IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නැ’හිර ජැටිය බදුදෙනවාට ඇමැති ප්‍රසන්නගෙන් විරෝධයක්

(ඡායාරූප - ශාන්ත රත්නායක)

(තිළිණි ද සිල්වා)

කොළඹ වරායේ  නැගෙනහිර ජැටිය විකිණීමට තමාද  විරුද්ධ යැයිද සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ජාතික සම්පත් විකිණීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවත්,  රටට ආයෝජන ගෙන ඒම ජාතික සම්පත් විකිණීමක් නොවන්නේ යැයිද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 4 වන සංවත්සරය වෙනුවෙන් , උඩුගම්පළ නගරයේ  ඊයේ (23) පැවති මිනුවන්ගොඩ ආසන සමුළුවේ දී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසූයේ පසුගිය ජනාධිපතිවරණයේ දී හා පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලැබුණු ජනවරමට පිටුපෑමට ආණ්ඩුව කටයුතු නොකරන බවත් , එම ජනවරමට හානි වන කිසිදු තීන්දුවක් ජනාධිපතිවරයා, අගමැතිවරයා ‍හෝ ආණ්ඩුව නොගන්නා බවට ද  අමාත්‍යවරයා එහිදී ජනතාව හමුවේ සහතික වෙමින් කියා සිටියේය.

රජය කවදාවත් දේශීය සම්පත් විකිණීමට ඉඩනොදෙන බවත් , රජයේ ප්‍රතිපත්තිය ජාතික සම්පත් සුරැකීම මිස, විකිණීම නොවන හෙයින් වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට ඉඩනොදෙන බවද , අමාත්‍යවරයෙකු ලෙස තමාද ඊට විරුද්ධ බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීවේය.

යහපාලන ආණ්ඩුව විසින් විකිණූ හම්බන්තොට වරාය නැවත පවරා ගන්න රජය කටයුතු කරගෙන යන බවත් , ඒ වෙනුවෙන් විශාල වන්දියක් ගෙවිය යුතු බැවින් ඊට අදාළව ගත යුතු පියවර ගැනත් ආණ්ඩුව අවධානය යොමු කර ඇතැයිද හෙතෙම කීය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ උපාධිධාරීන් 59,000කට රජය රැකියා ලබා දුන් බවත් ,  අ.පො.ස සාමාන්‍ය පෙළ අසමත් අඩු ආදායම් ලාභී පවුල්වල අය ලක්ෂයකට රැකියා දෙන වැඩපිළිවෙලක් යටතේ ඉන් 40,000කට පමණ රැකියා දීමට රජයට හැකියාව ලැබුණු බවද අමාත්‍යවරයා කීය.

මේ රටට සංචාරකයන් ගෙන්වා ගැනීමට කටයුතු කරනා විට ,පිටරටවල ඉන්න අපේ රටවිරුවෝ ගෙන්වා ගන්නේ නැතැයි විපක්ෂය චෝදනා කළත් ,මේ වනවිට 70,000කට වැඩිය විදේශ ශ්‍රමිකයන් ලංකාවටගෙන්වා ගත් බවද අමාත්‍යවරයා කියා සිටියේය.



අදහස් (10)

නැ’හිර ජැටිය බදුදෙනවාට ඇමැති ප්‍රසන්නගෙන් විරෝධයක්

qatar sita Sunday, 24 January 2021 11:22 AM

ලංසා ඇමැතිවරයා කියනවා මේක රජයේ ස්ථාවරය කියලා. එතකොට ප්‍රසන්න මහතා කියනවා එයා ඒකට විරුද්ධයි කියලා. රජයේ ස්ථාවරය කොහොමද එහෙම වෙන්නේ..? මණ්ඩලය ඇතුළේත් කචල් නම්...

:       0       0

Ruhunu Sunday, 24 January 2021 11:38 AM

ඔයාලා නැවත එන්නකෝ මනාප හිඟාකන්න.

