IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජමාත් හිතවතුන් දෙදෙනා යළි රිමාන්ඩ්

(පැතුම් දර්ශන)

ජාතික තව්හීත් ජමාත් සංවිධානය සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ සෘජු සම්බන්ධතා පැවැත්වූ බවට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ උප විදුහල්පතිවරයා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා අද (19) නියෝග කළේය.

ඉකුත් 17 දා අධිකරණයෙන් ලබාගත් අවසරය මත පැය 72 ක් රඳවා ප්‍රශ්න කිරීමෙන් පසු අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ හොරොව්පොතාන වීරසොලෙ විදුහලේ විදුහල්පති මොහොමඩ් අද්දර් රසුල් (56) සහ හොරොව්පොතාන මුස්ලිම් ඇටවීරවැව විදුහලේ උප විදුහල්පති වන අබ්දුල් ජබාර් නිජාබ් නැමති සැකකරුවන් දෙදෙනෙකුය.

බස්නාහිර පළාත් බුද්ධි තොරතුරු ඒකකය විසින් ලබාදුන් තොරතුරකට අනුව හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ සහ නඩු අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගාමිණී ජයවර්ධන මහතා ඇතුළු නිලධාරීන් කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ගේ සහයෝගයෙන් හොරොව්පොතාන පත්තෑව ප්‍රදේශයේ දී ඉකුත් 16 දා  සැකකරුවන් අත්අඩංගුවට ගැනිණි.

පසුගිය 21 දා සිදුවූ ප්‍රහාර මාලාවෙන් මියගිය බෝම්බකරුවන් සමඟ මෙම සැකකරුවන් දෙදෙනා සෘජු සම්බන්ධතා පවත්වා ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 



අදහස් (0)

ජමාත් හිතවතුන් දෙදෙනා යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site