ලොව රටවල් රැසක් මේ වනවිට අනුගමනය කරන ‘ලොක්ඩවුන්’ ක්‍රමවේදය අනුගමනය කරමින් අද (26) මධ්‍යම රාත්‍රියේ සිට මසකට රට වසා දැමීමට තීරණය කළ බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩ්න් ප්‍රකාශ කළාය.
මෙම කාලයේදී නවසීලන්ත වැසියන් අනිවාර්යයෙන්ම නිවසේ රැඳී සිටිය යුතු යැයිද එය කඩකරන පුද්ගලයන්ට දඬුවම් ලැබීමට සිදුවනු ඇතැයි ද නවසීලන්ත අගමැතිනිය අනතුරු ඇඟවූවාය.

මෙම කාලය තුළ ‘‘තමන්ට කොරෝනා ආසාදනය වී ඇතැයි’’ සලකා කටයුතු කරන්නැයි ද ඇය එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියාය.
අවශ්‍ය වුවහොත් නව නියෝග උල්ලංඝණය කරන පිරිස්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඇය කීවාය.
මිලියන 5කට ආසන්න ජනගහනයක් සිටින නවසීලන්තය අනෙකුත් රටවලට වැඩි දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇත. නවසීලන්තය බදාදා සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ හදිසි නීතිය ද ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම රට අනතුරු ඇඟවීමේ මට්ටම ඉහළම මට්ටමට ඔසවා ඇත.
විදෙස් ගතව සිට පැමිණෙන නවසීලන්ත සියලු වැසියන් සියලු දෙනා ගුවන් තොටුපොළ හෝටල්වල හෝ ඔවුන් සිටින නගරවල නැවැතී ස්වයං-නිරෝධායන ක්‍රියාවලියට යොමු විය යුතු යැයි ද නවසීලන්ත බලධාරීහු උපදෙස් දී ඇත.
ඒ.එෆ්.පී./රොයිටර්
055
2025 දෙසැම්බර් මස 04
456
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
461
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
414
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නවසීලන්තය මාසයකට වසා දමයි
Rasika Thursday, 26 March 2020 09:26 PM
ඉතාලි අපු ය වගේ හොරෙන් පනින්න බැරිද ? මානවහිමිකම් නඩුවක් එහෙම දායිද දන්නේ නැහැ .