයේ ණය ආධාර යටතේ විදෙස් ගත වුවන්ගෙන් නොපැමිණි සිටින්නගෙන් එසේ අය කර ගැනීමට අරමුදලක් නැත. එවන් මොහොතක සරසවි ආචාර්යවරුන්ගේ පමණක් නම් ප්‍රසිද්ධ කිරීම වැරදිය.
කවුරු උනත් ගත්ත ණය ගෙවිය යුතුයි. ඒක ආචාර්යවරයාද නැත්නම් පොල් ගස් නගින මහතාද කියා වෙනසක් නෑ. රුපියල එතනදී වෙනසක් නෑ. දෙවැනි මහත්මයාට සංගමයක් නැති එක තමා ප්‍රශ්නය. තිබුනානම් එයත් ඔය බලපෑම ආණ්ඩුවට කරාවි.
හිනා වෙලා පණ යනවා. මම ඔස්ට්‍රේලියාවේ නිවාඩුවකට ගිය විට මගේ මල්ලිගේ නිවසේ සාදයකට මේ ලැයිස්තුවේ නම තිබෙන කෙනෙකුත් ආවා. එතැනදී එයාගේ කතාව හරියට මුළු ලංකාවම එයාට ණයයි වගේ. මේවා මේ අයගේ හදාපු මව්පියන්ගේත් වැරදි. දරුවන්ට පොතේ දැනුමයි තනතුරුයි ගැන මිසක් වෙනත් යුතුකමක් උගන්වා නැහැ. නැති නම් ගත්තු ණය නොගෙවා පිටරටම තැන්පත් වේවිද ?
මීට අමතරව වැඩිදුර අධ්‍යායාපනය සදහා රට යවපු අනිත් අයගෙත් ලැයිස්තුත් දාමු. විශේෂයෙන් දොස්තරලගේ, ඉංජිනේරුවරු , ඇතුළු සැමගේ
මම හිතන්නෙත් මෙම දැන්වීම පල කල එක හොඳ දෙයක් කියලා. වසරකට වතාවක් මෙවැනි දැන්වීම් පලකල යුතුයි. එවිට මේ වගේ ණය නොගෙවා ඉන්නෙක අඩු කල හැකියි.
වෛද්‍යවරු මෙහෙම අරගෙන නැතිද?
හැම කෙනෙක්ම ප්‍රතිචාර දක්වා තියෙන්නේ ඇත්ත තත්වය දන්නේ නැතුව. 1. අනිවාර්යයෙන්ම ලබාගත් මුදල් සමග පොලිය ගෙවිය යුතුයි. එහි ගැටළුවක් නැත. 2. මෙම ලැයිස්තුව යාවත්කාලීන නැත. එහි ඇති 30% පමණ අචාර්යවරුන් අදාල මුදල් සම්පූර්ණයෙන්ම පියවා ඇත. ඔවුන්ගේ නම් මෙසේ ප්‍රසිද්ද කිරීම නීතිමය වරදකි. 3. අතිශය බහුතරයක් කොටස් වශයෙන් බැදුම්ගත මුදල ගෙවමින් ඇත. අර්ථසාදක අරමුදලෙන් ඉතිරිය පියවාගත හැක. එය නොකර පත්තර දැන්වීම් දැමීම විහිළුවකි. 4. මෙහි ඇති බහුතරයකට ඔව්න්ගේ විශ්‍රාම අරමුදල සහ අර්ථසාදක අරමුදලේ එකතුව ගෙවීමට ඇති මුදලට වඩා වැඩිය.
දැන් ඉන්න සමහර මහාචාර්යවරුන්ගේ දේවල් රටට රහස් නොවෙයි. දැන් මහාචාර්යවරු, ආචාර්යවරු හැම තැනම. පඳුරකට පයින් ගැහුවොත් ඒකෙනුත් විසිවෙවී. සරච්චන්ද්‍රලා, සිරි ගුණසිංහ ලා , හෙට්ටිආරච්චිලා, ජේ.බී.ලා වගේ සැබෑ උගතුන් අද විරලයි. මේ සමහරුන්ට සිංහල භාෂාව වත් නිවැරදිව ලියා ගන්න බැරි බව මට පුළුවනි හේතු සහිතව පෙන්නලා දෙන්න. ණය ගත්තා නම් ඒවා ගෙවන්න ඕන. ණයගැතියන්ව රටට හඳුන්වා දෙන එක කොහෙත්ම වැරදි නැහැ.
