(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හිටපු අමාත්‍යවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා රිමාන්ඩ් බාරයෙන් මුදා හරිනවාද නැද්ද තීන්දුව ලබන 17 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (12) තීන්දු කළේය.
ලක් සතොස ආයතනයේ භාණ්ඩ මිළදී ගැනීමේදී සිදුවූ අක‍්‍රමිකතා සිදුවූවා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව පවරා ඇති නඩුව නිමවන තෙක් තමන් රිමානඞ් බාරයට පත් කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරුවරයා කර ඇති නියෝගය අවලංගු කර , තමන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍යවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඉදිරිපත් කර ඇති ප‍්‍රතිශෝධන පෙත්සම සලකා බලමින් අභියාචනාධිකරණය අද තීන්දු කලේය.
මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ ජනක් ද සිල්වා මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැළිණි.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස නීතිපති නම් කරනු ලැබ ඇත.නීතීඥ සනත් විජේවර්ධන මහතා ගේ උපදෙස් පරිදි ගොනු කළ පෙත්සමේ මෙසේද සඳහන් වේ.
2016 මාර්තු මාර්තු 28 වැනි දින ලක් සතොස ආයතනයේ නාවික මිලඳී ගැනීම සම්බන්ධයෙන් සිදුවූ අක‍්‍රමිකතාවයන් සම්බන්ධයෙන් සිදු වූ අක‍්‍රමිකතාවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කුරුණෑගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබිණි.එහිදී පෙත්සම්කරු ඇප මත මුදා හරින ලදී.
මෙම නඩුව යළිත් පසුගිය සැප්තැම්බර් 03 වැනිදා විභාගයට කැඳවනු ලැබු අතර එහිදී පෙත්සම්කරු නඩුව නිමවන තෙක් රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබීය.
ඉන්පසුව පෙත්සම්කරු ඇප අයදුම්පතක් ඉදිරිපත් කලත් මහාධිකරණ විනිසුරුවරයා විසින් එම අයදුම්පත ප‍්‍රතික්ෂේප කෙරිණි.
මෙම නියෝගය නීතියට පටහැනිවේ.පෙත්සම්කරුගේ නිදහස අහිමි කිරීමකි. එබැවින් වගඋත්තරකරුට නොතීසි නිකුත් කරන ලෙසද , තමන් මහාධිකරණ විනිසුරුවරියගේ රිමාන්ඞ් කිරීමේ නියෝගය ඉවත දමන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි නීතීඥ සුදත් කල්දේරා සමඟ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.
නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නයෝමි වික‍්‍රමසේකර මෙනවිය පෙනී සිටියාය
2025 දෙසැම්බර් මස 18
42
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
130
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
929
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජොන්ස්ටන්ට ඇප දෙන තීන්දුව 17 දා