:       0       0

pradeepa Sunday, 24 January 2021 11:39 AM

වචන නම් වැඩක් නැහැ. විරුද්ධයි කියලා ක්‍රියාවෙන් තමයි පෙන්නන්න ඕනෑ.

:       0       0

විජිත් Sunday, 24 January 2021 01:45 PM

නැවක් ගිලෙන්න කිට්ටු වෙනකොට, ඒ නැවේ ඉන්න මීයෝ අන්තිම පෝට් එකේදී හිමින් සැරේ ගොඩබිමට මාරුවෙලා ජීවිතය බේරාගන්නවලු. දුශ්ශීල ජූජක බමුණන් ලවා මිනිසුන්ට බොරු කියලා, ඔවුන්ව මුලාකරලා බලය ගත්තත්, දැන් රට කරගෙන යන්න බැරිබව හොඳින්ම වටහාගෙන ඇති මේවාගේ සටකපට දේශපාලුවන් මේ ලැහැස්ති වෙන්නේ මොකකටද කියලා දැන් රටේ මිනිස්සු අවබෝධයෙන් ඉන්නේ...

:       0       0

De Sunday, 24 January 2021 02:53 PM

බොහෝම ස්තුතියි ඔයාට... !!! 

:       0       0

Prasad Sunday, 24 January 2021 03:02 PM

ඕවා තැන් තැන්වල කියලා වැඩක් නැහැ. පිටකොන්දක් තියෙනවා නම් ‘රෙස්පෙක්ට්‘ සර්ගේ ඉස්සරහට ගිහින් කියන්න.

:       0       0

banda Sunday, 24 January 2021 03:36 PM

මේ අයගේ බොරු විරෝධයත... රජයට එන මහජන විරෝධය අඩුකරන්න තමයි මේ උදවිය පත්කර ඉන්නේ..

:       0       0

Namal Sunday, 24 January 2021 04:27 PM

ගෙනාව අයගෙන් කී දෙනෙක් හෝටල්වල නිරෝධායනය කරලා අසරණ කළාද? ඇයි බැරි ගෙවල්වල නිරෝධායනය වන සේවාවක් හදන්න. රටවල් වල කොච්චර අසරණ මිනිස්සු ඉන්නවද? කරුණාකර මේ අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න... හෝටල් නිරෝධායනය නවත්වන්න.

:       0       0

pradeep Monday, 25 January 2021 02:46 AM

විදෙස් ශ්‍රමිකයින් ගෙන්වන හැටි ඔබතුමා නොදැන හිටියට විදෙස් රැකියාවල නියැලී සිටින අය සහ ඔවුන්ගේ පවුල් වල අය හොඳටම දන්නවා. වෙනදා වැය කළ මුදල මෙන් හතර පස් ගුණයක් ගුවන් ටිකට් පතට වියදම් කරන්න ඕනෑ. දවසකට රු. 12500.00 බැගින් දවස් 14කට හෝටල් බිල ගෙවන්න ඕනෑ. පීසීආර් පරීක්ෂණ දෙකක් සඳහා මුදල් ගෙවන්න ඕනෑ. දැනට ඔය ඇවිල්ලා ඉන්නේ එහෙම මුදලක් දරන්න පුලුවන් අය විතරයි. තවත් අසරණ වූ බොහෝ පිරිසක් විවිධ රටවල් වල ඉන්නවා. ඒ නිසා රටේ ජනතාවට ඇත්ත තත්වය පහදලා දෙන්න බොරු සුරංගනා කතා නොකියා...

:       0       0

69lakshaya Monday, 25 January 2021 04:01 AM

ඇමැතිතුමෝ ඔය කතා වැඩක් නැහැ. අපේ ලංසා ඇමැතිතුමා කියලා තියෙනවා කවුරු විරුද්ධ වුණත් වරාය බදු දෙනවා, දෙනවාමයි කියලා.. විරුද්ධ වුණොත් දන්නවනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31209 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13367 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10970 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 71 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 905 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 272 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site