පුදුම කතාවක්නේ... ණය අරන් නොගෙවා ඉන්න එක සදාචාරාත්මකද? මේවා මේ රටේ සල්ලි... දුප්පත් මිනිස්සුන්ට ඉගෙන ගන්න තියෙන සල්ලි.. නිදහස් අධ්‍යාපනය නිසයි මේවා දෙන්නේ... ඒ වගේම රටට සේවය කර ඉගෙන ගන්න මිසක් ඩොලර්වලට පිටරටවල සේවය කරන්න නෙමෙයි. අනික මේ උගත් මිනිස්සු නේද? දුප්පත් නූගත් මිනිස්සු ගිනි පොලියට මයික්‍රෝ ෆිනෑන්ස් කම්පැණිවලින් ගත් ණයත් ගෙවද්දී.. රටේ සල්ලි අඩු පොළියට ගත්ත උගතුන් බුද්ධිමතුන් ලෙස කියාගන්න මේ මිනිස්සු පොලුකාරයෝ වෙලා. ලැජ්ජා නැද්ද? මොකක්ද ඔයා කියන සදාචාරය?
හරිනම් පිටරට පුරවැසි බව ලබාගෙන යන හැමෝගෙන්ම නිදහස් අධ්‍යාපනයට වැය වුන මුදලෙන් කොටසක් හරි අය කර ගන්න පුළුවන් නං හොදයි. ඒක ඒ අයටත් හොදයි.
මම ඔය ලිස්ට් එක දැක්කා. මම හොඳට දන්නා එක්කෙනෙක් (දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ, වැඩ කරන්නේ සිඩ්නි නගරයේ තිබෙන විශ්ව විද්‍යාලයක) ඔය ලිස්ට් එකේ ඉන්නවා හැබැයි තියෙන්නේ ලංකාවේ ලිපිනය. ඒ නිසා ලිස්ට් එකේ ලංකාවේ ලිපිනය තිබුණු පලියට ඔවුන් ලංකාවේ ඉන්නවා කියලා පිළිගන්න එපා. ඒ වගේම ඔය විනාශයට වග කියන්න ඕනෑ අපේ පරණ මහාචාර්යවරුත්. තව අපි දන්නා කෙනෙක් ඕස්ට්‍රේලියාවේ පීඑච්ඩී කරන්න ඇවිත් නැවතිලා සිඩ්නි වලින් පැය 2ක් විතර දකුණේ තිබෙන ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක වැඩ කරේ 70 ගණන්වල ඉඳලා. ඔහුට ඇප අත්සන් කරපු කට්ටියට නඩු දානවා කියලා ලංකාවේ ලියුම් එද්දී ඔහුගේ මහාචාර්යතුමා (මොරටුවේ) එතකොටත් විභාග උත්තර පත්‍ර ලකුණු කරන්න අරිනවා. අපි දන්නා විදිහට බොහොම ටික දෙනයි ඔය හොර වැඩේ නොකරන්නේ. ඔය ලිස්ට් එකට අඩු ගන්නේ 70 ගණන්වල ඉඳලා පැන්න එවුන්ව දාන්න ඕනෑ. අතුල සමරකෝන් මහතාට ලංකාවේ ඉන්න කවුරුහරි මේ ටික දන්වන්න.
මේ ගැම්මෙන්ම දාමු ඇමැතිලාට කරන වියදම් ටිකත් පිළිවෙලට... මාර සේවයක්නේ කරන්නේ ඔය කියන දුප්පතුන්ගෙන්ම සල්ලි අරං...
මේ වගේ දේශපාලකයෝ කාපු ලිස්ට් එකකුත් දාන්නකෝ.. ලැබූ බදු සහන, ගිය පිටරට සවාරි වසර 05න් පසු විශ්‍රාම වැටුප්, වාහන තෙල්වලට වියදම්, ගුවන් ගමන් වියදම්, කාර්යාල වියදම්, හෝටල් බිල්, කාර්යාල කුලී පාර්ලිමේන්තුව පළාත් සභා වියදම්, කොමිස් මුදල් වැටුප් තව එමටයි. රටට කරපු සේවය බිංදුවයි...
