IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජල සම්පාදන පනත සංශෝධනයට ඇමැතිගෙන් උපදෙස්


(ජයන්ත සමරකෝන්)

ජල සම්පාදන පනතේ පවතින අඩුපාඩු රැසක් ඉවත්කර, අලුතින් නීති සම්පාදනය කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද(14) ලංකාදීපයට පැවසීය.

නීතිවිරෝධී ලෙස ජලය ලබාගන්නා පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නීතිය තදින් ක්‍රියාත්මත කර දැඩි දඬුවම් ලබාදීමට ජල සම්පාදන අමාත්‍යංශය තීරණය කර ඇති බවත්, ඒ සඳහා මෙම පියවර ගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ධනවතුන්, ව්‍යාපාරිකයන්, රජයේ ඇතැම් බලවතුන් ඇතුළු ජාවාරම්කරුවන් පිරිසක් මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන්හි වැඩි වශයෙන් යෙදෙන බවට පැමිණිලි ලැබී ඇතැයිද අමාත්‍යවරයා කීය.

වසර ගණන් හොරෙන් ජලය ලබාගන්නා පුද්ගලයකුට වත්මන් ජල සම්පාදන පනතට අනුව ඇස්තමේන්තු කරනු ලබන්නේ වසර දෙකක දඩ මුදලක් පමණක් බවද, මෙමගින් සාමාන්‍ය ජල පාරිභෝගිකයන්ට සිදු වී ඇත්තේ බලවත් අසාධාරණයක් බවද, අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ගතවූ මාස 7 තුළ කොළඹ නගරය තුළ පමණක් හොරෙන් ජලය ලබාගත් පුද්ගලයන් 404දෙනෙකුගෙන් රුපියල් කෝටි දෙකහමාරක් දඩ මුදලක් ලෙස ලබාගෙන ඇතැයි පැවසේ.



අදහස් (5)

ජල සම්පාදන පනත සංශෝධනයට ඇමැතිගෙන් උපදෙස්

විජේ Friday, 14 August 2020 08:16 AM

මහත්තයා මොනවා කරයිද දන්නෑ.., ටිකක් කල්පනාවෙන් ඉන්න වෙයි....

:       0       84

de silva Friday, 14 August 2020 08:48 AM

දිවයිනේ සියලුම ප්‍රදේශවල වගේ ප්‍රෙෂර් නොමැති බව කියමින් නව ජාල සම්බන්ධතා සැපයීම සීමාකර ඇත. ඉංජිනේරුවන්ට රුපියල් 20000ක් විතර පගාව දුන්නාම නිකන්ම ප්‍රෙෂර් එක වැඩිවෙලා, ජාල සම්බන්ධතාව ලැබෙනවා. මේ ගැනත් සොයා බලන්න.

:       0       13

Shirley suraweera Friday, 14 August 2020 09:08 AM

මහබැංකු, BMW... නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න.

:       0       41

ලසන්ත Friday, 14 August 2020 01:04 PM

ඔබතුමා මුලින්ම 1970 දී මන්ත්‍රීවුනේ කිරිඇල්ල ආසනයෙන් වුණත් එහිනම ඔබතුමාම ඇහැලියගොඩ කියා වෙනස්කළා. නමුත් ඇහැලියගොඩ කියා ග්‍රාමනිලධාරි වසමක් නැහැ. ඇහැලියගොඩ කියන්නෙ කැන්දන්ගමුව නගරයට. ඉතින් ඔබතුමා මෙම ආසනයට ඇවිත් සංවර්ධන කටයුතු රාශියක් කර ඇතත් කැන්දන්ගමුව නගරයත් ඇහැලියගොඩ ගමත් (මාහිංගොඩ වසමත්) අවට පෙදෙසුත් පානීය ජලය නැතිකමින් පීඩාවිඳිනවා. මෙම ජලප්‍රශ්ණයට විසඳුමක් ලබාදෙන්න..

:       0       1

de silva berlin Saturday, 15 August 2020 06:40 AM

ප්‍රසිද්ධියේ මිනීමරලා උසාවියෙන් මරණ දඬුවම නියම වුණු පුද්ගලයෙකුට, මනාප දෙන්න කියලා උසාවියට අපහාස කරපු කෙනෙකු මෙවැනි ඇමැතිකමකට සුදුසු නැත. බටහිර රටක දේශපාලකයෙක් මෙවැනි ප්‍රකාශයක් කළා නම් ඡන්ද දායකයා මොහුට ඡන්දය නොදෙනු ඇත.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site