දකුණු ආසියාවේ විශාලතම කුලුන වන නෙලුම් කුලුන සැප්තැම්බර් 16 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
මීටර් 350ක් පමණ උස, තට්ටු 17කින් සමන්විත මෙම කුලුන නිර්මාණය සදහා අමෙරිකානු ඩොලර් මිලියන 104ක මුදලක් වැය වී ඇති බවද, චීනයෙන් ඉන් 80%ක වියදමක් දරා ඇති බවද පැවසේ. මෙය සුපිරි අවන්හල්, හෝටල්, ශ්‍රවණාගාර, රැස්වීම් ශාලා ආදී පහසුම්වලින් සමන්විතය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය.
(16844)


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.