IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


තොණ්ඩමන්ගේ පිරිසක් දිගම්බරන්ට එක්වෙති

(නිමල කොඩිතුවක්කු)
 
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ප‍්‍රබල ආධාරකරුවෝ පිරිසක් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට  සහාය පළකරමින් අමාත්‍ය පලනි දිගම්බරන් මහතා නායකත්වය දරන ලංකා කම්කරු ජාතික පෙරමුණට හා ජාතික කම්කරු සංගමයට එක්වූහ.
 
ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ ප‍්‍රබල ආධාරකරුවන් වන එම්. මලර්වාසගමි හිටපු ප‍්‍රදේශීය සභා මන්ත‍්‍රී  එන්. වීරසාමි යන මහත්වරු ඇතුළු පිරිසක් කඳුරට සංවර්ධන අමාත්‍යාංශයේදී අමාත්‍ය පලනි දිගම්බරම් මහතා හමුවී අද(15) මෙලෙස සහයෝගය පළ කළහ.
 
වත්මන් ආණ්ඩුව වතුකරයේ ජනතාවට ලබාදෙන ප‍්‍රතිලාබ සහ එම ප‍්‍රදේශවල සිදුවන සංවර්ධනය තවදුරටත් ශක්තියක් ලබාදීම සදහා තමන් දිගම්බරම් මහතා සමග සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය ලබා දීමට තීරණය කළ බවත් එම පිරිස එහිදි කියා සිටියහ.



අදහස් (18)

තොණ්ඩමන්ගේ පිරිසක් දිගම්බරන්ට එක්වෙති

නුවරඑළියෙ අපි Tuesday, 15 October 2019 08:07 AM

සජිත් මහතාගේ පියා තමයි..... වතුකරයේ දෙමළ ජනතාවට ප්‍රජා අයිතිය ලබා දුන්නෙ.... ඒ මිනිස්සු කලගුන සලකනවා... දිගම්බරන් තොන්ඩමන්ගෙ කට්ටියගෙ ඡන්ද එකතු වුනොත් සජිත්ට ගොඩක් කන්ද උඩරටින් ඡන්දය ලැබෙනවා.... සරත් පොන්සේකට ආරක්ෂක ඇමති කම දුන්නොත් නම් සුපිරියි... මිනිස්සු කාල බීල හොදින් ඉන්නවා..... රට දුප්පත් වෙලා නෑ.... මිනිසුන්ට සල්ලි අතේ නැත්තෙ අමතර වියදම් වැඩි නිසා.

:       1639       5266

sisiraTuesday, 15 October 2019 08:36 AM

ඕවා අඳ, ගොළු බීරන්ට ගහන බයිලා වගේ. මම නෙමේ කියන්නේ මහ බැංකු අධිපති. රටේ ආර්ථික වේගය 2.5% 2014 7.5% තිබුනේ. තව අවරුදු 5 ක් ගීයොත් ඒක ඝෘණ අගයක් වනවා. ලංකාවාසි ජනතාවට ආසනම් ආයේ විදවන්න දෙන්න.

:       2723       1127

dumindaTuesday, 15 October 2019 10:37 AM

ආර්ථික වර්ධන වේගය ගැන කබ්රාල්ගේ දත්ත වලින් කතා කරලා වැඩක් නැහැ. හැබෑවටම 7.5% කියමු. කවුරුවත් කියනවද මොන ක්ෂේත්‍ර වලින්ද කියලා? ඔය ඉදිකිරීම් නිසා පිම්බුණ ඉලක්කමක් හරි ආර්ථික කළමනාකරණයක් හරි පහුගිය ආණ්ඩුව කළානම් අද මේ අනවශ්‍ය ණය බර නැහැ.මේ අය ආයිත් කරන්න යන්නේ ඔය සෙල්ලම තමයි. ඕක නිකන් වතුර නටනකල් කකුළුවා දිය කෙලිනවා වගේ.ඉඳිකිරීම් අවසන් වෙලා පරිහරණය කරන්න ගියාම තමා තරු පෙන්නේ.

:       39       1

සමන්තTuesday, 15 October 2019 10:48 AM

තමන් නොදන්න දේවල් ගැන මහා බැංකුව පිට දාලා බොරු හදලා කියන්න එපා. එදා 2015 රට බංකොලොත් කරලා ගිය රජය නිසා රට වැටෙන්න ගිය උගුලෙන් බේරගත්තේ වත්මන් රජය​. යහපාලන සංකල්පයට විරුද්ධ වුනු හොරු ටික එදා ඉඳලා සිරිසේන එක්ක එකතු වෙලා කකුලෙන් ඇද්දත් සංවර්ධන වැඩ පිලිවෙල නවත්තන්න බැරිවුනා.

:       27       1

premarathneTuesday, 15 October 2019 08:52 AM

ප්‍රජා අයිතිය දුන්නේ ප්‍රේමදාසද? සිරිමාවෝද?

:       7       33

athuraTuesday, 15 October 2019 11:51 AM

සිසිර මට තියන ගැටලුව මේකයි. ආර්ථිකය ඔච්චර කඩා වැටිලා නම් දැන් ඔයා බලපොරොත්තුවෙන් ඉන්න අපේක්ෂකයා දින්නහම කොහොමද ඒ කඩා වැටිච්ච ආර්ථිකේ එකවරම ඉහලට එසවෙන්නේ? ඇලඩින්ගේ පුදුම පහන වගේ එකක් තියනවද ඒ කණ්ඩායම ලග?

