IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දඹුලු ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදසැලක් තාවකාලිකව වහයි

(කාංචන කුමාර ආරියදාස)


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැලක සේවකයකු හදිසියේ ශ්වසනාබාධ රෝගයකට ලක්වීමෙන් පසු ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැළක් අද 31 දින පස්වරුවේ තාවකාලිකව වසා දැමීමට දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය පියවර ගත්තේය.

දඹුල්ල කලුන්දෑව ප්‍රදේශයේ පදිංචි තරුණයකු කලුන්දෑව ප්‍රාදේශීය රෝහල වෙත අද 31 පෙරවරුවේ උණ කැස්ස හෙම්බිරිස්සාව ආදී රෝග නිසා ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් තිබේ .

ආර්ථික මධ්‍යස්ථාන සේවකයා පරීක්ෂාකර බැලූ වෛද්‍යවරු රෝග ලක්ෂණ ගැන සැක සිති මේ පිළිබඳව දඹුල්ල ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී ජයනාත් ජයසුන්දර මහතා වෙත දැනුම් දීමෙන් අනතුරුව වෛද්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායම කලුන්දෑව ට ගොස් මෙම රෝගී තරුණයා පරීක්ෂාකර නිවස තුළම නිරෝධායන කටයුතුවල නිරත වන ලෙස උපදෙස් ලබා දී තිබේ.

පසුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරි වරයා තීරණය කර ඇත්තේ මෙම තරුණයා අනුරාධපුර මහ රෝහල වෙත යවා වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමටය .

ඒ අනුව දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය වෙත මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දී තිබේ.

ඒ අනුව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ උපදෙස් පරිදි නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ආර්ථික මධ්‍යස්ථාන විශේෂ සෞඛ්‍ය අංශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෛද්‍යවරුන් කණ්ඩායමක් දඹුල්ල පොලිසියේ කණ්ඩායමක් ආර්ථික මධ්‍යස්ථානයේ මෙම තරුණයා සේවය කළ වෙළඳසැල වසා දමා එම වෙලඳ සැල සේවකයන්ටත් නිවසේ නිරෝධායනය වන ලෙස උපදෙස් ලබා දීම සිදු කළහ.

එම ස්ථානයට පැමිණි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සැලේ අයිතිකරු පොලිසියට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කියා සිටියේ අසනීපය ඇත්තේ තම පුත්‍රයා බවත් ඔහුට මීට පෙර සිටම අසනීප ගති පැවති බවයි. තම පුතා දින කීපයේම කඩේ මහන්සි වී සේවය කළ බවය .
ආර්ථික මධ්‍යස්ථානයේ සියලුම කඩ විවෘත ව තිබිය දී තමාගේ වෙළඳසැල පමණක් වසා දැමීමට නොහැකි බවද හෙතෙම සඳහන් කළේය. එමෙන්ම මෙම සේවකයන් පිරිස ඉවත්කොට වෙනත් සේවකයන් පිරිසක් යොදවාවෙළඳසැල පවත්වාගෙන යාමට හැකි බව සඳහන් කළේය. පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා සහ වෛද්‍ය සිතාරා විතානගේ මහතා එම ව්‍යාපාරිකයාට දැඩි ලෙස අවවාද කරමින් කියා සිටියේ මෙම වෙළඳසැල තාවකාලිකව වසා දමන බවත් සේවකයාට අනුරාධපුරයට රැගෙන ගොස් ඔහුගේ තත්ත්වය හොඳ අතට පත්වුවහොත් වෙළඳසැල පවත්වාගෙන යාමට හැකි බවය. කෙසේ වෙතත් එතෙක් සියලු දෙනා නිවෙස් තුල නිරෝධායනට යොමුවන ⁣ලෙසයි.
 



අදහස් (1)

දඹුලු ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදසැලක් තාවකාලිකව වහයි

Asanka Tuesday, 31 March 2020 02:35 PM

ඔක කරගන්න මෙ තුප්පහි වෙළෙන්දෝ කොච්චර දැගලුවද? ඔය කඩ නිරෝධායනය කරන්න හමුදාව ආවාම කුණුහරප කියලා එළවාගත්තේ දඹුල්ලේ වෙළද මාෆියාව... දැන් හරි රටටම ලෙඩෙ බෙදුව හැත්ත....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site