(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ඊ.ටී.අයි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික නාලක එදිරිසිංහ මහතා අද(6) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඔහු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
ඊ.ටී.අයි තැන්පත්කරුවන්ගේ රුපියල් බිලියන 13.7 ක මුදලක් වංචා සහගත ලෙස ලබා ගැනීම හා මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ ස්වර්ණමහල් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් ඊයේ පොලිස්පතිවරයාට නියෝග කරන ලදී.
ඒ අනුව ඊ.ටී.අයි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන අසංක එදිරිසිංහ , ජීවක එදිරිසිංහ හා අංජලී දීපා එදිරිසිංහ යන සාමාජිකයින් ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි .
එහෙත් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් නියෝග කළ නාලක එදිරිසිංහ මහතා ඊයේ දිනයේදී අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බැවින් ඔහු අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
අලුත්ම නාටකය EAP සිනමාහල්වල...
අසරණ මිනිස්සුන්ගේ මිලියන ගණන් මුදල් හොරාකාපු අයට හොඳ පාඩමක්... මේ කරන හොරකම් කොහෙන් හරි නවත්තන්න ඕනේ.