රංජිත් රාජපක්ෂ                     

 

දඩයමේ ගිය තරුණයන් දෙදෙනකු උමගක් තුළ ජිවිතක්ෂයට පත් වී ඇති බව රාගල පොලිසිය කියයි.


මෙසේ ජිවිතක්ෂයට පත් වී ඇත්තේ රාගල පොලිස් වසමට අයත් ශාන්ත ලෙනාඩ් වතු යායේ පදිංචිව සිටි සෙල්ලයියා අශෝක් කුමාර් (31) මහෙස්වරන් රත්නේෂ්වරම් යන අයයි.


මෙම දෙදෙනා එම වතුයායේ රක්ෂිතයක පිහිටි ගල් ගුහාවක වෙසෙන ඉත්තෑවන් දඩයම් කිරිම සඳහා ගොස් ඉත්තෑවන් ගල් ගුහාවෙන් ඉවතට ගැනීම සඳහා දුමාරයක් ඇති කරම තරුණයන් දෙදෙනා ද ගල් ගුහාව මත රැදී සිට ඇති බව රාගල පොලිසිය පවසයි.


දඩයමේ ගිය තරුණයන් දෙදෙනා  ආපසු නොපැමිණි  නිසා  එම වතුයායේ වතු කම්කරුවන් එක්ව අද (16) ඔවුන් දෙදෙනා සොයා එම රක්ෂිතයේ සිදු කළ මෙහෙයුමකදී දෙදෙනාගේ සිරුරු ගල් ගුහාවේ තිබි සොයා ගෙන තිබේ.