(ක.ග.කරුණාරත්න)
ඉදිරි ජනාධිපතිවරණයට මොන අපේක්‍ෂකයා ඉදිරිපත් වුණත් ඒ හැම අපේක්‍ෂකයෙක්ම රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්,මත් ද්‍රව්‍ය විනාශ කරන්න පියවර ගන්නා බවට පැහැදිලිව ප‍්‍රතිඥාවක් දියයුතුයැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (18) පොළොන්නරුවේ දිඹුලාගලදී පැවසීය.
එපමණක් නොව මත්කුඩු ජාවාරම් කාරයින්ට විරුද්ධව මරණය දණ්ඩණය ක‍්‍රියාත්මක කරන බව කිවයුතු යැයිද කීවේය.
නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියමගින් දිඹුලාගල ප‍්‍රාදේශි ලේකම් කොට්ඨාශයේ දිඹුලාගල ඉදිකරන ලද ජිවහත්තගම,දිසාලාගම,කොටාරාගල යන ආදර්ශ ගමිමාන ජනතා අයිතියට පත් කිරීමෙන් පසුව පැවැති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
එහිදී තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පාතාලය ,මත්කුඩු, ස්ත‍්‍රී දූෂණ, ළමා අපචාර මෙරට විනාශ කරන දේවල් යැයිද ඒවා මර්ධනය කර රටක් හදන්නට තද නති රීති අවශ්‍ය බවද කීවේය.මත්ද්‍රව්‍ය නිවාරණ ව්‍යාපාරය ශක්තිමත් කළයුතු බවත් මත්කුඩු විකුණන ව්‍යාපාරිකයින්,කුඩු ජාවාරමිකාරයින් මරණය දණ්ඩනය දීලා මරන්න ඔන කියලා තීන්දු කර ඊට අත්සන් කළ බවද පැවසීය.
නමුත් මරණීය දණ්ඩනයද මට එසේ අත්සන් කර තිබියද අපේ ආණ්ඩුවේ ලොක්කන් සහ විපක්‍ෂයේ ලොක්කන් රටේ සිටින දේශපාලනඥයින් සමඟ එක්ව පාරට බැහැලා බෑ. මරණය දණ්ඩනය දෙන්න බෑ කියලා කෑගහන්න පටන් ගත් බවක්’ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එක් අයෙක් උසාවි ගොස් මරණය දණ්ඩනය කල්දාන්න කියා ශ්‍රේෂ්ඨාධිකරණ නියේගයක්ද ලබා ගත් බවත් ඒ අනුව දැන් එය කල්දමා තිබෙන බවද පැවැසීය.
නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමති සජිත් පේ‍්‍රමදාස, විදේශ කටයුතු රාජ්‍ය ඇමති වසන්ත සේනානායක යන මහත්වරු ද උත්සව සභාව ඇමතූහ.
COMMENTS
නැවත ඔබතුමා ඉල්ලන්නෙ දේශයේ අවශ්‍යතාවය ඔබයි. රටෙ බහුතරයක් ඔබ සමගයි
"මැක්කා වනාහි" කතාව වගේ. ඒ කතාවේ ළමයෙකුට මැක්කා ගැන රචනයක් ලියලා ලකුණු හොදට ලැබුනලු. එදා ඉදල මොන රචනයක් දුන්නත් එ්කට මැක්කෙක් සම්බන්ධ කරගෙන මැක්කගේ කතාව ලියනවලු. ඉබ්බා ගැන ලියන්න දුන්නම ඉබ්බගේ ඇගේ මැක්කෝ නැත. එහෙත් මැක්කා වනාහි කියල මැක්කා ගැන ලියනවලු. පොලීසිය සහ විශේෂ කාර්යය බලකාය පසුගිය කාලයේ මත්ද්‍රව්‍ය සහ මදුෂ් ඇල්ලුවට පස්සේ ගැලරියේ විසිල් එක සහ අත්පුඩි ලැබුන නිසා දැන් හැමතැනම මත්ද්‍රව්‍ය වනාහි... මත්ද්‍රව්‍ය වනාහි... මත්ද්‍රව්‍ය වනාහි....හැම එකටම මත්ද්‍රව්‍ය වනාහි.... කියල ගැලරියේ විසිල් එක ගන්න හදන ජනාධිපති කෙනෙක් වගේ.
