
(පාලිත ආරියවංශ)
මිතුරන් 6 දෙනෙකු සමග පැමිණ බදුල්ල නාරංගල කන්දේ රාත්‍රී කූඩාරමක් ඉදිකර එහි දිකර රාත්‍රිය ගත කරමින් සිටියදී ඊයේ (26) රාත්‍රී අතුරුදන්වූ තරුණයෙකු මෘත දේහය එම කන්දේ ප්‍රපාතයක තිබී අද (27) දහවල් සොයාගෙන තිබේ.
යුද හමුදාව සහ පොලිසිය සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ප්‍රපාතයේ තිබූ මෘත දේහය යුද හමුදාව විසින් සොයා ගත් බව බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතා පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත්වූයේ අවිස්සාවේල්ල මානියන්ගම පදිංචි මඩවක ලියනගේ අකලංක පෙරේරා නමැති 22 හැවිරිදි තරුණයෙකි .
රාත්‍රී 9.30 ට පමණ වැසිකිළි යන බව පවසා වතුර බෝතලයක්ද රැගෙන කූඩාරමෙන් පිටතට ගිය ඔහු යළි නොපැමිණි බව ඔහුගේ මිතුරන් පොලිසියට පවසා තිබේ.
නාරංගල කන්ද සංචාරයට තහනම් ප්‍රදේශයක් බවට පසුදා බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව විසින් තීරණය කර තිබූ පරිසර කලාපයකි.
බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 21
185
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
251
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1134
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
නාරංගල කන්දේදී අතුරුදන් තරුණයාගේ මෘතදේහය සොයාගනී
වීරවිජේ Saturday, 27 February 2021 12:30 PM
අනේ ජනශුන්‍ය කියලා ඔය අයට වෙනම භූමි එහෙම දෙනවා නෙමෙයි. නැත්තම් පස්සේ කියයි පාරම්පරික ඉඩම් කියලා...
janahitha Sunday, 28 February 2021 03:44 AM
පරිසරය අපිරිසිදු කරන්න ගිය තරුණයාට ස්වභාව ධර්මයෙන් දඬුවම්... මිරිස් පැළයක්, වම්බටු පැළයක්... හිටවාගන්න කාලයක් නැති තරුණ පරපුරේ නවතම යුගයේ ඉන්නේ... ඇමෙරිකාවේ නොවේ දරුවනේ...