ඩබ්ලිව්.ඒ. අසේල

කොරියාවේ සිට පැමිණි කලුතර   තරුණයකුට ස්වයං නිරෝධනයට ලක්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී තිබියදී හොර රහසින් පැන ගොස් මහනුවර මයිලපිටිය පදිංචි ඔහුගේ පෙම්වතියගේ නිවසේ සිටියදී තලාතුඔය පොලිසියේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

තලාතුඔය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මොහු පිලිබද සොයා බලා ඔහුට මයිලපිටිය නිවසේදී  අද සිට දින 14 ක් නිරෝධානයේ යෙදෙන ලෙස  තලාතුඔය පොලිසිය හා පදේශයේ සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දුන් බව තලාතුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ කිෂාන්ත මහතා පැවසීය.