Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2021 ජනවාරි මස 18 වන සඳුදා
(නිමන්ති රණසිංහ)
සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිට මෙරටට පැමිණි ඇවන්ට්ගාඩ් මැරිටයිම්ස් ආයතනයේ සභාපතිවරයා වන යාපා හෙට්ටි ආරච්චිලාගේ නිශ්ශංක යාපා සේනාධිපති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (17) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලින් මෙරටට පැමිණි අවස්ථාවේදීය.
එසේම, ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ පවතින නඩුව සඳහා මෙම සැකකරු අද (17) සවස 2.00ට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
sudda Thursday, 17 October 2019 12:46 AM
එතකොට දැන් දිල්රුක්ෂිටත් උසාවි එන්න වේවිද?
Reply : 1 87
අන්ජබජල් Thursday, 17 October 2019 02:21 AM
තව ටික දවසකින් ගෝඨාභයත් ඉවරායි...!!!
Reply : 1470 1358
chandi Thursday, 17 October 2019 05:28 AM
තව ටික දවසකින් ගෝඨා දින්නහම ඕවා ඉවරයි තමයි.
Reply : 27 271
Rasika Pradeep Thursday, 17 October 2019 09:34 AM
මේවා දේශපාලන වාසි බලාගෙන දාපු නඩු කියන එක දැන් හොඳටම පැහැදිලියි. ආර්ථික දැක්මක් නැති දේශපාලන බලවාදයම මූලික කරගත්ත කුහක දේශපාලනයක ඉත්තන් වෙන්න මේ මිනිස්සුන්ට සිද්ධ වෙලා. රටක විදේශ විනිමය ඉපැයීමට හැකි දේශීය ආයෝජන අවස්ථාවන් දියුණු කිරීම වෙනුවට මේ වගේ දේශපාලනික අරමුණු වෙනුවෙන් පාවාදීම කුමන දේශපාලනික කොනකින්වත් සාධාරනීකරණය කළ නොහැක්කක්.
Reply : 171 141
ajith Thursday, 17 October 2019 02:38 AM
ලංකාවේ සියලු මහජන නියෝජිතයන්ට හා නිලධාරීන්ට ඍජුව හෝ වක්‍රව කතා කිරීමට නීතියෙන් තහනම් කර තිබෙන 'වෙනම නිජබිමවල්', ස්වයං පාලනය වගේ මාතෘකා ගැන යෝජනා අපේක්ෂකයින්ට ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරන්නේ කොහොමද?
Reply : 117 444
nisha Thursday, 17 October 2019 02:42 AM
පසුගිය නඩු වාරයේදී ඔහු ලංකාවට පැමිණෙන බව අධිකරණයට දැනුම් දුන්නා වගේම ඔහුගේ පැමිණීමට බාධාවූ සියලු නියෝග අධිකරණය අහෝසි කළා.
Reply : 272 191
rocky Thursday, 17 October 2019 02:47 AM
ගෝඨාභය ආපු හැටියේ මිනිහා නිදහස්..! මිනිහව අත්අඩංගුවට ගත්තු නිලධාරීන් ගස්..!
Reply : 184 419
ranjith Thursday, 17 October 2019 02:51 AM
ලංකාව කියන්නේ අයාලේ ගිය රටක්... බුද්ධාගමේ ආරක්ෂාව අභිවෘද්ධිය ව්‍යවස්ථාවෙන් දක්වා තියෙන රටේ බුදු පිළිමයකට රත්තරන් දීලා හිරේ ඉන්න කොට බෝම්බ කරුට තඹ දීලා නිදහසේ ඉන්නවා. යුද ජයග්‍රහණය කතා කරන්න තහනම් රටේ නීතියෙන්ම තහනම් ස්වයන් පාලනය කතා කරන්න තහනමක් නැහැ. කාටද පිස්සු?
Reply : 706 855
Nuwan Thursday, 17 October 2019 06:14 AM
සහතික ඇත්ත.. නමුත් තවමත් තණකොළ කන ජන්ද දායකයෝ ඉන්න නිසා අවුලක් නැහැ හැමදාම ඔහොම තමයි
Reply : 4 52
jaaz Thursday, 17 October 2019 08:49 AM
බෝම්බකරුට තඹ දෙන්න ලියුම දීලා තියෙන්නේ ජනාධිපති, ශාන්ත බණ්ඩාර හරහා, හිස්බුල්ලා ඇමැතිකමෙන් අස්වෙලා ආණ්ඩුකාරකම් කළා. ශාන්තයා ඇමති වුණා...!!!
Reply : 0 8
raman Thursday, 17 October 2019 03:08 AM
තහනම් වචනය - දිල්රුක්ෂි ඩයස්.
Reply : 3 129
saliya Thursday, 17 October 2019 03:25 AM
සජිත් මැතිතුමනි, ඔබ දිහා මුළු රටම බලා සිටිනවා. ටී.එන්.ඒ යෝජනා ඉවතලන්න. අපි අපේ පක්ෂය අලුතින් ගොඩනගමු.
