(කාංචන කුමාර ආරියදාස)
මහනුවර අකුරණ ප්‍රදේශයේ දී කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයක් පැවති නිවසකට පැමිණ ඇති බවට ලද තොරතුරක් මත අද (31) දින දහවල් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ දඹුල්ල පොලිසිය එක්ව නිකවටවන ගම්මානයේ නිවාස හතක පුද්ගලයන් 33 දෙනෙක් නිවාස තුලම නිරෝධායනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය.
මෙම රෝගය ආසාදනය වූ පුද්ගලයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයට පැමිණ ඇති බව පොලිස් බුද්ධි අංශ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයාගන්නා තුරු එම පුද්ගලයන් කිසිවකු ඔහු පැමිණි බව නොසඟවා සිටීම විශේෂත්වයකි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම ස්ථානයට ගොස් පුද්ගලයාගේ ඡායාරූප පෙන්වා ප්‍රශ්න කිරීමේදී ද ඔවු පැමිණි බව පිළිගැනීමට අකමැත්තක් දැක්වුහ. කෙසේ වෙතත් අවට පදිංචිකරුවන් මෙන්ම බොහෝ දෙනෙකු පොලිසියට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මෙම පුද්ගලයා පැමිණි බවට තොරතුරු ලබා දී තිබේ.
ඒ අනුව මෙම පුද්ගලයා පැමිණි නිවසේ නිවැසියන් සහ එම නිවසට යාබදව ඇති නිවාස හතක් එම නිවෙස් වල ජීවත්වෙන පුද්ගලයන් 33 දෙනෙකුට නිවෙස් තුළම දින 14 ක් කාලයක් නිරෝධායන කටයුතුවල නිරත වන ලෙස දඹුල්ල සීගිරිය කලාප භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් . ඒ. වසන්ත කුමාර මහතා නියෝග කළේය.
මෙම නිරෝධායන නීතිය කඩ කරන්නන් හට නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලීසිය මෙම පිරිසට දැඩිව අවවාද කරන්නට කළහ.
මෙම පුද්ගලයා අවමඟුල් අවස්ථාවෙන් පසුව දිනක මෙම නිවසට පැමිණ තිබෙන බවත් නිශ්චිතව එම දිනය පවා හෙළිකරගැනීමට නොහැකි වූ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ.
දඹුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජයනාත් ජයසුන්දර මහතා ඇතුළු කණ්ඩායමක් මෙම ප්‍රදේශයේ තවදුරටත් නිරෝධායනය විය යුතු පුද්ගලයන් සිටි දැයි යන්න පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.
මෙසේ නිරෝදායනට ලක් වූයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැලක් පවත්වාගෙන අයෙකුගේ නිවසක් බව පොලිසිය කීය.
එම ව්‍යාපාරිකයාට ද දැඩි ලෙස අවවාද කරමින් කියා සිටියේ කිසිදු ප්‍රදේශයක ගමන් නොකොට තම ගම්මානයේ ජනතාව රටේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා නිරෝධායන නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කන්නේ මුන් තමා!!! මෙච්චර කියන මගුලක් නොතේරෙන්නේ ඔළුවල ගොමද?
මෙ අය සහරාන්ලගේ අයනෙ...
ආගමික උන්මාදය සහ කිසිම කමකට නැති ගමන් බිමන්. මොවුන් අනිකුන්ගේ දෝෂ දර්ශනයට ලක් වීම නවත්වන්න බැහැ මේ දරදඬු ගති අත්හරින තුරු. රටම අනතුරේ දමනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසලක් පවත්වාගෙන යන අයෙක් නම් ඔහු මගින් ආර්ථික මධ්‍යස්ථානය වෙත ද රෝගය සම්ප්‍රේෂණය වීමට ඉඩ ඇත. එසේ වුවා නම් දඹුල්ල ගොවියන් වැඩි ප්‍රමාණයක් ආසාදනය වනු ඇත. මෙයින් රට ආරක්ෂා කරගැනීමට අවශ්‍ය උපදෙස් දිවා රෑ මාධ්‍ය තුළින් ලබා දෙන නමුත් මෙතරම් කුහක අඳබාල ජනතාව සිටීම මගේ රට සතු අවාසනාවකි.
මේ ටික මුළු රටම කන්න කලින් අල්ලලා කූඩුවලට දමන්න... වෙඩි තියල දමන්න නෙව බැරි...
නිරෝධායනය නොකර කරන්න බැරිද?