IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ට්‍රම්ප් දින කිහිපයක් රෝහලේ



නව කොරෝනා වයිරසය ආසාදනය වූ බව තහවුරු වීමෙන් පසු රෝහල් ගත කෙරුණු ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට තවත් දින කිහිපයක් රෝහලේ රැඳී සිටීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.

තමන්ට සහ ජනාධිපති ආර්යාවට ‘කෝවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ටිව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊයේ (2) සඳහන් කළේය.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා 74 වැනි වියේ පසුවෙයි. ‍

ඇමෙරිකානු ජනාධිපතිවරයාට අමතර ඔක්සිජන් ලබාදීමේ අවශ්‍යතාවක් නැතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ වන අතර අතර හෙතෙම සිකුරාදා පස්වරුවේ රෝහල්ගත කර ඇත.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇතුළත් කර ඇත්තේ මේරිලන්ඩ් හි පිහිටි වෝල්ටර් රීඩ් ජාතික හමුදා මධ්‍යස්ථානයේ පිහිටි රෝහලටය.

ධවල මන්දිරයේ සිට හෙලිකොප්ටරයකින් ජනාධිපතිවරයා රෝහලට රැගෙන ගියේය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා හෙලිකොප්ටරය වෙත ඇවිදගෙන ගිය අතර මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූයේ නැත. එමෙන්ම ඔහු මුඛ ආවරණයක්ද පැළැඳ සිටියේය. ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පෙනී සිටින සුපුරුදු ඇඳුමින් (බිස්නස් සූට්) සැරසී සිට අතර සෙමෙන් හෙලිකොප්ටරය වෙත ඇවිද ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ.

පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස ඇමෙරිකානු ජනාධිපතිවරයා දින කිහිපයක් රෝහලේ රැඳී සිටිනු ඇතැයි ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කෙයිලි මැක්නනි ප්‍රකාශ කළාය.

 
- රොයිටර් අනුග්‍රහයෙනි
- 055



අදහස් (6)

ට්‍රම්ප් දින කිහිපයක් රෝහලේ

Champa Saturday, 03 October 2020 11:11 AM

අන්තිමට කාටත් එපා කිව්ව මුහුණු ආවරණත් දාලා.

:       4       7

Demuni Uduwara Saturday, 03 October 2020 11:27 AM

ඔහුට ඉක්මන් සුවය අපි ප්‍රාර්ථනා කරනවා.

:       4       19

චමින්ද ජයනාත් ජයසූරිය Saturday, 03 October 2020 12:41 PM

ඔහුට ඉක්මන් සුවයප්‍රාර්ථනා කරන්නෙමු....!

:       0       0

Raveendra Saturday, 03 October 2020 03:03 PM

හාදය අවුල් උනාට මනුස්ෂයන් හැටියට ඉක්මන් සුවය අප ප්‍රාර්ථනා කරන්නෙමු..

:       0       0

Bamunuarachchi Sunday, 04 October 2020 12:22 AM

ඇමරිකාවට බෙහෙත් කල හැකි පෙකනිල් වෙදෙක් ලංකාවේ හිටිය එයා තවම බෙහෙත් නියම කරනවාද කියලා දන්නේ නැහැ. මොකද දැන් වෛද්‍ය සභාව හොර දොස්තරවරු ගැන සොයනවා.

:       1       0

bamunuaarachchi Sunday, 04 October 2020 05:06 AM

ඔබතුමාට ඉක්මණින් සුවය ලැබේවායි ප්‍රර්ථනා කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site