
(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
භාරතයේ සම්මානලාභී අධ්‍යක්ෂිකාවක වන දීපා මේතාගේ නවතම සිනමාපටය වන ‘ෆනී බෝයි‘ චිත්‍රපටය සඳහා සම්මානිත ලාංකේය රංගන ශිල්පිනියක වන නිම්මි හරස්ගම රංගනයෙන් දායක වී තිබේ.
ශ්‍රී ලාංකිකයකු වන ෂ්‍යාම් සෙල්වදුරෙයි විසින් රචනා කරන ලද, ‘ෆනී බෝයි‘ කෘතිය ඇසුරින් මෙම සිනමාපටය නිර්මාණය කර තිබේ.
මෙම සිනමාපටය අද (14) දිනයේ කොළඹ දී සීමිත ලාංකිකයන් පිරිසකට ප්‍රදර්ශනය කරන ලදි. පසුව එය ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රේක්ෂකයන්ට නැරඹීමට ඉඩ සැලසෙනු ඇත.
අධ්‍යක්ෂකවරිය මීට පෙරදී ද සල්මන් රුෂ්ඩිගේ ‘මිඩ්නයිට් චිල්රන්‘ කෘතියෙන් 2012 වසරේදී එනමින් සිනමාපටයක් අධ්‍යක්ෂණය කළ අතර, බප්සි සිද්වාගේ ‘ක්‍රැකිං ඉන්දියා“ කෘතිය අනුසරයෙන් ‘අර්ත්‘ සිනමාපටය එළිදැක්වූවාය.
1996 දී දීපා මේතා නිර්මාණය කළ ‘ෆයර්‘ සහ වසර 2005 දී නිර්මාණය කළ ‘වෝටර්‘ චිත්‍රපටය ලෝකය පුරා සිනමා ලෝලීන්ගේ සුවිශේෂී අවධානයට යොමු විය. 2007 වසරේ පැවති ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම විදෙස් භාෂා සිනමාපටයට වෝටර් සිනමාපටය නිර්දේශ විය. දීපා මේතාගේ සිනමාපට ජාත්‍යන්තර සම්මාන රැසකින්ද පිදුම් ලැබීය.
නිම්මි හරස්ගම 'ඉර මැදියම', 'ආකාස කුසුම්' වැනි සිනමාපටවලින් කැපීපෙනෙන ප්‍රතිභාවක් පළ කළ රංගන ශිල්පිනියකි.
(ඡායාරූපය - නිම්මි හරස්ගම වෙබ් පිටුවෙනි)
COMMENTS
නිම්මිගේ "ආකාස කුසුම්" මම බලලා තියෙනවා. රංගනය ගැන මනා හැදෑරීමක් කරපු කෙනෙක් බව ඒ චිත්‍රපටයෙන් ඇය අපට පෙන්වූවා. සුබ පැතුම්...!!!
අනපේක්ෂිත මොහොතක ප්‍රංශයේදී අකාශ කුසුම් බලන්න ලැබීම තුළින් තමයි මම නිම්මිගේ රංගනයක් මුල්වරට දැකගත්තේ.... මට හිතෙන්නේ ඇය රංගනය පිළිබඳව බොහෝ හදාරලා ඇති. විශේෂයෙන් අභිනය ගැන එහෙම.ඉතින් දීපා මේතා වැනි ලෝකප්‍රසිද්ධ අධ්‍යක්ෂක වරියකගේ චිත්‍රපටියක රඟපාන්න ලැබෙනවා කියන්නේ පෙර පිනක් ඵලදීමක්. සුබ පැතුම් නිම්මි..!!!
ඔය ඉලව් පොට්ටු ගලවලා දාන්නකෝ ....