(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) පුත්තලම දිස්ත්‍රික්කයේ හදිසි සංචාරයක නිරතවිය.

මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා මදුරන්කුලිය කතෝලික සභාවට අයත් බිෂොප් වත්තට  පැමිණ තිබූ අතර එහිදි එම භුමියේ සාර්ථක ලෙස වගාකර තිබූ මිදි වගාවක් නැරඹිණි.

එහිදී මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයට පැමිණි ජනපති, පාසලේ දරුවන් සමඟ අඩුපාඩු සම්බන්ධයෙන් සුහද කතාබහක නිරතවිය.

මීට අමතරව කල්පිටිය දළුව ප්‍රදේශයේ එළවළු වගා බිම් සහ නිර්මලපූර සුළං විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවට සහභාගී වූහ.

එම අවස්ථාවට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සහ කතෝලික පූජකවරු රැසක් එක්ව සිටියහ.

 

(ජායාරූප - ජනාධිපති මාධ්‍ය ඒකකය)