ජපානයේ  චිබා දිස්ත්‍රික්කයේ විශේෂ අවශ්‍යතා සහිත පිරිස සඳහා වූ මධ්‍යස්ථානයක පුද්ගයන් 57දෙනකුට කොරෝනා වයිරස රෝගය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.
 
ඔවුන් අතර එම මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩලයේ 31දෙනකු ද සිටිති.
 
රෝගය මුලින්ම වැළඳී ඇත්තේ එම මධ්‍යස්ථානයේ මුළුතැන්ගෙයි සේවය කරන 40 හැවිරිදි කාන්තාවකට ය.
 
මෙම මධ්‍යස්ථානයේ විවිධ ආබාධයන්ට ලක්වූ අවුරුදු 20 සිට 80 දක්වා වූ පුද්ගලයන් 70ක් පමණ සිටින අතර කාර්යමණ්ඩලය 64ක් සිටිති.
  
කාර්යමණ්ඩලයේ ආසාදිතයන් රෝහල් ගතකර ඇති අතර ආබාධිත ආසාදිත පුද්ගලයන්ට ඔවුන්ගේ කාමර වලම ප්‍රථිකාර ලබාදෙන බව සඳහන් වේ.
  
ජපානයේ මේ වනවිට කොරෝනා වයිරස ආසාදිතයන් 1 500ක් පමණ වාර්තා වන අතර මරණ 52ක් සිදුවී ඇත.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)