ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් යොදවා ශ්‍රි ලංකාවේ සිට නාවික සැතපුම් 463 (දළ වශයෙන් 835km පමණ) පමණ දුරක සිදුකළ සාර්ථක මෙහෙයුමකින් අනතුරුව අත් අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාව අද (01) උදෑසන දික්ඕවිට ධීවර වරායට රැගෙන ආවේය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලං නා නෞ සයුර මගින් පසුගිය 28 (සෙනසුරාදා) දින උදෑසන ශ්‍රී ලංකාවේ දකුණු වෙරළේ සිට නාවික සැතපුම් 463ක පමණ දුරකදී (දළ වශයෙන් 835km පමණ) මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි යාත්‍රාවක් අත් අඩංගුවට ගන්නා තිබිණි.
මෙම විදේශීය යාත්‍රාව රාජ්‍යක ධජයක් රහිතව (Flag state) ජාත්‍යන්තර මුහුදේ දී නිරීක්‍ෂණය කර, එය පරීක්‍ෂාවට ලක් කල අතර, එහි තිබී අයිස් නම් මත්ද්‍රව්‍ය (Methamphetamine) කිලෝග්‍රෑම් 605 ක ප්‍රමාණයක් ද, මීට පෙර ශ්‍රී ලංකාව තුළ සොයාගෙන නොතිබූ කෙටමින් නම් මත්ද්‍රව්‍ය (ketamine) කිලෝග්‍රෑම් 579 ක් ද සොයාගන්නා ලදී.
තවද එහි බාබුල් නම් මත්ද්‍රව්‍ය පැකට් 200ක් සහ තවත් හඳුනා නොගත් මත් පෙති 100g ක් පමණ වන ප්‍රමාණයක් ද ඇති බව වාර්තා වේ. අයිස් මත්ද්‍රව්‍ය (Methamphetamine) තොගයේ පමණක් වටිනාකම රුපියල් කෝටි 605 ක් බවට ගණන් බලා ඇත.
මෙහිදී එම යාත්‍රාවේ සිටි පකිස්ථානු ජාතික සැකකරුවන් 09 ක් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද අතර, මෙය මෙතෙක් මුහුදේදී සිදුකරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් ඉහළම මත්ද්‍රව්‍ය ප්‍රමාණය වේ.
මෙම වර්ෂයේ ගතවූ මාස 03 තුළ ජාත්‍යන්තර මුහුදේදී අත් අඩංගුවට ගත් 03 වන විදේශීය යාත්‍රාව මෙය වන අතර, මීට පෙර පෙබරවාරි මස 22 සහ 25 දිනයන්හීදී මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටි විදේශීය යාත්‍රා දෙකක් හා එයින් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල ශ්‍රී ලාංකීය ධිවර යාත්‍රාවක් අත් අඩංගුවට ගන්නා ලදි.
එහිදී විදේශිකයින් 16 හා ශ්‍රී ලාංකිකයින් 05 කුත්, මුහුදේදී ප්‍රවාහනයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් 06 ක් ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේදී අත් අඩංගුවට ගන්නා ලදී. තවද 2019 වර්ශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3653 ක්, හෙරෝයින් කිලෝග්‍රෑම් 762 ක්, අයිස් (Methamphetamine) කිලෝග්‍රෑම් 03 ක් අත්අඩංගුවට ගත් අතර, මෙම වර්ශයේදී මේ දක්වා මාස 03 ක කාලය තුළදී පමණක් කේරළ ගංජා කිලෝග්‍රෑම් 2339 ක්, අයිස් කිගෝග්‍රෑම් 739 ක්, හෙරෝයින් කිලෝග්‍රෑම් 438 ක් සහ කෙටමින් (ketamine) කිලෝග්‍රෑම් 579 ක් අත්අඩංගුවට ගැනීමට සමත් විය.
ඒ අනුව අද (2020 අප්‍රෙල් 01) දින දික්ඕවිට වරාය පරිශ්‍රය වෙත මෙම මත්ද්‍රව්‍ය තොගය ගෙන එන අවස්ථාව සඳහා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා ඇතුළු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් පැමිණ සිටි අතර, මෙම අවස්ථාව නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ද සහභාගී විය.
මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් යාත්‍රාව, පකිස්ථානු ජාතික සැකකරුවන් 09 දෙනා සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණය සහ ඉදිරි නීතිමය කටයුතු පොලිස් මත්ද්‍රව්‍යය නාශක කාර්යාංශය මගින් සිදු කිරීමට නියමිතව ඇත. මෙලෙස ජාත්‍යන්තර මුහුදේ මත්ද්‍රව්‍ය රැගෙන එන යාත්‍රාවන් පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව චන්ද්‍රිකා තාක්‍ෂණය උපයෝගී කරගෙන නිරතුරුවම සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබන අතර, මෙම මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ විදේශ මෙන්ම දේශීය කොටස්කරුවන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය හා ඒකාබද්ධව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු යොදා ඇත.
(- නාවික හමුදා මාධ්‍ය අංශය-.)
සබැඳි - මත්ද්‍රව්‍ය නෞකාව දික්ඕවිට වරායට
නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග
ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් නෞකාව දික්ඕවිට වරායට