IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


නිවාස අමාත්‍යාංශයේ ප්‍රචාරයට කෝටි 57 ක්

(විනීතා එම් ගමගේ)

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය නිවාස ණය ආධාර ලබා දීමේ දී බරපතල අක්‍රමිකතා සිදුව ඇති බව විගණන පරීක්ෂණවලදී හෙළිවී ඇති බැවින්, ඉදිරියේ දී නීතිමය පියවර ගන්නා බවත් නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා ප්‍රකාශ කළේය.

නාගරික සංවර්ධන අමාත්‍යංශ්‍ය යටතේ අති විශාල මුදලක් ප්‍රචාරණය සඳහා වැය කොට ඇතැයි කී ලේකම්වරයා නාගරික සංවර්ධන අධිකාරිය  හරහා උත්සව හා ප්‍රචාරක වියදම් ලෙස රුපියල් මිලියන 348 ක් වැය කර ඇති අතර අමාත්‍යංශයෙන් මිලියන 150 ක් මෙන්ම ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව හරහා මිලියන 101 ඇතුළුව මිලියන 570 ක් පමණ ප්‍රචාරණ වියදම් ලෙස වියදම් කර ඇති බවත් මෙම මුදල් නාස්ති කරන්නේ නැතැයි කී සමහරු ඒවා වියදම් කර ඇති ආකාරය මෙන්ම ඒ කර ඇති ප්‍රචාර මොනවාදැයි බැලූ විට පුදුම එළවන සුළු යැයි ද කීය.

කිසිඳු සොයා බැලීමකින් තොරව ණය දීම්, අවිධිමත් නිවාස ඉදිකිරීමට ණය දීම් ඇතුළු අක්‍රමිකතා රාශියක් වී ඇති බවත් ඒවා පිළිබඳවද නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු කියා සිටියේය.

සමහර ව්‍යාපෘතිවල ණය ගත් අයගේ තොරතුරු පවා සොයාගත නොහැකි යැයි ද ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව හරහා සිදුවූ වංචා දූෂණවල මිල දී ගැනීම්වල සිදුවූ අඩුපාඩු ඇතුළු  සිද්ධීන් රාශියක්  පිළිබඳව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා තොරතුරු සොයමින් සිටින බව ද ඔහු කීය.

අධ්‍යක්ෂ මණ්ඩලය කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත්ව යම් යම් දේවල් කර ඇති බවත් මිලදී ගැනීම්පවා සිදුකර ඇති බවත් ඒවා පිළිබඳ විධිමත් පරීක්ෂණ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගත් බවත් ඔහු සඳහන් කළේය.

ප්‍රියත් බන්දු වික්‍රම මහතා මේ අදහස් පළ කළේ නාගරික සංවර්ධන අධිකාරියේ අද (31) පැවති මාධ්‍ය හමුවකදී ය.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා කොළඹ ප්‍රධාන හරිත නගරය ලෙස සංවර්ධනය කිරීමටත් තවත් නගර දහයක් ප්‍රධාන නගර ලෙස සංවර්ධනය කිරීමටත් නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇතැයි ප්‍රකාශ කළේය.

නිවසක් සිහිනයක් වී තිබූ ජනතාවට රුපියල් ලක්ෂ 10 සිට අලෙවි කරන නිවාස ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇති බවත් නිවසක් ලබා ගැනීම සඳහා 6.5 පොලියට ලක්ෂ විසිපහක ණයක් නිවාස නැති පිරිසට ලබා දීමට පියවර ගන්නා බවත් ඔහු කියා සිටියේය.

රටේ ඉඩම් ප්‍රශ්නය විසඳෙන පරිදි මෙන්ම අනාගත පරපුරට ඉඩම් ඉතිරි වන පරිදි ඉඩම් පරිහරණය කිරීමේ ප්‍රතිපත්තියක් ඇති කරන බවත් පහසුකම් නැති කුකුල් කූඩු නිවාස ඉදිකිරීම නවතා නිවාස ඉදිකිරීමේ දී සියලු පහසුකම් සහිත නිවාස ඉදිකරන බවත් ඔහු කියා සිටියේය.

