IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තුන්වැනි මහලේ බිත්තිය සැඩ සුළඟින් අසල නිවෙසක වහලය මතට

( රේඛා  තරංගනී  ෆොන්සේකා)
 
මොරටුව ලුනාව ප්‍රදේශයෙන් හමාගිය දැඩි සුළං තත්ත්වයෙන් ඉදිකරමින් තිබූ තුන් මහල් ගොඩනැගිල්ලක උඩුමහලේ බිත්තිය අසළ නිවසක වහලය මතට කඩා වැටී ගැබිනි මවක් ඇතුලු දෙදෙනෙකු තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව මොරටුව පොලිසිය පවසයි.
 
අද අලුයම  මෙම  සිද්ධිය වන අවස්ථාවේ  ගැබිනි මව සිය සැමියා සහ සත් අවුරුදු පුතු සමඟ නිදන කාමරයේ නිදා සිට ඇති අතර ඔවුන් නිදාසිටි ඇඳ මතට එම  බිත්තිය කඩා වැටී ඇති අයුරු දැකගත හැකිවිය.

 පැවැති වැසි සහිත කාලගුණික තත්ත්වය සමඟ  මෙය සිදු වී තිබේ.
 
මෙසේ තුවාල ලබා ඇත්තේ ලුනාව  8 වෙනි පටුමගේ ධීවර නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි  එකම පව්ලේ තිදෙනෙකි.
 
සැප්තැම්බර් මාසයේ ඇය දරු ප්‍රසුතියට දින ලබා සිටි මවකි.
 
මේ සම්බන්ධයෙන් මොරටුව මුලස්ථාන පොලිස්  පරීක්ෂක ‍නිශාන්ත ලොකුගේ මහතා ගෙන් අප විමසා සිටිය අතර ඒ මහතා පැවසූයේ සිද්ධිය  සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
 
 තුවාලකරුවන් සෞඛ්‍ය  තත්ත්වය සම්බන්ධයෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතාගෙන් විමසා සිටි අතර  ඒ මහතා පවසා සිටියේ සත් අවුරුදු දරුවාගේ ප්‍ර‍රධාන උකුල් ඇටයට හානි සිදුවී ඇති බවත් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරු කර යැවීමට  පියවර ගන්නා බවත්ය.
 
ගැබිනි මවද මෘතෘ වාට්ටුවකට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් ඇයගේ සෞඛ්‍ය තත්වය ගැන වෛද්‍යවරු  පරික්ෂණ අරඹා ඇති බවත පියාගේ තත්වය හොඳ මට්ටමේ පවතින බවත් පැවසීය.


 



අදහස් (0)

තුන්වැනි මහලේ බිත්තිය සැඩ සුළඟින් අසල නිවෙසක වහලය මතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site