(නිමල කොඩිතුවක්කු)
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙත නව විදුලි සබඳතා ලබාදීමේදී විශේෂ ප‍්‍රමුඛත්වයක් ලබාදීමට කටයුතු කරන බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
ලක්ෂ 16 ක් පමණ වන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට පොදුවේ බලපානු ලබන ගැටළු පිළිබඳව අවධානය යොමු කරමින් මෙම පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පැවසුවේ, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ සංගමයේ නිලධාරීන් සමඟ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.
විශේෂ අවස්ථා ඇති පුද්ගලයින්ගේ විදුලි බිල්පත් ගෙවීම් සඳහා පහසු ක‍්‍රමවේදයක් හඳුන්වා දෙන බවත් ඔහු එහිදී සඳහන් කළේය.
එමෙන්ම විශේෂ අවස්ථා ඇති පුද්ගලයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් අදාළ අමාත්‍යාංශ සහ අනෙකුත් ආයතන සමග සාකච්ඡා කර සහන සැලසීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා එහිදී තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් ලෙස වර්ග කරන්නේ කුමන නිර්මාපකයක් අනුවද?
ඔක්කොම රණවිරුවන්ට, විශේෂ අවශ්‍යතා තියෙන අයට දෙන්න ගියාම රටේ වැඩ කරන සාමාන්‍ය ජනයාට වෙන රටවල් වලට ගිහින්ද ලයිට් ගන්න කියන්නේ. ලංකාව හිඟන දේශයක් වෙලා තියෙන්නේ මේ වගේ අන්ද මන්ද වැඩ හින්ද.
විදුලිය දීමේදී විරෝධතා ඉදිරිපත් කර ඇත්නම් ඒ ගැනත් පරීක්ෂා කිරීම අනිවාර්ය කරන්න. මණ්ඩලයේ ඇතමුන් විරෝධතා නොතකා හිතවත්කමට හා අල්ලසට කටයුතු කිරීමෙන් සමහර අයට බලවත් අගතිකාරී දේවල් සිදුවෙනවා..