දකුණු ආසියාවේ විශාලතම කුලුන වන නෙලුම් කුලුන සැප්තැම්බර් 16 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
මීටර් 350ක් පමණ උස, තට්ටු 17කින් සමන්විත මෙම කුලුන නිර්මාණය සදහා අමෙරිකානු ඩොලර් මිලියන 104ක මුදලක් වැය වී ඇති බවද, චීනයෙන් ඉන් 80%ක වියදමක් දරා ඇති බවද පැවසේ. මෙය සුපිරි අවන්හල්, හෝටල්, ශ්‍රවණාගාර, රැස්වීම් ශාලා ආදී පහසුම්වලින් සමන්විතය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය.
(16844)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙට ඉස්සරවෙලා නෙලුම් පොහොට්ටුව විවෘත කරන එක මහින්දගේ ජයග්‍රහණයට ලොකු හේතුවක් වෙනවා. මොකද පොහොට්ටුවේ කට්ටිය මේ නෙලුම් කුලුන ඡන්ද වේදිකාවට ගේනවා.රනිල් එදාට තේරුම් ගනී අපරාදේ විවෘත කෙරුවේ කියල.මේක විවෘත කරන දවසට රනිල්ට මොනවද කියන්න තියෙන්න මේ කුලුන ගැන .මහින්දට ඇරෙන්න වෙන කාටවත් කියන්න දෙයක් නැහැ.
මහජනයාගේ මුදල් කාටවත් කියන්න දෙයක් නැ .
දැන් අයිති ජනතාවට නිසා, ජනතාවට පුළුවන් කෑල්ල කෑල්ල කපල විකුණලා ගත්ත ණය ටික ගෙවලා දාන්න.
ඔය චීනෙන් ලැබුනා කියන 80% ණය නෙමේ කියල ශුවර්ද? මොකද ඔහොම කියන ඒවා පස්සේ බැලුවම පට්ට ණය.
අනුන්ගේ දේවල් තමන්ගේ වගේ රටට පෙන්නන්න මෙයා හපනා.
ඔබතුමාට අමතක ඇති 2015. ඒ දවස්වල සැහෙන්න කල දේවල් MR කතා කලත් පරාද වෙන්නයි උනේ. ඒ නිසා මේක ලොකු දෙයක් නොවේ .
ඕක චීනෙන් ගත්ත සියයට 7.5 පොලියට ගත්ත මුදලින් හදල තියෙන්නේ. පොළියයි ණය වාරිකයයි ගෙවන්නේ ඔය කුලුන යට නෙලුම් මල් විකුණලා ද ?
මතක තියාගන්න ඕවා මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි. ඒවා වලින් ගහන කොමිස් බෙදාගන්නේ ඔය කියන දේසපාලු හොර නඩේ .
මේක විවෘත කරන්න යන තුන්දෙනාටම විලි ලැජ්ජා නැහැ. අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට පුලුවන්ද කාට හරි හොරා කියල, ආපහු ඔහුත් එක්ක එකට උත්සවයකට සහභාගී වෙන්න? ඉතින් ඔවුන්ට ආපහු බලය දෙන්න ඕනද?
ජනතා අයිතියට පත් කලා කිව්වට මහ ජනතාවට ලගටවත් යන්න වෙන්නෙ නෑ. වැඩිම උනොත් පාර අයිනේ ඉදන් බලන් ඉඳලා එන්න වෙයි. නැත්නම් ගාන ගෙවල උඩට යන්න වෙයි. ඕකේ අවන්හලෙන් කන්න පඩි 3 ක් 4ක් එකතු කරන් එන්න වෙයි. මේවා හදල තියෙන්නෙ මහජනතාවට නෙමෙයි.රටේ දානපති එක කොටසකට විතරයි.
හොරෙක් නොවන්නේ නාගානන්ද පමණයි.
කොළඹ ලස්සන කරන්න, සංචාරක සිත් ඇදගන්න මේ වගේ දේවල් ඕන වෙනවා. ණය ගෙවන්න කියල පස්සේ විකුණන්න එපා.
කොළඹ ලස්සන කරන්න, සංචාරක සිත් ඇදගන්න මේ වගේ දේවල් ඕන වෙනවා. ණය ගෙවන්න කියල පස්සේ විකුණන්න එපා.
දැන් අපිට පැවරුවාම අපි මොකද කරන්නේ ? අට්ටාල ගහගෙන මුර කරන්න ඕනෙද ? මේක නඩත්තු කරන්න සල්ලි හොයාගන්න වෙයි නේද අපිට?
ජනතා අයිතියට පත්වෙනවා කියන්නේ වැඩ කරපු කම්කරුවෝ අයින් කරලා පාලනය කරන අය ඇතුලට ගන්න එකට.
මෙය විවෘත කිරීම සඳහා මහින්ද මහතා, ගොඨාභය මහතුන් සහභාගි කරගත් යුතුමයි.. මොකද මෙය ඔවුන්ගේම අදහසකි. ඔවුන් සහභාගි නොකර ගත්තොත් මහජනතාව වන අපි ඔතැනින් යනවිට කියන හිතෙන දේවලට අදාල පිරිසට වස්ත්‍රයක් ඇඳන් යන්න බැහැ.. ඉදිරියට කුළුණ තියනතාක්...
ඇති යාන්තම්... මම මේ බයේ හිටියේ මේක දකුණු ආසියාවේ විශාලතම කුලුණ වෙයිද නොවෙයිද කියලා... දකුණු ආසියාවේ විශාලතම නොවෙන කිසිම දෙයක් මේ රටට සුදුසු නැහැ. දකුණු ආසියාවේ විශාලතම මෝඩයෝ රංචුව ඇතුළුව...
ඔය උස කුළුනෙන් අපේ රටට වෙන යහපත මොකද්ද? රැකියා නැති අයට රැකියාවන්, ගොවිතැන් බත් කරන්න, මාර්ග වාහන තදබදය නැතිකරන්න පුලුවන්ද? නොදන්නා කමටයි ඇහුවේ.. දැන් ඉතින් චීනගේ 80% ණයට පින්සිද්ද වෙන්න රොත්ත බුරුත්ත පිටින්ම ඕක උඩ පැල් පදියන් ගහගෙන ඉන්දියාව දිහා, ඇමරිකාව දිහා ඇස් ගහගෙන නියමෙට ඔත්තු බලන්න පටන් ගන්නවා. ඕකේ තියෙන සමහර දේවල් අපේ අයට නොතේරෙන තරමටම සංකීර්ණ විදියට තමා නිපදවා සවිකර තිබෙන්නේ..!!! සමහර මැදිරි ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ට තහනම් කලාප හැටියටත් තිබෙන්නේ මොකද කියා දන්නා කෙනෙක් ඉන්නවා නම් මෙහි පැහැදිලි කරන්න පුලුවන්ද?
අපි ගෙවන බදුවලට මදි හරිය චීනෙන් අරගෙන මේ කුළුණ හදල තියෙන්නේ. කවුරු ඕපන් කළත් ඇත්ත ඕකයි. මේක මහජනයාට අයිති රටේ දෙපළකි. ඡන්ද ගුණ්ඩු දාගන්න දෙයක් නෙමෙයි. ඔන්න කලින්ම කිව්වා...