(අංජුල මහීක වීරරත්න)
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා හෙට(13) ටජිකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය.
චිනයේ ෂැන්හයි කෝපරේෂන් සංවිධානය විසින් කලාපයේ ගැටළු සාකච්ඡා කිරීමට පවත්වන සමුළුව සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ටජිකිස්ථානය බලා පිටත්ව යයි.
සිකුරාදා (14) ,සෙනසුරාදා (15) සමුළුව ඇරැඹෙන අතර, 15 වැනිදා ජනාධිපතිවරයා සමුළුව ඇමැතිමට ද නියමිතය.
ශ්‍රී ලංකාව මෙම සංවිධානයේ සාමාජිකයෙකු නොවන අතර සාකච්ඡා පැවැත්වීමේ සාමාජිකයෙකු ලෙස සහභාගී වීමට ජනාධිපතිවරයා ටජිකිස්ථානය බලා පිටත්ව යනු ඇත.
මෙම සමුළුවේ සාමාජිකයන් ලෙස චීනය, රුසියාව, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් සහභාගී වන අතර නිරික්ෂක රටක් ලෙස පකිස්ථානය මෙම සමුළුවට සහභාගී වේ. චින, රුසියා මයිමේ තිබෙන රටවල් එක්ව මෙම සමුළුව පවත්වනු ලබයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ 50 කට ආසන්න පිරිසක් මෙම සංචාරයට එක්වීමට නියමිතය.
COMMENTS
දෙවියන්ගේ නාමෙට ඔය යන තැනකට වෙලා සදහටම ඉන්න බැරිද තවත් රට කන්නේ නැතිව?
50 දෙනෙක් මදි. 225ම අරන් යන්න. අපි ජනතා සල්ලි ගෙවන්නම්...
ඔය කියපු රට.. මගේ සිතියමේ නැහැනේ.. අනේ මන්දා..?
පලයන් මචන් ලෝකේ ඕන තැනක... තව මාස කීයද තියෙන්නේ..?
ටජිකිස්තානයේ විතරද දන්නෑ මේ වෙනකොට බලාකියා ගත්තේ නැත්තේ...
හුරේ... තවත් රට සවාරියක්... ඡන්ද දායකයිනි, ඔබට පින්...!!! මට කළා වූ මේ මහඟු සේවයට...
අැමෙරිකාවෙන් මෙහෙ එන දවස් අල්ලලා ඒ ගිවිසුම් වලින් එන කුණු නමෙන් බේරෙන්න පැන්නා නේද රට? නැතිනම් මීළඟ ඡන්දෙදි, ඒක ආයුධයක් කරගන්න බැරිව යනවා. එ්කට විරුද්ධ වෙන පිරිස් ජවිපෙන් බිලීබාගන්නවා. කණ්ණාඩිය මාරුවෙලා අරයගේ දුර බලන කණ්ණාඩියවත් දාගෙනද?
50 ක පිරිසකගෙන් කී දෙනෙක් ආපසු ලංකාවට පැමිණෙයිද?
අදාල නැති සමුලුවලටත් බලෙන් සහභාගි වෙනවා දැන්...
මම කිවේ නැද්ද? ගිය සුමානේ මේ බව මම ලීවේ. මේ සංචාරය අතරවාරයේදී රුසියන් ජනාධිපති පූටින් මහතා මුණ ගැසීමටත් ඔහුට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට ආරාධනා කිරිමටත් ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙන බවයි ආරංචි. මේවගේ ගමනකට 50 දෙනෙක් සම්බන්ධ කර ගත්තේ මොකටද කියලා නම් තේරුම් ගන්න අපහසුයි. තජිකිස්තානයේ ඛනිජ තෙල් බැරල් බිලියන 30 පමණ ඇති බවයි කියන්නේ.
මොකටද යන්නේ
සීශෙලස් ගිහින් ඇවිත් පිස්සු නැටුවා. මේ හදන්නෙත් තව අඩව්වක් අල්ලන්න වගේ...
මේ රටේ සේවය කරන්න වෙලාවක් නැහැ නේද? රටේ කරදරයක් වුණාම එ්කටත් බෝලේ පාස්කරලා ශේප්වෙන්න පුළුවන්...
ලෝක සිතියම බලබල ඔක්කොම රටවල් ටික කවර් කරනවා. මොකෝ අතින්, පයින් යනවා කියලායැ...
බදුගෙවන අහිංසක පුරවැසියන්ට ජය වේවා..!!!
මහින්ද පරාදයි.. මෙයාග් විදේශ සංචාරත් එක්ක බලනකොට...
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් අන්තිම හරියේදී ඔහොම තමයි. අහලත් නැති රටවලට ගියා මතකයි.
ඒ කාලේ අපි හිතුවද මෙහෙම පින්වන්තයෙක් පහළ වෙයි කියලා?
මචන් එහෙන් කාපෙන්ටර්ලා පුලුවන් නම් ගේමුද?
මේ යන ගමන්වලින් රටට අත්වන සෙත මොකද්ද
එරටින් ලාබෙට දැව ලබාගැනීම සඳහා සාකච්චා කරන්නද මෙතරම් හමුදාවක් අරගෙන, අපේ රට නියෝජනය නොකරන රටක් බලා ගියේ ?
50 ක් ?? ඇතිද මන්දා
පොඩි ළමයෙක් වගේ. රට යන්න පුදුම ආසාවක්නේ තියෙන්නේ. යන රට මොකක්ද, ලැබෙන ප්‍රයෝජනය මොකද්ද අදාල නොවේ.
මගේ රටේ ඉන්න සියලුම ලංකික වැසියන්ගෙන් මම කරන කාරුණික අයාචනාවයි ඔබ සෑම දෙනාම ඔබට ලැබී තිබෙන කුඩා බිම් කඩේ හැකි පමණින් ඉතා ඉහලට නැගී ගොස් අතු විහිදුවන් ශාකයක් වවන්න හැකිනම් එම බිම් කඩේ අඩි 5 ප්‍රමාණක් වෙන්කර තබන්න මන්ද යත් නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාවේ බල්ලන්ගේ හා කපුටන්ගේ ගහනය වේගයෙන් පැතිරෙන බැවින් ඔඋන් ජීවත් වීමට ඉඩ සලසා දීම අපගේ වගකීමයි නැතහොත් ඔවුන් අප නිව්ස් වලට ඒමට එදා ඇත "" මහජන දේපල අවභාවිත කරන උන් එන ආත්මයේ බල්ලන් කපුටන් බවට පත්වේ " ජනපති නියාය ඇසුරෙන් .
අපේ රටේ ප්‍රශ්න නැතිවද ?