(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කෝවිඩ්-19 ට එරෙහි ක්‍රියාන්විතයට සම්බන්ධ ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවියට අනුව, ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 520 දක්වා ඉහළ ගොස් තිබිණ. ඒ අද(12) උදෑසන 07.34 වනවිට නිකුත් කරන ලද දත්ත අනුසාරයෙනි.
මේ අතර, පුද්ගලයන් 43දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද උදෑසන තහවුරු වී ඇත. මෙයින් 13දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වන අතර, සෙසු 30දෙනා එම පිරිසගේ ආශ්‍රිතයන් බව හඳුනාගෙන ඇත.
ඒ අනුව, අද වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2511 ක් වූ අතර ඔවුන් අතුරින් 1980 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් හොයලා බලන්න ඕනා මේක පිටිපස්සේ ඉන්නේ "පුතාණෝද" නැත්නම් වෙන කවුරුහරිද කියලා?
මත්ද්‍රව්‍ය ලෝලීන් හරහා කේරල ගංජා හා කුඩු ආදියෙන් ඉන්දියාව හරහා වෛරසය පැමිණෙන්නට ඇතැයි කාට හෝ උපකල්පනය කළ හැකියි නේද..? එසේ නම් මේ කුඩුකාරයින්, ගංජාකාරයන් එවැනි නොසන්ඩාලයින් නිසා මේ රටේ අහිංසක මහජනතාව තවදුරටත් දුක් විඳිය යුතුද..? මේ කුඩුකාරයන්, ගංජාකාරයින් වැනි ඒ අයට තවදුරටත් මේ සෙල්ලම කරගෙන යාමට ඉඩ දිය යුතුද...? ඔවුන් පුනරුත්ථාපනයට ද විශාල මුදලක් වැය වනවා හැරෙන්නට ඔවුන්ගෙන් මහජනතාවට සිදුවනුයේද විශාල අවැඩක්ය. මේ හැතිකරයෙන් තවත් කල් නොයවා රටේ ජනතාව බේරා ගත යුතුයි.
මත්ද්‍රව්‍ය සංසරණය තුළ මෙම වයිරසය පැතිරෙන බව දැන් පැහැදිලි වෙනවා. ආරම්භය සුදුවැල්ලේ මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් යැයි කිව හැක. මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් අනුකම්පා විරහිතව මව්බිමෙන් අතුගා දැමිය යුතු කාලය එළඹ ඇත.