Reply : 525 353
Deepal Nirosh Thursday, 17 October 2019 03:26 AM
ගෝඨාට එන්න ලැබෙන්නේ කොහෙද? මේ ජයග්‍රහණයේ පළමු පියවර. මෙයාගෙ කට උත්තර අනුව තව ටික දවසකින් ගෝඨා ඉතින්... ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා කට ඇරියේ බොරුවට නොවෙයි..
Reply : 285 177
raman Thursday, 17 October 2019 04:16 AM
එතකොට දිල්රුක්ෂිව සාක්කියට කැඳවලා ඔය නඩුව දාන්න කිව්වේ කවුද කියන එක ඇහුවම මොකද වෙන්නේ.
Reply : 0 67
raman Thursday, 17 October 2019 04:17 AM
ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා කට ඇරියේ බොරුවට නොවෙයිද? හේශානම් ඉතින් අම්මවයි තාත්තවයි ජම්පර් අන්දන්නත් අරීවී. මතකනේ ඔය පුතා ඒ දෙන්නව උසාවි ඇරලා තමුන් මගහැරපු හැටි. ඒ නිසා අපි එයා ගැන කතානොකර ඉම්මු.
Reply : 45 86
ruwan Thursday, 17 October 2019 03:45 AM
සජිත් මැතිතුමනි ඔබ දිහා මුළු රටම බල සිටිනවා. ටි එන් ඒ යෝජනා ඉවතලන්න. අපි අපේ පක්ෂය අලුතින් ගොඩනගමු.
Reply : 165 239
Sanka Thursday, 17 October 2019 07:45 AM
සජිත් මැතිතුමා දිනන එක නම් ඉර හඳ වගේ විශ්වාසයි...මොකද රට පුරාම ඡන්ද රැළිවල ඉන්න සෙනඟ දැක්කම කෙලින්ම කියන්න පුළුවන්. අනික ගෝඨා පිළිගත්තා යුද්ධය දිනුවේ සරත් ෆොන්සේකා.. යුද්ධය මෙහෙයවපු නිසා කියලා. ඉතින් සජිත් දිනුවම, සරත් ෆොන්සේකා හමුදාපති කළාම මුළු රටම ආරක්ෂිතය්. සජිත්ට ජයෙන් ජය....
Reply : 19 309
sudda Thursday, 17 October 2019 08:33 AM
ටීඑන්ඒ සහ ඔවුන් පසුපස ඉන්න කොටින්ටත් ජයෙන් ජයද? දැන් හිතන්න වෙනවා අර මැලේසියාවේ ආණ්ඩුව කියන දේ ඒ රටේ කොටි සල්ලි එකතු කරනවා කියලා...
200 19
wijesinghe Thursday, 17 October 2019 03:50 AM
පාරම්පරික පාක්ෂිකයන් ඈත් වුණු ප්‍රධානම හේතුව රනිල්ගේ කොටි හිතවාදී බව. ඒ නිසා ටී.එන්.ඒ යෝජනා ඉවතලන්න ඔබ රැකගන්න අපි සුදානම්...
Reply : 82 129
disasekara Thursday, 17 October 2019 04:34 AM
ගෝටට රන්වික්‍රම පදක්කම් දුන්නේ ඔබතුමාගේ පියා. එතුමා අනුස්මරණය කරන්නට ටි එන් ඒ යෝජනා ඉවත දාමු . රනිල්ගේ ඇම ගිලින්න එපා.
Reply : 3 118
sam Thursday, 17 October 2019 05:37 AM
ඒ කියන්නේ තාත්තගේ පුතා නේද? තාත්ත යුද්ධය දීපු නිසා පුතාත් මොනවහරි දෙන්න ඕන ඇති. චී චී, යුද්ධේ අන්තිමේදී කිව්ව දේවල් දැන් මතක නැහැ වගේ.
68 9
Uditha - Lodnon Thursday, 17 October 2019 04:45 AM
අලුත් නාට්‍යක්...
Reply : 0 123
මුණසිංහ Thursday, 17 October 2019 06:22 AM
දැන් ඉතින් ආණ්ඩුවේ මැති-ඇමැතිවරුන්ගේ පටි ගැලවෙනවා. සේනාධිපති ඔක්කොම වමාරයි. පහුගිය ඡන්දයේදී එයාගෙන් සල්ලි ගනිපු අය ගැන. ගාල්ලේ ඇමතිවරයෙකුත් ඒ ලැයිස්තුවේ උඩින්ම ඉන්න බව ආරංචියි...
Reply : 0 121
sirimal Thursday, 17 October 2019 08:07 AM
අපරාදේ දැන් අවේ. ලබන මාසේ 17 ආවානම් මල් මාලා දාල පිළිගන්න තිබුන.
Reply : 0 38
sumith Thursday, 17 October 2019 08:38 AM
අනේ මල විකාර..., අපට මොකෝ කවුරු හිරගෙදර ගියත්.., එක නොවේ කතාව දැන් ලොකු ළූණු කිලෝවක් රුපියල් තුන්සීය පැනලා...
Reply : 2 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.