ශිෂ්‍යත්වලාභින් ගිවිසුම් ප්‍රකාර මව්බිමට නොපැමිණියේනම් ඒ සඳහා අනුගමනය කලයුතු ක්‍රියාමාර්ග 1. අදාල පුද්ගලයාට සහ/හෝ ඇපකරුවන්ට අලාභය ගෙවන ලෙස ලිඛිතව දන්වා යැවීම 2. නිසි ප්‍රතිචාර නොමැතිනම් එන්තර වාසියක් යැවීම 3. නිසි ප්‍රතිචාර නොමැති නම් නඩු පවරා ගිවිසුම් ප්‍රකාර අලාභය අයකර ගැනීම පුවත් පත්වල නම් ප්‍රසිද්ද කල පමණින් කිසිවෙක් අලාභය ගෙවන්නේ නැත මේ පුවත් පත් දැන්වීම් තවත් මුදල් නාස්තියක් පමණි
එම මුදල කොටස් ලෙස ගෙවා දැමීමට එකඟ වෙන අතරම එම මුදල් අනාගත පරපුරට අධ්‍යාපනය සදහා වියදම් කරන ආකාරය දැක්වෙන පැහැදිලි සැලසුමක් මුලින්ම මේ ආකාරයෙන්ම ජන මාධ්‍යවල ඇමතිගේ අත්සන සහිතව ඇපකරුවන් සහිතව පලවිය යුතුය .
මෙම දැන්වීම මගින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කෙරෙහි මහජන අප්‍රසාදයක් සහ වෛරයක් මහජනතාව තුළ ඇතිකිරීම සහ විශ්ව විද්‍යාල ආචාර්යවරු ලැජ්ජාවට පත් කිරීමත්ය. කළයුත්තේ එකී අදාල අයට නඩු දමා මුදල් නැවත රජයට ලබාගැනීමය.
ණය ගෙවීම ගැන කිසිදු විවාදයක් නෑ. පුද්ගලික දත්ත වල රහස්‍ය භාවය ගැන මොකද කියන්නෙ? මේ අයට නඩූ දාන්න බැරි ඇයි?
සමාජ සම්මත වැරදිවලට ලජ්ජා බයක් නැතිනම් එතන අධ්‍යාපනයක් කොහෙද? කඩදාසි සහතිකයක් පමණයි. රටේ පුරවැසියන්ගේ බදු මුදලට නිසි වටිනාකමක් දෙන්නේ නැති නම් ඒ උගතාගෙන් රටට පලක් නැහැ. ඔය ඉන්න රටේම තැන්පත් වෙන්න අරින්න.
අපේ මිනිස්සුන්ට අවුරුදු 12ක්ම නිදහස් අධ්‍යාපනය රජයෙන් දීලා, උසස් අධ්‍යාපනයට මහපොලත් දීලා උගන්වලා ඊට පස්සේ රටට ණයවෙලා තවත් ඉගෙන ගෙන ණය නොගෙවා ඉන්නවා. පුදුම කුහක වැඩක් මේක... සමහර රටවල උසස් අධ්‍යාපනයට වියදම් කරපු සල්ලි අාපහු අයකර ගන්නවා. උපාධියට පස්සේ ස්ථිර සහතිකය දෙන්නේ සල්ලි අාපහු ගෙව්වට පස්සේ. වැඩිදුර ඉගෙනගන්න නම් අනිවාර්යෙන්ම මේ සල්ලි ගෙවන්න ඕනේ... මේ ටැක්ස් එකට කියන්නේ කෝස්ට් ෂෙයාරින් ටැක්ස්...
මේ වගේ මිනිස්සුන්ගේ වැඩ නිසා තවත් දේවල් සිද්ධ වෙනවා. මගේ ඥාති සහෝදරියකට ඇය සේවය කරන බැංකුවෙන් වසර දෙකක පශ්චාත් උපාධියකට පඩි රහිත නිවාඩු ලැබුනේ නැහැ. යනවා නම් අස්වෙලාම යන්න කීවා. හේතුව මේ පුද්ගලික බැංකුවේ සේවය කල සමහරු පස්චාත් උපාධි කරලා ආපසු පැමිණෙන එකගතාවයෙන් පිටරට ගිහින් පදිංචි වී තිබෙන්නේ සේවක නිවාස ණය ආපදා, වාහන ණය ආදී ණය නොගෙවා. ඉන් එක පුද්ගලයෙකු ආගිය අතක් සොයන්න ඕස්ට්‍රේලියාවේ ඉන්න දන්නා හඳුනන ලාංකිකයන් දුරකතනයෙන් අමතන්න ,බැංකුවේ සෙසු නිලධාරීන්ට සිද්ධවෙලා. මේවා උගතුන්ගෙන් සිදු විය යුතු දේවල් නොවේ.
ණය නොගෙවා ඉන්න එක නම්බුද?
මේ ලිස්ට් එක ඉංග්‍රීසියට හරවලා ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ, එංගලන්තේ සහ නවසීලන්තයේ ඇතුළු තවත් රටවල් කීපයක පල කරොත් (හෝ ඒ රටවල මාධ්‍යවලට ලබා දුන්නොත්) ඔහොම ඉන්න වැඩි දෙනෙක් මතුවේවි.
ණය අරන් නොගෙවා ඉන්න හොඳයි. කියන්න නරකයි.