(රංජන් කස්තුරි)
විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහත වැටී ඇති හෙයින් දිනපතා නොදන්වා විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
විදුලිබල ජනනය සීමාවී තිබීම හේතුවෙන් විදුලි පද්ධතිය නිසිපරිදි පවත්වා ගෙනයාමට අවශ්‍ය හෙයින් මෙලෙස විදුලිය කප්පාදු කරන බවද පැවසේ.
විටින්විට විදුලි බිඳවැටීම් සිදුවන අතර එවැනි අවස්ථාවක හිතාමතාම පැය කිහිපයක් ඒවා යථා තත්ත්වයට පත්කිරීමෙන් වැළකී සිටින බවද එසේ නොකළහොත් පද්ධතිය පවත්වාගෙන යා නොහැකි බවද ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර අද(22) පස්වරුව වනවිට ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන බලාගාර හයේම ජලමට්ටම 34.3% පමණ දක්වා පහත වැටී තිබිණි.
කාසල්රී 9% ක්, මාවුස්සා කැලේ 26.5% ක්, කොත්මලේ 34.2% ක්, වික්ටෝරියා 36.9% ක්, රන්දෙණිගල 88% ක් සහ සමනලවැව 18%ක් ආදී වශයෙන් ජල මට්ටම පහත ගොස් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදන්වා විදුලිය කපන කොට ජනතාවට කරදරයි. කපනවා නම් කලින් දැනුම් දීලා කාටත් සාධාරණ විධියට කපන්න.
රාජපක්ෂ නිසා ජනතාවම අඳුරේ...
අවුරුදු 71 ක් මාරුවෙන් මාරුවට රට පාලනය කරනවා. වැසි නොලැබෙන කාලයට ජලාශවල ජල මට්ටම පහත් වැටෙන බවත්..., නොරච්චෝල විටින්විට අක්‍රය වන බවත් දන්නවා. නමුත් මේ විදුලි අර්බුදයට විසඳුම් දෙන්න බැරි පාලකයින්නේ ඉන්නේ. පත්වෙන ඇමතිලා ආපු ගමන් සුපිරි වාහන, නිල නිවාස, කාර්ය මණ්ඩලයත් ඕවට අඩුවක් නැහැ...
කතාව 2025 මහා ආර්ථික විප්ලව..., හැබැයි විදුලිය නෑ රට වටේ, ඉතින් එ්විද ආයෝජන?
මොකක්ද රාජපක්ෂගේ ප්‍රශ්නේ, නොරොච්චෝලේ හදපු එකද ඉතින් එකේ ප්‍රශ්න තියනවනම් හදාගන්න තිබුනනේ, මේ ආණ්ඩුවත් 2015 ඉදන් හිටියනේ. මේ වැඩ බැරි ආණ්ඩුවට ඒකවත් හදාගන්න බැහැ. මේගොල්ලෝ එනකොට ලොකු කතා කිවා එත් අපි තාම අදුරේ තාම අපි වැස්ස එනකම් බලන් ඉන්නවා කරන්ට් එක ගන්න. බොරු එපා මහත්වරුනි වැඩ කරන්න.
උදේ 8ට කපලා 6ට ආවේ. ආයේ 6.15ට විදුලිය ගියා.
නොදන්වාම විදුලිය කපනවා නම්, බුකියකට ගොස් විදුලිය අද කපනවාද, නැද්ද යන්න සඳහා ඔට්ටු ඇල්ලීම පටන් ගත යුතුයි.