( ලහිරු හර්ෂණ සහ නිමන්ති රණසිංහ)
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානී හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාට ඇප ලබා දීමට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.
මුදලින් රුපියල් 25000 ක් සහ ලක්ෂ 50ක ශරීර ඇප දෙකක්ද නියම කෙරිණි.
එමෙන්විම දේශ ගමන් තහනම් කළ අතර එය ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසද නියෝග කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට සැළසුම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන මාස 07 ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.




(ඡායාරූප - ලහිරු හර්ෂණ )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප ලැබුණාම ලෙඩ සනීප වෙනවලුද එක පාරටම?
හරිම සනීපයෙන් ලෙඩක් දුකක් නොමැතිව ඇතුළට ගිය මනුස්සයෙ රෝද පුටුවෙන් එළියට එන්න වුනේ මොනවා වෙලාද?
කරන කලට පව් මිහිරිය මී සේ... විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ මොන මොන සෙල්ලන් දැම්මත් පාපයක් කලොත් අනිවාර්යයෙන්ම ගෙවන්න වෙනවා ධර්මය සත්‍යයි... බුදුදහමේ බලය සත්‍යයි. පාපයේ ගැලී ජීවත්වී දිනු කෙනෙක් නෑ... ඒ සතුට බොහොම කෙටියි සදාකාලික නෑ.. පටිසන් දෙන්න ගත්තම කෙළවරක් නෑ...