(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලයේ සංචාරකයට පැමිණි අකුරණ ප්‍රදේශයේ තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ නාමින් සිටියදි ගසාගෙන ගිය හයදෙනෙකු දැඩි පරිශ්‍රමයකින් පසු බේරාගැනිමට ත්‍රිකුණාමල පොලිස් ජිවිතාරක්ෂක කොස්තාපල්වරුන් දෙදෙනෙකු හා නිලාවේලි නාවික නෞකා විජයබා කදවුරේ වෙරළාරක්ෂක භටයන් සිවු දෙනෙකු සමත්වුහ.
බේරාගෙන ගොඩ බිමට මෙම පිරිස රැගෙන ඒම සදහා සංචාරකයන් ප්‍රවාහනය කිරිමට වෙරලේ සිටි බෝට්ටුකරුවෙකුද සිය බෝට්ටුව රැගෙන එම අවස්ථාවේ සහයදිම නිසා නිරුපද්‍රිතව ගොඩට ගෙන එන ලද පිරිසෙන් අයෙකුගේ තත්වය බරපතල බැවින් නිලාවේලි ප්‍රාදේශිය රෝහලටත් වැඩිදුර ප්‍රතිකාර සදහා ත්‍රිකුණාමලය මහා රෝහලටත් රැගෙන එනු ලැබිය.
මෙසේ රෝහල්ගත කරන ලද්දේ අකුරණ පදිංචි මොහොමඩ් අස්වර් මොහොමඩ් සාදික් (16) නැමැති අයයි.
බේරාගත් සෙසු අය වන්නේ අකුරණ පදිංචිකරුවන් වන එම්.එම්.මුබාරක් ( 28),මොහොමඩ් අක්‍රම් (16),මොහොමඩ් යූසුප් (17) , එම්.උස්මාන් (18), හා එම්.එන්.එම්.නූහූඩ් (19) නැමැති අයයි.16 දෙනෙකුගෙන් සමන්විත මෙම තරුණ පිරිසෙන් දස දෙනෙකු මුහුදට බැස දිය නාමින් සිටියදි මෙම අනතර සිදු වි තිබුණි.
පොලිස් ජිවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක මනෝජ් ආරියරත්න මහතාගේ මෙහෙයවිම යටතේ වෙරලේ රාජකාරියේ නියුතු කොස්තාපල් වරුන් වන (62730) මිස්කින්, (73490) රසික යන දෙදෙනා සමග විජයබා නාවික කදවුරේ වෙරලාරක්ෂක භටයන් සිවුදෙනා දිය රළකට අසුවි ගසාගෙන යන පිරිස ආධාර ඉල්ලා කෑගසද්දි ක්ෂණිකව ක්‍රියාත්මක වි මෙම ජිවිත බේරාගෙන තිබුණි.
බේරාගත් පිරිසට ගොඩබිමේදි ප්‍රථමාධාර ලබාදි ප්‍රකෘති තත්වයට පත්කිරිමට මෙම පිරිස කටයුතු කර තිබුණි.


2025 දෙසැම්බර් මස 18
225
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
975
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිලාවැලි මුහුදේ ගසාගෙන ගිය 6 ක් බේරා ගැනෙති
Senarath Sunday, 24 June 2018 09:24 AM
ඉතාම වටිනා ක්‍රියාවක්. තමන්ගේ ජිවිතත් අනතුරට පත්වෙන්න පුළුවන් බව දන දැනම, ඉදිරිපත්වෙලා මේ තරුණ ළමයින්ව බේරා ගැනීම. අපේ ආචාරය මේ විරුවන්ට.