(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 193 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ඩුබායි සිට අද (30) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් අතුරින් වැඩි පිරිසක් එරට රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන්ය.
ඩුබායි සිට ගමන් ආරම්භ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 232 දරන මෙම ගුවන් යානය අද සවස 6.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කෙරුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෘහසේවිකාවන් හැර අනෙක් බොහෝම දෙනෙක් නොකා, නොබී ඉතුරු කරන පිරිස වැඩි නිසා නොමිලේ ජී.සී.ආර්. අවශ්‍ය නැහැ. සමෘධිය සහ බදු රහිත වාහන බලපත් ඉල්ලූ සමීක්ෂකයන් ඔක්කොම ඔතන ඉන්නවා... මාසික වැටුප අවම ලක්ෂ 5ක් පමණ වේ.. සත්‍යය ඕකයි..
ඔතන ඔක්කොම සමීක්ෂකයෝ මුදල් එකතු කළාට පරණ බය තියෙනවා වගේ ගෘහසේවිකාවන් නම් පින් දහම් කරමින් ජාතික ආරක්ෂාවට ලක්ෂ ගණන් පිරිනමමින් එඩිතරව මෙහි සිටිනවා. ජනතාවනි, ඔවුන් ඔක්කොම නැවත හරවා එවන්න රැකියාවල් තවම තියෙනවා.
ගොඩක් හොඳයි... ස්තුතියි... ශ්‍රී ලංකානු තානාපති කාර්යාලයට... පුළුවන් තරම් ඉක්මණට මාවත් ගන්නවානම් හොඳයි. ජොබ් එක නැහැ. 6 වතාවක් ගියා ඩුබායි එම්බසියට... එන්න එන්නම මේ තත්වය අමාරු වෙයි. ගොඩක් මිනිස්සු අසරණ වෙලා ඉන්නේ... කරුණාකර උදව් කරන්න.
ශ්‍රී ලංකානු තානාපති කාර්යාලයට.. පුළුවන් තරම් ඉක්මණට මාවත් ගන්නවා නම් හොඳයි. ජොබ් එක නැහැ. එන්න එන්නම මේ තත්වය අමාරු වෙයි. ගොඩක් මිනිස්සු අසරණ වෙලා ඉන්නේ.. කරුණාකර උදව් කරන්න.