රෝවන් පෙරේරා
පුත්තලම හා පාලවිය ප්‍රදේශයේ පිහිටි කතෝලික දේවස්ථාන දෙකක දේව ප්‍රතිමා තැන්පත් කර තිබූ වීදුරු කූඩු වලට ගල් ප්‍රහාර එල්ල කර කඩා දමා තිබෙන බව පුත්තලම පොලීසිය පැවසීය.
මෙලෙස හානි සිදුකර ඇත්තේ පුත්තලම ශාන්ත මරියා දේවස්ථානය ඉදිරිපිට ස්ථාපිත කර තිබූ අඩක්කල දේවමාතාවන්ගේ ප්‍රතිමාව තැන්පත් කර තිබූ විදුරු කූඩුවට සහ පාලාවීය ශ්‍රි හෘදයට කැපකල දේවස්ථානයේ ඉදිරිපිට තැන්පත් කර තිබූ ශ්‍රි හෘදයේ ජේසු තුමන්ගේ ප්‍රතිමාව තැන්පත් කර තිබූ වීදුරු කූඩුවටයි.
පුත්තලම මිසම් පාලක පයස් කෙනඩි පියතුමන් පොලීසියට කල පැමිණිල්ලක් අණුව පුත්තලම පොලීසිය පරික්ෂණ ආරම්භ කර ඇත.
අපරාධ ස්ථාන පරික්ෂණ නිළධාරින් හා පොලිස් නිළ සුනඛ රොකී යොදා ගනිමින් මේ වන විටත් පරික්ෂණ කරන බව පුත්තලම පොලීසිය පැවසීය.
මේ සිදුවීම පිටුපස කිසියම් කඩාකප්පල්කාරී පුද්ගලයකු හෝ පිරිසක් සිටීද යන්න සොයා බැලීම සඳහා පොලීසිය විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පුත්තලම පොලීසියේ වැඩබලන ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්ද්‍රසිරිලාල් මහතා පැවසීය.






(ඡායාරූප - රෝවන් පෙරේරා)




(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)
COMMENTS
මේවත් කරන්න ඇත්තේ අර බුදුපිළිම කඩාපු කල්ලියම වෙන්නැති. පව්කාර අනුවණයන්...
ආයේ රට ගිනිතියන්න වගේ කට්ටිය ලෑස්තිය. ජන්දයක් එන එකේ ලබා දුන්නු පොරොන්දු කිසිවක් ඉටුකරන්නත් බැරිව ඉන්න එකේ මෙහෙමවත් කරලා බලමු නේද?
මේක සිදුවෙලා තියෙන පැත්තේ හැටියට හිතාගන්න පුළුවන් මේක කරන්න ඇත්තේ කව්ද කියලා.....
මෙච්චරයි අඩු.. පුළුවන් නම් ආයෙත් අවුලවලා දාපල්ලා.. එක එකා මරාගන්න ගින්දරක්..
අහෝ දෙවියනි, වැරදි කළවුන්ට වහා දඩුවම් දෙනු මැන.
ගල් පහරකින් තමන් බේරාගැනිමට නොහැකි පිළිමයක් ඉදිරියේ සමහරු වැඳවැටී ඉල්ලන්නේ තමන්ව රෝග දුක් ආදියෙන් බේරා දෙන ලෙසයි.
කට්ටිය ඉල්ලගෙන කන්න හදන්නේ.. මම බුදුසරණ යන කෙනෙක්.. මම ඕවට කැමැති නැහැ..
සහරාන් වගේ තව පුත්තලම් බූරුවෝ ටික දෙනෙක් ඉන්නවා.
කතෝලික ආගමේ මිනිස්සු මේවාවලට අනවශ්‍ය ලෙස කලබල වෙන්නේ නැහැ. මක්නිසාදයත් ආගම ඇත්තේ ප්‍රතිමාවල නොව තමන් තුළ නිසාය. ඡන්දයක් අතලඟ බවත් දන්නො දනිති.
චන්දෙ ළගයි අවුලුවන්න හදන්නේ... දන්නවනේ කවුද කරන්නේ කියලා..? තොරතුරු ලැබිලත් ක්‍රියා නොකරපු අය තමයි මෙවා පිටිපස්සේ ඉන්නේ... රජයෙන් පඩි දීලා හදපු කෙනා තමයි අන්තිමට බෝම්බ ගැහුවෙ... මෙවා අපි නොදන්න ලයිව්...
චන්දේ ළගයි නේ. ඒකයි මේ සේරම.
වහාම වැරදිකරුවන් සොයා රටට දන්වා දඬුවම් පමුණුවනු ඇතැයි බලාපොරොත්තු වෙමු. බුදුපිළිම වහන්සේලා විනාශ කළ පසු ඒ ගැන ක්‍රියා නොකර රටට වැරදි ආදර්ශයක් දුන් නිවට අතීතයක් තියෙනවා.
ඕවා පිටිපස්සේ ඉන්නේ යූඑන්පී කාරයෝ...
මුස්ලිම් මිනිස්සුන්වයි, කතෝලික මිනිස්සුන්වයි, අවුලවන්න හදන්නේ... අපි දෙගොල්ලෝ අතර විරසකයක් තිබ්බේ නැහැ. පාස්කු ප්‍රහාරයට හේතුව තවම හොයාගන්න බැහැ. මොකද ත්‍රස්තවාදී සහරාන් කතෝලික පල්ලිවලට ගැහුවට මුස්ලිම් මිනිස්සු කතෝලික අපි එක්ක අමනාප නැහැ. ඡන්දෙ දිනන්න අපි දෙගොල්ලන්ව කෙටෙව්වා...
අපිව කොටවලා සමහරු සතුටු වෙනවා. අපිට මුස්ලිම් මිනිස්සු එක්ක ප්‍රශ්නයක් නැහැ. අපි සමාදානව ඉන්නේ. අනුන් නිසා අපිව විරසක කරනවා. චන්දය ළගයි. ගිය පාර මීගමුව පරාද උනා. මේ පාරත් පරාද වෙයි.