(ඩයනා උදයංගනී)
‘ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් දිනය’ මෙම මස 28 වැනිදාට යෙදී ඇති අතර ඒ නිමිති කරගනිමින් ඉකුත් 15 වැනිදා සිට ලබන මස 15 වැනිදා දක්වා මාසය ‘තොරතුරු මාසය’ ලෙස ප‍්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර තිබේ.
මෙම මාසය තුළ පනතට අදාළ ක‍්‍රියාකාරකම්වල යෙදෙන ලෙස සියලූ රාජ්‍ය ආයතන වෙත දැනුම් දීම සදහා චක‍්‍රලේඛයක්ද නිකුත් කිරීමට නියමිතය.
ඊට අමතරව දිවයිනේ සියලූම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි සිවිල් පුරවැසියන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමටත්, දිස්ත‍්‍රික්ක පහක් තෝරාගෙන ‘ගමට තොරතුරු අයිතිය’ මැයෙන් ජංගම සේවාවන් පැවැත්වීමටත් ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙරට තොරතුරු දැනගැනීමේ පනත ලොව හොදම සිව්වන තොරතුරු දැන ගැනීමේ පනත ලෙස ශ්‍රේණිගතව ඇති අතර එය සක‍්‍රීය ලෙස බලාත්මක කිරීම සදහා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගනු ලබයි.
මෙම වැඩසටහන ක‍්‍රියාවට නැංවීම සදහා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය හා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතියද හිමිවී තිබේ.
2025 නොවැම්බර් මස 21
10
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
තොරතුරු මාසයක් ප්‍රකාශයට පත්කෙරේ