එකී නිවාසවලට සියලු අවශ්‍ය පහසුකම් ද අරම්භ කරන බවත් මෙම විධිමත් නිවාස ව්‍යාපෘතිවල පළමුවැන්න නුවරඑළිය නගරයේ ආරම්භ කරන බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර පසුගිය කාලය පුරාවට අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ රාජ්‍ය මුදල් භාවිතා කරන ව්‍යාපෘති වල නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගෙන ක්‍රියාත්මක කරන බවත් හෙතෙම සඳහන් කළේය.

පහත්බිම් සංවර්ධන සංස්ථාව විසින් කොළඹ ජලයෙන් යට වීමේ ප්‍රශ්නය සම්පුර්ණයෙන්ම විසඳීමට පියවර ගෙන ඇතැයි ද වේරැස් ගඟ ව්‍යාපෘතියේ නඩත්තු කටයුතු නොකිරීම  නිසා කොළඹ දකුණ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් යට වූ නමුත් ඉදිරියේ දී එසේ යට නොවනු ඇතැයි ද වේරැස් ගඟ ව්‍යාපෘතියේ ඉදිකිරීම් නඩත්තු කිරීමට පියවර ගත් බවත් හෙතෙම කියා සිටියේය.

රටේ සමස්ත ජනතාවටම පානීය පිරිසිදු ජලය ලබාදීමට සියලු පියවර ගෙන ඇතැයි ද අනුමත ව්‍යාපෘති 24 ක් අවලංගු කොට මෙරට ඉංජිනේරුවන්ගේ සැළසුම් මත ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ව්‍යාපෘති 40 ක් ආරම්භ කරන්නට අවශ්‍ය පසුබිම සකසා ඇති බවත් ඉදිරි වසර 3 ඇතුළත මේ  ව්‍යාපෘති ඇරඹෙනු ඇති බවත් බන්දු වික්‍රම මහතා කියා සිටියේය.

රජය ඒ වෙනුවෙන් ආසන්න වශයෙන් රුපියල් බිලියන 900 කට ආසන්න මුදලක් වැය කරන්නේ යැයි ද ඔහු සඳහන් කළේය.

මාදිවෙල තෙක් සැහැල්ලු දුම්ර්ය මාර්ගය ඉදිකිරීමේ ජපාන රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යපෘතිය නවතා වඩාත් සහනදායි ලෙස එම ව්‍යාපෘතිය ආරම්භ කරන බවත් ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමට බලාපොරොත්තු වන බවත් වික්‍රම මහතා කීය.

සාමාන්‍ය සැහැල්ලු දුම්රිය මාර්ගයක ඇති දුම්රිය මාර්ගයට වඩා තරමක් පළලට මාර්ගය ඉදිකිරීමට හා  එහි ඉදිකිරීම් සඳහා වගුරක් තෝරාගෙන තිබූ බවත් එය වෙනස් කොට වියදම් අඩු කිරීමට කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේය.

වරාය නගරය මෙන්ම තවත් ප්‍රදේශයක් රටට එකතු කොට කොළඹ නගරය තුළ හරිත නගරයක් ඇති කරන බව ඔහු සඳහන් කළේය.

අවම වශයෙන් හෙක්ටයාර් 120 ක හරිත තීරයක් එක් කරන්නට පියවර ගන්නා බව කී වික්‍රම මහතා මේ හරහා ජනතාවට විනෝදාස්වාදය මෙන්ම ආර්ථිකය නංවාලීමේ වැඩ පිළිවෙලක් වනු ඇතැයි ද ප්‍රකාශ කළේය.

