( රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී දිවියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අද (24) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 21 වනදා අම්බාල්කුලම් ගම්මානයට කඩාවැදුණු දිවියා ඉතා කෘර අයුරින් මරා දැමූ පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙසට පසුගිය 22 වැනිදා කිලිනොච්චිය අධිකරණය විසින් ලබා දුන් අධිකරණ නියෝගයක් අනුව දිවියා මරා දමන අවස්ථාවේදී ලබා ගත් වීඩියෝ සහ ඡායාරූප උපයෝගි කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනවීම සිදු කර තිබිණි.
ඡායාරූප හා රූප රාමු සැලකිල්ලට ගෙන සැකකරුවන් සිව් දෙනෙකු කිලිනොච්චිය පොලීසිය විසින් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් මේ වන විට පරීක්ෂණ අරඹා තිබේ.
ඊට අමතරව පත් කර ඇති පොලිස් කණ්ඩායම් මගින් දිවියා මැරීම සිදු කරන සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන කරන ලද ප්‍රශ්න කිරීම් වලට අනුව සිදු කරන බවටද කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් පවසයි.
දිවියා ඝාතනය කිරීම සඳහා හවුල් වූ සෙසු සැකකරුවන් මේ වන විට සැඟව සිටින බවට තොරතුරු ලැබී ඇති අතරම දිවියාගේ ඝාතනයට සම්බන්ධ සියලුම පිරිස් අත්අඩංගුවට ගැනීමටද පරික්ෂණ කටයුතු කිලිනොච්චිය පොලීසිය විසින් ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ දැන් දකුණට එක නීතියක් උතුරට තව නීතියක් ගගා කෑ ගහපු අයියලා ටික ??
අවස්ථාවාදීන් කැ ගැසුවාට සරත් පොන්සේකා සහ තෙවරප්පෙරුම දෙපළ වැඩක් කරයි කියලා සිතන්න පුලුවන්