(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව නගරයේ පැවති දේශපාලන රැළියකට ගොස් කරුවලගස්වැව බලා එමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් නවගත්තේගම කරුවලගස්වැව කුඩා මැදවච්චාය ප්‍රදේශයේදී නතර කළ 20ක පමණ පිරිසක් එහි සිටි මගීන්ට පහර දී ඇති බවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවත් කරුවලගස්වැව පොලිසිය පවසයි.
පහර කෑමෙන් තුවාල ලැබූ පිරිස තබ්බෝව රෝහලේ සහ පුත්තලම මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
මෙම පිරිස ගමන් කළ ලංගම බස් රථය යන මාර්ගයට ලී කඳන් දමා මග හරස් කර 20කට ආසන්න පිරිසක් මොවුන්ට පහරදී ඇතැයි තුවාලකරුවෝ කියති.
මෙම පහර දීමෙන් ලංගම බස් රථයටද හානි සිදුව තිබිණි.
පහරදීමට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද වීම ගැන 100 කට ආසන්න පිරිසක් කරුවලගස්වැව පොලිසියට ගොස් එහි විරෝධය පළකිරීමත් සමග එහි උණුසුම් තත්වයක් හටගෙන ඇත.
පසුව එම ස්ථානයට පැමිනි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ප්‍රියංකර ජයරත්න , සනත් නිශාන්ත හා හිටපු පළාත් සභා මන්ත්‍රිවරුන් වන ආනන්ද සරත් කුමාර ,චින්තක අමල මායාදුන්න යන මහත්වරුන් ඇතුළු පිරිස එක්වී ජනතාව සමථයකට පත්කිරීමට උත්සහ ගත්හ.
පහර කෑමට ලක්වු පිරිස පවසන්නේ තමන්ට කුඩා මැදවච්චිය ප්‍රදේශයේ බස් රථය නවතා අමානුෂික ආකාරයෙන් පහර දුන් බවය.
එම පිරිස පහර දීම සම්බන්ධයෙන් පොලිස්ථානයට පැමිණිලි කළද, පොලිසිය පැවසුවේ මෙය සුළු සිද්ධියක් මුල් කරගනිමින් ඇතිවු ප්‍රශ්නයක් බවයි.


COMMENTS
ගැටුම ගොඩ දාන්න ආපු අය අනුවත් පොලිසිය කළ ප්‍රකාශය අනුවත් පහර දුන්නේ පොහොට්ටුවෙන් කියල හිතෙනවා. පහර කෑවේ නම් හංසයන්ගේ අය නෙමේ කියලත් හිතෙනවා.
ඡන්දය දින්නොත් ඉතිරි හරිය බලාගමු.
මෙවැනි දේශපාලන මැරකම් කරන්නන්ට දැඩි දඩුවම් දිය යුතුයි.
මේ මිනිසුන්ගේ මෝඩකම් කවද නවතීද මන්ද?
කවුරු කළත් මේවා අසික්කිත වැඩ බව සිහි තබා ගත යුතුයි. මේවට පිළිතුරු දහසයෙන් පසුව....පරාජය හමුවේ වියරු වැටි ඇත.
පරාජයේ පෙරනිමිති.
මේවා ගෙම්බෝ කෑගස්සවන අයගේ වැඩ.
හොඳයි මහත්තයෝ, 16 වෙනිදාට පසුව බලා ගනිමු.
එක්දාස් නමසිය අසු ගණන් වල සිටි නුගත් නායකයන් නිසා ලංකාවේ මුළු දේශපාලන ක්‍රමයම නුගතුන් අතට පත් උනා. ඒවාගේ ප්‍රතිඵල තමා ඔය අද එළි දකින්නේ. එහි දෙවැනි පියවර තබන්න සමහරුන් උත්සහ කරනවා නැවත රට බිෂනකට ගෙනියන්න. හරි කණගාටුයි. මිනිසුන්ට ගහලා ඡන්දය දිනන්න බෑ. ඒවා පරාජයේ පෙරනිමිති.
1977 ධර්මිෂ්ඨ රාජ්‍යය බලයට ආපු වෙලාවේ පොලිසියට සුමානයක් නිවාඩු දෙනවා වගේ කතා කියපු සහ ඒ දේවල් කරපු ආණ්ඩුවක වැඩ මතක් කරලා 2019 වසරේදී එහෙම දෙයක් නොවෙන්න වැඩ කරමු. ඒ වගේම 88-89 වගේ ටී 56 හෝ ටයර් සෑයවල් වලින් දිගට හරහට රට විනාස නොවෙන්නත් වග බලා ගනිමු. තවත් මතක් කරනවානම් 1995දි රාජ්‍ය බලය අවභාවිතා කරලා වයඹ ඡන්දය දිනුවා වගේ දෙයක් නොකරමු. ගෝඨා ඔය කිසි කුණු ගොඩකට ගෑවුන කෙනෙක් නොවෙන නිසා සාමාන්‍ය මිනිස්සුන්ට කරදරයක් නොකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ශ්‍රිලනිපයේ අයට හූ කීම පොහොට්ටුවේ නරින්ට ලැබුනු තෑග්ගක් වගේ.
ගැහුවේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ.
කලින්ද අපිට ගැහුවා. අපි රැකලා හිටියා. කරුමෙට ඇවිත් තියෙන්නේ...