එමෙන්ම බෝගම්බර හිර ගෙදර සම්බන්ධව කථාබහට ලක්වූ ආයෝජන මණ්ඩල ව්‍යාපෘතිය කොළඹට ගෙන එන්නටත් එය කොටුවේ ඕලන්ද කෞතුකාගාරය මෙන් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවත් කී වික්‍රම මහතා එයින් විශාල ජනතාවකට ප්‍රතිලාභ ලබාදෙන්නට හැකි අන්දමේ ව්‍යාපෘතියක් වනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

ආයතනවල ඇති අඩුපාඩු නැති කර රටට වැඩ කරන ආයතන ජනතාව රස්තියාදු නොකරන ආයතන බවට පත්කිරීමේ සියලු පියවර ගෙන අවසන් යැයි ද ප්‍රියත් බන්දු වික්‍රම මහතා කියා සිටියේය.

 

 



අදහස් (8)

නිවාස අමාත්‍යාංශයේ ප්‍රචාරයට කෝටි 57 ක්

විජිත් Friday, 31 July 2020 02:59 PM

ප්‍රියත් බන්දු වික්‍රම කියන්නේ කවුද...? මැදමුලන අයත් එක්ක රට කාපු.. කෙනෙක්....!!! මගේ ළඟ මිනිහාගේ ෆයිල් ඔක්කොම තියෙනවා. වෙලාවට දාන්නම්. හැබැයි "රජාගේ "කීමට මෙයා මේ ප්‍රකාශය කළාට.. අනාගත රජයෙන් මෙයාට බේරුමක් වෙන්නේ නැහැ. රජාට කලින් මිනිහාව කූඩුවට දක්කනවා...

:       570       4209

nandana - hambanthota Friday, 31 July 2020 04:23 PM

අපි නොදන්නා ආචාරියා... හම්බන්තොට හාබර් එකෙන් හොඳට හම්බකරගත්තා මහින්දට පින්සිද්ධ වෙන්න. මේ මනුස්සයා ඉස්සර ඉස්කෝලේ ගිහින් තියෙන්නෙත් මහින්දලාගේ තංගල්ලේ ගෙදර ඉඳලා...

:       0       0

jim kuru Friday, 31 July 2020 11:54 PM

හම්බන්තොට වරායෙන් ගසාකෑවා මතක නැද්ද?

:       0       0

ranjith Saturday, 01 August 2020 12:56 AM

දෙපැත්තෙන්ම අනෙක් අයගේ හොරකම් ගැන කියලා ජනතාව මුලාකරලා ඡන්ද ගන්නවා දෙපැත්තේම අය. කාටවත් දඬුවම් දෙන්න කටයුතු කරන්නේ නෑ. මිලියන, බිලියන තමයි. ඒ වුණාට අහිංසක මිනිහෙක් කරන පොඩි සිල්ලර වංචාවලට නම් දඬුවම් හොඳට තියෙනවා. ඉන්න හිතෙන රටක් කියලත් තව කයිවාරු ගහනවා.

:       0       0

Pradeep Saturday, 01 August 2020 09:52 AM

මෙයා හම්බන්තොට වරාය විවෘත කරන කොට ගහපු ගැහිලි ටිකම මීටත් වැඩි වෙනකොට හරිනම් හිරේ ඉන්න ඕනේ... දැන් බයිලා කියවනවා.

:       3       205

Buddika Saturday, 01 August 2020 11:54 AM

ප්‍රියත් බන්දු මැදමූලනේ රෙදි හෝදනවා. ජුනි මාසයේ මුල්සතියේ දවසක අනුරාධපුර නුවරවැව හෝටලයට මෙයා දවල් කෑමට සංචාරකයොත් එක්ක ආවා. USA සභාපතිත් හිටියා. ඇවිත් කනගමන් ඡන්දෙ කරන විදිහ ගැනයි කතාකළේ. 20ක් විතර පිරිසක් එක්ක කාලා රජයේ වියදමින් බිලගෙවලා ඡන්ද වැඩවලට ගියේ. මේ අය තමයි රටේ සල්ලි කන්නේ.

:       1       110

Lakmal Saturday, 01 August 2020 01:32 PM

USA සභාපති කියන්නේ කවුද මහත්තයෝ?

:       0       4

Bamunuarachchi Wednesday, 05 August 2020 05:09 AM

සංස්කෘතික අරමුදලේ සල්ලි නේද මේ.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 125 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 75 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site