දැන් අවරුදු 60 ක් 70 ක් තිස්සේ ඔය කියන අය ප‍්‍රතිඥාවන් කොච්චර දුන්නද ? ඒ දුන්නු ප‍්‍රතිඥාවන් ක්‍රියාත්මක උනානම් අපේ රට දිව්‍යලෝකයක් මේ වෙනකොට.එක්කෙනෙක් මම මේක ධර්මිෂ්ඨ රාජ්‍යයක් කරනවා කිව්වා. කෝ කෙරුවද ? තව කෙනෙක් තව දේවල් කියනවා. තව පාරක් ඇවිල්ල ලෙච්චමී ද මොකක්ද දෙයක් ගැන කිව්වා . දැන් මේ තවත් දේවල් කියනවා. අපි නොදන්නා ප‍්‍රතිඥා .
කියනකම් බලාගෙනම හිටියේ මේක කියන්න. ඔය ඔක්තෝබර් අගමැතිට වාඩි කළ කෙනාටයි.එයා ගේ මල්ලිටයි ආයේම ඔන්න කිව්වා.
එහෙම එකක් ව්‍යවස්ථාවේ නෑනේ. මෙයත් අල්ලගන්නේ මරු මාතෘකා.
අවුරුදු පහක් ඔය පුටුවේ ඉඳන් පොල් ගෑවද ?
"එතකොට බාර් පර්මිට්..? " ඒක.. හාද? කාර් පර්මිට් විකුණුවාට කමක් නැහැ නේද? පූජ්‍ය පක්ෂයට කාර් පර්මිට් එකක්. ටිකක් වැඩියෙන් බටර් ගාන අයට පර්මිට් 2ක් දුන්නට කමක් නැහැ.. හැබැයි වැඩි සද්දයක් නැතිව.. එහෙමනේද?
ඇයි ඔයා එන්නේ නැද්ද?
මත්ද්‍රව්‍ය උවදුර ගැන කිව්වහම අනික් ඔක්කොම පිළිගනී... ඉස්සරනම් බර අදින ලොරිවල තාර බර හා ශුද්ධ බර කියලා ඩ්‍රයිවර් අසුන යට ලියලා තිබුනා . දැනුත් එහෙමද?
ඒ වැඩෙත් කරන්න ඕනේ තමා. විශේෂයෙන් මොලේ තියෙන , බුද්ධිමත් උගතෙක් වෙන්න ඕනේ. පසුගිය අවුරුදු 71 ක් ම විනාශ කෙරුවේ මොලේ කලඳක් වත් නැති අය.
කවුරු ආවත් මේ අවුරුදු හතරට තමන්ගේ රාජකාරිය හරියට කරාද කියලා පොළොන්නරුවට ගිහිල්ලා කල්පනා කෙරුවොත් නේද හොඳ ?
පිස්සු ද? හැටි ද?
ඔච්චර උවමනාවක් තිබුණ නම් තමන් බලයේ හිටපු මේ අවුරුදු හතරට ඔය උවදුර මඩින්න තිබුණනේ. අනික් අයගෙන් ප්‍රතිඥා ඉල්ලගෙන යන්න අවශ්‍ය නැහැනෙ. පුළුවන්නම් ඔය ප්‍රතිඥාව පෙරට දාගෙන ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා දිනල පෙන්වන්න.
කිසිම කළමනාකාරණයක් නැති මනුස්සයෙක් අවුරුදු 5ක් මිනිසුන්ගේ කාලය කාලා දාලා දැන් විකාර කියවනවා. අපේ ජනතාවගේ දේශපාලනය කෙරෙහි තිබෙන උගත්කම තමයි මේ මනුස්සයගෙන් ප්‍රතිමූර්ති වන්නේ... ලංකාවේ ඒ තරමට ඉන්නේ අකුරු සාස්තරය දන්නා නූගතුන්...
හත්වලාමේ ඔහේ මක්කැයි මේ කියවන්නේ...? ඔහේ ජනාධිපති.. ඉතින් කරන මගුල දැන් කරන්න පුළුවන් නේ... අනෙක් උන්ට කියන්නේ..
එතකොට ගම්පහ මතකුඩු, හෙරොයින්, .එස්.ටී.එෆ්. එකෙන් වට කරද්දී ඒ මත්කුඩු සහ ඒ පුද්ගලයා බේරාගත්ත, බදාගත්ත රටම දන්නා පුද්ගලයාගේ පක්ෂයට ඔබතුමා ගන්න තීන්දුව ගැන රටම, ලෝකයම අවධියෙන්...