(රංජන් කස්තුරි)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබේ.
විශ්‍රාමික නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් එස්.බී. දිවාරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුතු එම බළකායේ සාමාජිකයන් සංඛ්‍යාව 11 කි.
විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් වී. සිවඥානසෝති, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය එච්. එම්. ඩබ්ලිව්ත ආරියරත්න හේරත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එස්.එස්. සිවකුමාර්, විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, විශේෂඥ වෛද්‍ය සංජීවනී හපුගොඩ, විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ගයාත්‍රි ගුණරුවන්, ඊ.ඩබ්. ක්‍රේසි සහ සමාගමේ විධායක නිලධාරී සංජීව ගුණවර්ධන සහ නේචර්ස් සීක්‍රට් ආයතනයේ අධිපති සමන්ත කුමාරසිංහ යන මහත්ම මහත්වරු එම සාමාජිකයෝ වෙති.
සමෘද්ධි ලාභීන්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, ග්‍රාමීය, වතු සහ අර්ධ නාගරික ප්‍රදේශවල ජනතාව සෑහීමකට පත්වන අයුරින් ජල සැපයුම 150,000ක් ලබාදීම, සුළු පරිමාණ ව්‍යාපාර සංවර්ධනය ආදී කාර්යයන් එම බළකාය පවරා තිබේ.
දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා වන කාර්ය සාධක බළකාය වසරක කාලයකට පිහිටුවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වියත් මගේ විද්වතුන්, රටේ සියලු ප්‍රශ්න තේරුම්ගෙන, විසඳුම් අතේ තියාගෙන කතාකරන බවක් තමයි තේරුනේ. ආයේ මොනවාවත් හොයන්න දෙයක් නැහැ. දැන් ඕන ක්ෂණික විසඳුම්. දැනටමත් ප්‍රමාදයි. මෙන්න විසඳුම කිව්වා. අදම ක්‍රියාත්මක කළා. මේ බලකාය අවුරුද්දක් පොල්ගාවිද දන්නේ නැහැ.
සුමේධ පෙරේරාගේ ගෙවල් කප්පම් නඩුව ඉවර ඇතිනේද..? ලැජ්ජයි. ඉතිරි අය ගැනත් ඕනද?
ඉතාම හොඳයි. ඔය එක්කම රජයේ වියදම්වල නාස්තිය අඩුකළා නම් ඒ වගේම හොරකම් කරන, ගසාකන මුදල නැති කළා නම් හත් ඉලව්වේ, ඒ සල්ලිත් දුප්පතුන්ටනේ.
මොන. කමිටු පත් කෙරුවත් වැඩක් තියෙනවද . මුන් සේරම හොරුනේ , මොවුන්ට විශේෂ තොප්පියක් හදල දෙන්න සියලුම කමිටු නිලදාරින්ට ,එම. තොප්පියට කැමරාවක් සවිකරන්න ඒය පැලදීම අනිවාර්ය. කරන්න , අවශ්‍ය වෙලාවට කැමරාව අරන් බලන්න බඩුත් සමග හොරු අල්ලන්න පුළුවන් , ඒකටත් චන්දයක් තියන්න කියයි ,සේරම හොරු නිසා වැඩේට අකමැති වෙයි
බලකායන් සීයයක් දැම්මත් වැඩක් වේවිද? රුපියල් 64ට වසර ගණනක් කාපු සුදු කැකුළු සහ රතු කැකුළු හරි හරියට දැන් අපූරුවට සියයට කනවා. කමක් නැහැ විශ්‍රාමික සගයින්ටත් අතට ගානක් එන්න ඕනෑනේ...
ඇයි හත්වලාමේ 7000 වැඩි ප්‍රාදේශීය සභිකයින් ඉන්නේ? ඔවුන් පාරවල් බෝක්කු හදන එක විතරද? තමන්ගේ ප්‍රදේශයේ ජනතාව ගැන සොයා බලන්නේ නැද්ද? තවත් මොනවටද බලකා?
අපි හිතුවේ ගෝඨා මහත්තයා ඇත්තටම ඇමෙරිකාවේ ඉඳලා ඇවිත් එහෙ ක්‍රම මෙහෙ දියත් කරලා රට කාර්යක්ෂම කරාවි කියලා. බලපුවාම අර හිටපු ග්‍රාම නිලධාරිතුමාට වඩා වෙනසක් නැහැ වගේ...
දැන් හොඳද ?