IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


නිරෝධායනය අවසන් කළ අයෙක් කොරෝනා ආසාදනය වී රෝහලේ

(ඩී.ජී.සුගතපාල)
 
කොරියාවේ සේවය කර පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්වී පසුගිය 24 වැනදා සිය නිවෙස්වලට ගිය පුද්ගලයින් අතරින් කලුතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනයවි ඇති බවට අනාවරණයවිමෙන් පසු එම පුද්ගලයා සමග බස් රථයේ පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ හය දෙනෙකු ද පරික්ෂණ සඳහා අද (04)දින  රෝහල් ගත කර ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
 
මෙම හය දෙනාගෙන් එක් අයෙකු මාතර කොටවිල ලැබීම රෝහලටද අනෙක් පස් දෙනා කාරපිටිය රෝහලටද ඇතුලත් කර ඇත.
 
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවේ මෙම හය දෙනාටද කොරෝනා වෛරසය වැළඳි ඇතිදැයි තහවුරු කර ගැනිම සඳහා පී.සි.ආර්.පරික්ෂණය කිරිමට මෙසේ රෝහල් ගත කල බවය.



අදහස් (7)

නිරෝධායනය අවසන් කළ අයෙක් කොරෝනා ආසාදනය වී රෝහලේ

de silva Saturday, 04 April 2020 01:36 PM

අනිවාර්යයෙන් නිරෝධන මධ්‍යස්ථානය ඇතුලෙදි හෝ ප්‍රවාහනය කරන බස් රියක් තුලදී බෝ වෙන්න ඇති , 20-30 එක හෝල් එකක එකට නිරෝධනය කරනකොට බෝ වීමේ අවස්ථාව වැඩියි. සමහරුන්ට කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැතුව රෝගය හැදිලා සුව වෙනවලු... එහෙම කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝ වෙන්න පුළුවන්... ඉදිරියට නිරෝධනය කරනකොට ඔය වහල තිබෙන සංචාරක හෝටල් ඒ සදහා ගන්න.... සංචාරක හෝටල් හිමිකරුවන්ගෙන් කිහිප දෙනෙක් ඒවා ලබාදෙන්න කැමති වෙලා තිබෙනවා. ඒවගේ කාමර වෙන් වෙනම තිබෙන නිසා බෝ වීමේ ප්‍රතිශතය අඩුය....

:       121       158

lalithm Saturday, 04 April 2020 04:17 PM

වැඩි සැප දෙන්න ගියොත් තව මොනවා හදා ගනීවිද?

:       121       9

wije Saturday, 04 April 2020 04:31 PM

මෙහෙම බලනකොට නිරෝධායනය අවසන් කරලා ගිය අනෙක් කට්ටිය ගැනත් නැවත වරක් හොයලා බලන්න වේවි නේද? තව දෙයක් මෙයා නිරෝදයනයෙන් පස්සේ නිවසට ගිහින් තියෙන්නේ මාර්තු 24 නමුත් මෙයාට වෛරසය අසාදනය වෙලා කියලා දැනගෙන තියෙන්නේ අප්‍රේල් 3 වෙනිදා.... එනිසා හොදට හොයලා බලන්න මෙයා 24 නිවසට ගිය දිනයේ සිට 3 වෙනිදා දක්වා ඇසුරුකළ කට්ටිය කවුද කියලා සමහරවිට මෙයා නිරෝගිව ඉන්නකොට ඇසුරුකළ අයෙක්ගෙන් අසාදනය වුනා වෙන්නත් පුළුවන් නේද? ඇසුරුකළ සියලුම දෙනා පිලිබදව සොයා බලන්න වෙනවා. තව දුරටත් ඉදිරියේදී නිරෝදායනය කරන කාලය දින 14ක් නොව 21ක් දක්වා දීර්ග කරන්න.

:       0       31

banda Saturday, 04 April 2020 04:38 PM

අනිවාර්යයෙන්ම නිරෝධයනය අවස්ථාවේදී කොරෝන හැදිලා තියෙන්නේ

:       1       2

chandima Saturday, 04 April 2020 04:44 PM

දවස් 14 පසුවෙලාත් මුළුමනින්ම නිරෝධායනය සිදු නොවිය හැකි බව විදේශ පුවත් වල තිබුන. ඒ වගේම වාතයෙන් පැතිරීම ආදී 20 - 30 දක්වා දුරක් විය හැකි බවත් පලවී තිබුන. රෝගලක්ෂණ කිසිවන් නොපෙන්වන කෙනෙකුගෙන් උනත් මෙය පැතිරිය හැකියි. ඒ බැවින් අර සියලු දෙනාටම නිදහසේ රෝගය පැතිරීමට හැර අවශ්‍ය වන වෙන්ටිලේටර ප්‍රමාණය සුදානම් කරගෙන තබගත්තනම් වඩාත් ඉක්මනින් රෝගය තුරන් කල හැකියි. මුළුමනින්ම රෝගය තුරන් වුව යයි කියන ප්‍රදේශ වලත් රෝග ලක්ෂණ නොපින්වන ආසාදිතයන් සිටිය හැකියි. ඇඳිරි නිතිය ඉවත් කල පසුව නැවතත් නැවතත් ඔවුන්ගෙන් විශාල ලෙස පැතිරීමක් විය හැකියි නේද?

:       1       1

sampath Saturday, 04 April 2020 04:49 PM

මත හිතන්නේ තවන් දාලා නිරෝධයනය ඉතාමත් අසාර්ථකයි හොදම දේ ස්වයං නිරෝධයනය ඒ නිසා මේ නිරෝධයනය ක්‍රමවේදය වෙනස් කරන්න වෙයි වගේ

:       1       2

banda Saturday, 04 April 2020 05:07 PM

දැන් මේකට වග කියන්න ඕන කවුද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 964 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1024 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 407 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site