
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ධාවනයට දුම්රිය ගේට්ටුව වසා දමා තිබීයදී දුම්රිය මාර්ගය හරහා සුභෝපභෝගී බස් රථයක් ධාවනය කරවූ රියදුරකු හා කොස්දොස්තර අද (30) අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්ගම කොළඹ බස් රථයක සේවය කරන දෙදෙනකි.
ඉකුත් (28) දින මෙම සිද්ධිය සිදුව ඇති අතර එය සාමාජ මාධ්‍ය ජාලාවල සහ රූපවාහිණී නාලිකාවල ප්‍රචාරය වී තිබු බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය පරීක්ෂක ආරම්භ කර සැකකරුවන් දෙදෙනා පොලිසියට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරුවන් හෙට (1) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
COMMENTS
ශා.. මරුනේ..!!! දැන් අර හෙඩ්ලයිට් ගහගෙන පොඩි වාහන ඉස්සරහට මරන්න වගේ එන එව්වත් දාලා ශෙයාර් කරන්න පටන් ගනිමු.
දුම්රිය ගේට්ටු වසා ඇතිවිට, මේ බස් රියදුරු කොහොමද වාහනය පැදෙව්වේ?
වැඩේ හොඳ වුණාට ටිකක් විතර ගොන් පාට් එකකුත් තියෙනවා. මේ වැඩේට රියදුරා වගකියන්න ඕනෑ වුණාට කොන්දොස්තර මොකටද අනුන්ගේ පව්වලට කරගහන්නේ..?
මෙවැනි මගීන්ට මරණය කැඳවන අවිනීත රියදුරන්ට දැඩි දඬුවම් දිය යුතුයි.
බස් එකේ හිටපු මිනිස්සු මැරෙන්න ආස අය ටිකක් වෙන්නැති... අඩුගානේ බස් එක දාන්න ඉස්සර නවත්තගන්න තිබුණානේ...
හරිනම් වෙන්න ඕනේ බස් එකේ හිටපු මිනිස්සු මේ දෙන්නගේ අඬු කඩන එකයි. මොකද මේ අය සෙල්ලම් කරේ ඒ මිනිස්සුන්ගේ ජීවිත සමග..
දුරකථන ඇමතුමකින් නිදහස් නොකොළොත් නම් හොඳයි.
මේ වගේ බරපතල වැරැදි කරන උදවියට දැඩි දඬුවම් දෙන්න ඕනේ. බස්එකේ හිටපු මිනිස්සුන්ගේ ජීවිත මෙයාලාගේ සෙල්ලම් බඩු නෙවේ.
ලෝකයේ දියුණු රටවල්වල නම් සියලු දුම්රිය හරස්මාර්ගවලදී හැම බස් රථයක්ම නවත්වලා දොර ඇරලා, ආයේ වහලා, දෙපැත්ත බලලා යන්න නීතියක් තියෙනවා. එසේ නොකිරීම විශාල දඩයකට යටත් වෙන්න හේතු වෙනවා. දැඩි නීති අවශ්‍යයි.