
(විනීතා එම් ගමගේ)
විසි වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අදහස් දැක්වූ මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි මහතා කියා සිටියේ ජේ.ආර් ගේ ව්‍යවස්ථාවට වඩා ජී.ආර්. (ගෝඨාභය රාජපක්ෂ) ගේ ව්‍යවස්ථාව බරපතල බව පෙනෙන බවය. 2015 දී ජනතාව නැගී සිටියේ රාජ්‍ය මැදිහත් වීමකින් තොරව ස්වාධීනව කටයුතු කිරීම වෙනුවෙනැයි ද ජනාධිපතිත් ආණ්ඩුවත් සිතා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටාව ඉවත් කිරීමට යැයි ද ඔහු සඳහන් කළේය.
විසි වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළැඹීමට හා ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බව විස්සට එරෙහි වෘත්තිය සමිති ව්‍යාපාරයේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජික ජෝෂප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය. මේ වනවිටත් එහි ආරම්භක පියවර ලෙස එම සංශෝධනයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
මේ සම්බන්ධව ගන්නා වෘත්තිය ක්‍රියාමාර්ග මොනවා ද යන්න ගැන ඉදිරි සතිය ආරම්භයේ දී ජනතාව දැනුවත් කරන බව ද ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් හෙට පෙරවරු 7.00 සිට 9.00 දක්වා කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී පවත්වන බවත් ස්ටාලින් මහතා කීය.
ජෝෂප් ස්ටාලින් මහතා මේ අදහස් පළ කළේ ලංකා ගුරු සංගම් ශාලාවේ අද (30) පැවති මාධ්‍ය හමුවක දීය. විවිධ මට්ටම්වල වෘත්තිය සමිති රාශියක් විස්සට එරෙහි වෘත්තිය සමිති ව්‍යාපාරය හා එක්ව ඇතැයි කී ඔහු රටට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යම යැයි ද කීවේය.
ලොකු ලොකු කතා කියමින් මැති ඇමති තනතුරු ගත් ආචාර්ය මහාචාර්යවරු 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා සමාජ ආතතියක් ඇතිවූ බව කියතැයි ද රජය කරන්නේ කොමිසන් සභා තියාගන්නා බව කියමින් ව්‍යවස්ථාදායක සභාව ඉවත් කර සියලු කොමිසන් සභා තමන් යටතේ තබා ගැනීමට පියවර ගැනීම යැයි ද ස්ටාලින් මහතා පැවැසීය.
19 වන ව්‍යවස්ථා සංශෝධනය මෙරට ක්‍රියාත්මක කර ගත්තේ ඉතා අමාරුවෙන් යැයි ද රජයට අයිති ආයතනවල විගණනය තහවුරු කරන එම සංශෝධනය අහෝසි වූ පසු පාර්ලිමේන්තුව ඉදිරි විගණනවලට වග නොකියනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
කොමිසන් සභා මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනොගේම උවමනාවට ඇති වු ඒවා නොවේ යැයි ද ඒවා ජනතා ඉල්ලීම් ඉටුවීමක් යැයි ද හෙතෙම පැවැසීය.
ලංකා වෙළඳ හා පොදුකම්කරු සංගමය වෙනුවෙන් මාධ්‍ය හමුව ඇමතූ සිල්වෙස්ටර් ජයකොඩි මහතා කියා සිටියේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට වඩා 20 වන සංශෝධනය ඒකාධිපති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සර් රජකරමු.
නීති හදන්නන් උත්සාහ කරන්නේ නිර්දෝශී ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන් විනාශ කරන්නයි.
විවෘත ආර්ථිකයක් කියලා එකක් ගෙනැල්ලා එකඑකාට කුඩුයි ලෝකෙම තියෙන දහ ජරාවයි ගේන්න පුලුවන් විදියට ජේ.ආර් කියන එකා හදපු ව්‍යවස්ථාව ඔක්කොටෝම වඩා අන්තයි. ඒක හොඳ සිරිකොතේ ලැගලා ඉඳන් දන්කුඩ කන බත් බැලයින්ටයි, සිරිකොතේ ඉන්න අලියගෙ නැට්ටේ එල්ලිලා ඉන්න අයටයි...
මොළය හොඳින් තියෙන කෙනෙකු දන්නවා වැඩි බලයක් නොමැතිව රටක් පාලනය කරන්න.., එසේ නොමැති නම් රටක් පාලනයට බලය වුවමනා කරනවා. මොලේ නොමැති නම් බලය යොදවන්න වෙනවා.
බොහෝ මිනිස්සු බය වයවස්ථාව වෙනස් වෙනවට නෙමේ.. ලෝකේ නැති දහජරා වැඩ කරකර.. එ් වැඩ සාධාරණීකරණය කරකර සල්ලි හම්බකරගන්න අවස්ථාවන් ඇහිරෙනවට.. බොහෝ මිනිස්සු බය ව්‍යවස්ථාව අලුත් වෙනවට නෙමේ.. අම්මා අප්පා වුණත් කමක් නෑ විකුණලා මේ රට හපයක් වෙන තරමට තලුමරලා තමන්ට ලැබෙන රන්කාසි ටික නැති වෙයි කියන බයට.. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ හරිම සුන්දර නිකැලැල් ප්‍රභාෂ්වර දෙයක්.. හැබැයි මේ රටේ මිනිස්සු ඒ සුන්දර දෙය හරි ලස්සනට භුක්ති විඳින්න දන්නේ නැහැ.. එහෙම මිනිස්සු ඉන්න රටකට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙම විනයක්... ඒක තමයි අද දවසේ අපට හරි ලස්සනටම පෙනෙන සිද්දිය...
අඩුම තරමින් වියතුන් කියන්නේ කරන හැමදෙයක්ම හොඳයි කියලා පිළිගන්න අයද?
ජී.ආර්. මහත්තයෝ ව්‍යවස්ථාවෙන් පමණක්ම බරපතල වෙලා බැහැ.. ජී.ආර්. ට වඩා ක්‍රියාවලිනුත් බරපතල වෙන්න.
පාර්ලිමේන්තුවේ 2/3 තියාගෙන, විධායක ජනාධිපතිකමකුත් තියාගෙන තවම බැරි වුණු අයවැයක් ගෙන එන්න, පිටරටවල අතරමංවෙලා ඉන්න විදේශ ශ්‍රමිකයෝ සෞඛ්‍යාරක්ෂිතව රටතුළට ගෙනත් ඔවුන්ගේ ජීවිතාරක්ෂාව සහතික කරන්න. රටේ සහල් ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල අඩුකරන්න. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් දෙන්න. මහ බැංකු හොරු අල්ලන්න.
20 නැතුව ලංකාව සිංගපූරුවක් කරන්න බැහැ.
ජේ.ආර් ජයවර්ධන කියන්නේ 1977 වෙනකොට අවුරුදු 55කට වැඩි දේශපාලන පළපුරුද්දක් තිබුන නායකයෙක්.