:       12       4

kangaani Tuesday, 15 October 2019 11:55 AM

ප්‍රේමරත්න මහත්තයා නොදන්නා නිසා වතුවල බොහෝ කාලයක් සිටි කෙනෙක් හැටියට මේ දේ කියා දෙන්නම්. සිරිමාවෝ ඉන්ධිරාගාන්දී සමග අත්සන් කල ගිවිසුම නිසා බොහෝ ඉන්දීය දෙමළ වැසියන් වතුවලින් ශ්‍රී ලාංකික පුරවැසියෝ නොවේ කියා ඉන්දියාවට බලෙන් පිටමන් කළා. ප්‍රේමදාස මහත්තයා ඒ වැඩපිළිවෙල නතර කළා. මම සජිත්ගේ හෝ වෙන කිසිවෙකුගේවත් ආධාරකරුවෙක් නොවේ.

:       57       51

LionTuesday, 15 October 2019 12:43 PM

වතුවල වැඩ කරන දෙමළ මිනිසුන්ට මෙරට පුරවැසිකම ලැබුනේ සිරිමා ශාස්ත්‍රී ගිවිසුමෙන්. වතුවල වැඩ කරන මිනිසුන්ගේ ජීවිත අන්ත අසරණයි.කිසිම රජයක් ඔවුන්ගේ ජීවන තත්වය උසස් කරන්න බැලුවේ නැහැ.

:       1       5

pjWednesday, 16 October 2019 04:24 AM

සිරිමා ශාස්ත්‍රී ගිවිසුම හරහා ලංකාවට පැමිණ අතරමන් වී සිටි ලක්ෂ ගණනකට පුරවැසි බව ලැබුනේ ජේ ආර් ට පින් සිදු වෙන්නයි. නින්දෙන් ඇහැරිලා වගේ දොඩවන්නේ නැතුව වතුකරයට ඇවිත් බලන්න එදා සහ අද වෙනස.

:       8       1

Ashoka Tuesday, 15 October 2019 08:40 AM

අන්තිමට වෙන්නේ සුලු ජාතිකයන් එකතු වෙලා ඔවුන්ට සරිලන අස්ථිර ආණ්ඩුවක් බලයට ගෙනෙන එක තමයි.

:       229       292

කුමාර් පොන්නම්බලම් Tuesday, 15 October 2019 10:45 AM

අශෝක. ඔයා දන්නේ නැද්ද සුලු ජාතිකයන් තමා ජනපති තීරණය කරන්නේ කියලා? දැනටත් සජිත්ව තෝරලා ඉවරයි. 17 වැනිදා උදේට ප්‍රතිඵල බලන්න.

:       7       0

MRTuesday, 15 October 2019 10:51 AM

සුලුජාති, මහජාති කියලා ජනකොටස් දෙකක් ලෝකේ දැන් නෑ. ඔක්කොම මනුස්ස වර්ගයට අයත් වෙන්නේ. සිංහල අපේ මේ මානසිකත්වය මත තමයි බංකොලොත් දේසපාලුවෝ පාර්ලිමේන්තුව අරක් අරන් ජනතා මුදලෙන් පෝෂණය වෙමින්, ජනතාව කොටවමින්, මහජන මුදල් කොල්ල කමින් යහතින් මැදුරුවලට වෙලා පවුල් වල උජාරුව ලෝකෙට පෙන්වා පාන්නේ.

:       0       2

sena Tuesday, 15 October 2019 08:42 AM

ඔන්න බුද්ධිමත් මිනිස්සු.

:       181       667

Chandana Tuesday, 15 October 2019 08:55 AM

ජයවේවා!

:       185       83

sirimal Tuesday, 15 October 2019 09:30 AM

හැම තැනකදීම පැති මාරු කරන මේ සියලුදෙනාම වගේ " හිටපු" කට්ටිය වගෙයි පෙනෙන්නේ. කෙසේ නමුත් දිගම්බරන් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ නිවාස ගැටලුව විසඳීම සඳහා ලබා දුන් ඩොලර් මිලියන 300 ආධාර වලින් වතුකරයේ ලයින් නිවාස වල ජීවත් වූ ජනතාව වෙත පර්චස් 7ක ඉඩමක තමන්ගේම නිවසක් සාදා දුන් ව්‍යාපෘති ගනනාවක් නිමා කරදීමට සමත් වෙලා තියෙනව. වතුකර ජනතාවගේ පඩිය යම් ප්‍රමානයකින් ඉහල නංවා ගන්නට කටයුතු කලා.

:       50       589

bishan Tuesday, 15 October 2019 12:18 PM

වතුකරයෙන් නම් ජාතිවාදීන්ට ජන්දේ නෑ.

:       1       79

ISURU Tuesday, 15 October 2019 03:23 PM

වතුවල ඉන්න දුප්පත් මිස්සුන්නට ගොඩාක් ගෙවල් හදල තියෙනවා සජිත් එනිසා වෙන්න ඇති මිනිස්සු සජිත්ට කලගුණ සලකන්න යන්නේ කියලයි අපි හිතන්නේ ......

:       3       23

Nimal Santha Thursday, 17 October 2019 04:22 AM

මෙතනදී පෙනෙන්නේ දෙමල් ජනතාව අතරත් ජාතිවාදී පිරිසක් හා එසේ නොසිතන පිරිසක් සිටින බව නොවේද ? මේ තත්වය ඉදිරියේදී TNA සහාය දීමත් සමග රටට තවත් තහරු වෙනවා ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 496 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 305 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site