ඉරානයේ ප්‍රබලම ජෙනරාල්වරයකු වන කසීම් සුලෙයිමානී ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගන්නැයි ඉරානයේ අධිකරණයක් වරෙන්තු නිකුත් කර ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදය ඩ්‍රෝන යානා යොදාගනිමින් පසුගිය ජනවාරි මාසයේදී එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ජෙනරාල් කසීම් සුලෙයිමානී මරුමුවට පත්විය.
ඒ අනුව ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ එම ප්‍රහාරය එල්ල කිරීමට සම්බන්ධ යැයි විශ්වාස කරන තවත් 30කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නැයි ඉරානයේ අධිකරණයක් විසින් නියෝග කරනු ලැබ තිබෙන අතර ඒ සඳහා ජාත්‍යන්තර පොලිසියේ (ඉන්ටර්පෝල්) සහාය ද ඉල්ලා ඇත.
ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට පැමිණි අවස්ථාවේදී ඉරාන ජෙනරාල්වරයා ඝාතනයට ලක්විය.
ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට ලක්වූයේ ජනවාරි 3 වැනිදා ය. ඇමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු 30 දෙනකුට අධික පිරිසක් ඊට සම්බන්ධ යැයි ද ඔවුන්ට ‘‘මනුෂ්‍ය ඝාතන සහ ත්‍රස්තවාදී චෝදනා’’ එල්ල කර ඇතැයි ද තෙහ්රාන් හි විනිසුරුවරයකු වන අලී අල්කසිමෙහ්ර් උපුටා දක්වමින් ඉරානයේ අයි.එස්.එන්.ඒ. පුවත් සේවය වාර්තා කර තිබිණි. අයි.එස්.එන්.ඒ. යනු ඉරානයේ අර්ධ රාජ්‍ය පුවත් සේවයකි.
විනිසුරු අලී අල්කසිමෙහ්ර් අන් අය කවුරුන්දැයි සඳහන් නොකළ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව වුවද ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බව පැවැසීය.
ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය මේ සම්බන්ධයෙන් තවමත් කිසිවක් ප්‍රකාශ කර නැත.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කරන්නැයි ද ඉරානය, ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලා ඇත. රතු නිවේදනය යනු ජාත්‍යන්තර පොලිසිය සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කරන ඉහළම නිවේදනය යි.
අල්ජසීරා
055

2025 දෙසැම්බර් මස 18
694
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ට්‍රම්ප් අත්අඩංගුවට ගන්නැයි ඉරාන අධිකරණයකින් වරෙන්තු
Dilan Monday, 29 June 2020 03:36 PM
අපේ කලින් එක්කෙනා උතුරු කොරියාවට සම්බාධක දැම්මා මතකද?
රොෂාන් Tuesday, 30 June 2020 12:44 AM
එයාලා ඔච්චරටම දන්නේ නැද්ද ඇමරිකාවේ ජනාධිපතිව අත්අඩංගුවට ගන්න කොහොමත් බෑ කියලා..?
Parakramabahu Tuesday, 30 June 2020 04:35 AM
ගනී ගනී බලාගෙන ඉන්න... පව් ඔයාලා ඉරානේ නේ... ඇමරිකාව කියන්නේ ලෝක මහ බලවතා ...