(ඩයනා උදයංගනී)
වාණිජ බැංකු මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ගිණුම් සඳහා ගෙවනු ලබන පොලී අනුපාත අඩු කර ඇතත් ඔවුන්ට ලබාදී ඇති ආදායම් බදු නිදහස වෙනස් කර නැතැයි උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එබැවින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදුන් බදුසහන ඉවත්කළ බවට පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් සාවද්‍ය බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට පෙර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වාර්ෂිකව ස්ථාවර තැන්පතුවලින් පොලිය මත උපදවන ආදායමෙන් ලක්‍ෂ 15ක් පොලී ආදායම් බද්දෙන් නිදහස් කර තිබූ බව කී බන්දුල ගුණවර්ධන මහතා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ බදුසහන පැකේජය යටතේ පොලී ආදායමෙන් ලක්‍ෂ 30ක් බද්දෙන් නිදහස් කර තිබෙන බව ද කීවේය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් රාජ්‍ය ආර්ථික කළමනාකරණයේදී විචක්‍ෂණශීලී ක්‍රමවේද යොදාගැනීමට සිදුව ඇතැයි කී ඇමතිවරයා විශේෂඥ මණ්ඩල සමඟ සාකච්ඡා කර ඉදිරි වර්ෂවලදී ණය පොලී අනුපාතය තනි ඉලක්කමේ සංඛ්‍යාවක් ලෙස පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇතැයි ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදේ කියන එක හවස වෙනස් කරන මේක ආණ්ඩුවක්ද? කෝලම් මඩුවක්ද?
පොලිය අඩුකළත් බදු නිදහස වෙනස්කර නැහැ කියලා ඇදුරුතුමා කියනවා. එයින් වාසියක් වෙන්නේ කෝටි ගණන් ස්ථාවර තැන්පතු ඇත්තන්ට පමණයි. ලක්ෂ 5ක්, 6ක් තැන්පත් කර එම පොලියෙන් ජීවත්වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙම ක්‍රියාව හෙනපහරක් වගේ කියන්න පුළුවන්. යහපාලන කාලයේ ජ්‍යෙෂ්ඨ පුරුවැසියන් ගැන සලකා රවී ඇමතිතුමා ජ්‍යෙෂ්ඨ පුරුවැසියන්ට දුන් මෙම සහනය අඩුකරන බව මැතිවරණයට පෙර ප්‍රකාශකිරීම ගැන අනේක වාරයක් ගරු බන්දුල ඇමතිතුමාට ස්තූතියි..!!!
අප පිළිගත යුත්තේ ඔබ කියන දෙයද, නැත්නම් ගරු අගමැතිතුමා කියන දෙයදැයි පැහැදිලි නැහැ. හතර දෙනෙකුගේ පවුලකට රුපියල් 2500න් මාසයක් ජීවත්විය හැකියි කියපු ඔබම මෙම යෝජනාව ගෙනෙන්නට ඇතැයි සිතෙනවා.
බන්දුල මහත්තයෝ හැම දේටම කොරෝනාවලට බැනලා වැඩක් නැහැ. වැරැද්ද තියෙන්නේ ඔබතුමාලාට මොකුත් කරගන්න බැරිකම... වැඩිහිටි ගිණුම්වල තියෙන්නේ බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි නෙවෙයි මුලු ජීවිත කාලයක් පෞද්ගලික අංශයේ වැඩකරලා ඊපීඑෆ් එකෙන් ගත්ත මුදල් ඉතින් ඒ මිනිස්සුන්ගේ බඩට ගහන තමුන්නාන්සේලාට යන්න වෙනම අපායක් හදන්න වෙනවා.
බන්දුල ඇමැතිතුමනි, ඔබ කෙසේ කිව්වත් වැඩිහිටි අයට මාසෙට ලැබෙන මුදල් ප්‍රමාණය අඩුවෙලා තියෙනවානේ... ඒකතමයි වැදගත් ඒ වගේම ඔබ කියන බදු නිදහස් වාසිය ගන්නේ මිලියන 10 හෝ 20 හෝ ස්ථාවර තැන්පතු දාපු අයටනේ.. අද බහුතරය දමන්නේ ලක්ෂ 5-15 ක අයගේ ඉන්කම් එක ඔබතුමාලා අඩුකරලා නැහැ.
යන එන මගක් නැති අසරණයාගේ මුළු ජීවිත කාලෙම උපයාගත් සොච්චමටත් වැඩේ දුන්නා නේද ඇමැතිතුමා..? මගේ ඡන්දෙ නම් ශුවර්..
මේක මහා බම්බු කතාවක්නේ... පොලිය අඩු වුණාම බදු නිදහස දුරුකරන්න දෙයක් නැහැ. ඉබේම ලැබෙනවා. අඩුකරනවා ගෙදර ඉඳන් වැටුප් ගන්න සේවකයින්ගේ වැටුප්. මොකද ඔවුන් විතරද ජීවත් වෙන්න ඕනේ..?
බොරු කියන්න එපා. ෆික්ස් ඩිපෝසිට් වලින් ජීවත් වෙන කෙනෙක්... මෙයාටවත්, මේ ආණ්ඩුවටවත් ඡන්දෙ දෙන්න එපා. දුප්පත් අපේ බඩ හැකිලෙන්නම ගැහුවා.
ආච්චියේ, සීයේ දැන් සැපද? සනීපද?
හරිම හිරිකිතයි, විශ්‍රාමිකයන් හුඟ දෙනෙක් යැපෙන්නේ ඔය හම්බවෙන පොලියෙන්... එ්ක ඇර ඒ මිනිසුන්ට වෙන අාදායමක් නැහැ. එ්කත් භාගයකින් කපලා කිසිම හිතක් පපුවක් නැතිව.., මේ මිනිස්සු ඉදිරියේදී මොනවා නොකරයිද?
ඡන්දේ ඉවර වුන ගමන්.?