(නිමන්ති රණසිංහ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්ථීර වශයෙන්ම කොරෝනා වයිරසය වැළැදී ඇතැයි සදහන් කරමින් අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නර්තන ශිල්පිනියක ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් වයි. ප‍්‍රභාකරන් මහතා අද (06) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පෞද්ගලික නර්තන ආයතනයක අධ්‍යක්ෂිකාවක වන වාද්දුව, මහවිහාර මාවත පදිංචි තිලිණී මීවනගේ (41) නැමැත්තියය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්ථිරවම කොරෝනා වයිරසය වැළැදී ඇතැයි සදහන් කරමින් සිය මුහුණු පොතේ පෝස්ටුවක් නිර්මාණය කර අසත්‍යයක් ප‍්‍රචාරය කර පරිගණක පනතේ වරදක් සිදුකර ඇතැයි සදහන් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණී.
පරිගණක අපරාධ පනතේ හයවැනි වගන්තිය ප‍්‍රකාරව සහ ලංකා දණ්ඩ නිති සංග‍්‍රහය ප‍්‍රකාරව වරදක් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 05 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාති වාදය අහුස්සන අය අත් අඩංගුවට ගන්න බැරි ඇයි
මේ වගේ වියසනයක් වෙලා තියෙන වෙලාවකවත් නිකම් ඉන්ඩ බැරි හැටි. මොලේ විකාර වෙලා.
වෙන වැඩ නැද්ද? නොකා නොබී ෆෝන් ඔබ ඔබ කරන වැඩ. මේක සතියක් තහනම් කරන්න නොකා නොබී මැරේවි . මේවා මානසික ලෙඩ
මේ වගේ වෙලාවක රටේ හැමදෙයක්ම හොදින් කළමනාකරණය වෙද්දී ඒවා බලාගෙන ඉන්න බැරි කුහකයින් මෙහෙම කඩාකප්පල් වැඩ කරනවා. රටේ ජනතාව අවුල් කිරීම හා රට විනාශ කිරීම මොවුන්ගේ අරමුණයි...
දෙන්න උපරිම දඩුවම්.. බරපතල දඩුවම් .. නිරෝධනය අවුරුදු 5 ක් දාන්න. අනිත් එවුන්ට පාඩමක් වෙන්න ..,
දැන් ඉතින් ඔය නටන නැටුමක් හිරේදී නටාගන්න බැරියැ.
එදා සිරිසේන මහත්තයට, රනිල් මහත්තයටයි එරෙහිව දාපු මඩ පොස්ට් අද දැම්මොත්නම් සුවර් එල්ලුම් ගස් යන්ඩ වෙනවා...
ඒක නම් තේ හැදී මිටේ නුවන...
එතුමා බලයට නාවා නම් අපේ රටේ ජනතාවට වෙනදේ බලාගන්න තිබුන. මෙවැනි උන්දලට එකේ වටිනාකම දැනෙන්නේ නැත්තේ කාගේ කරුමෙටද මන්දා. නැත්නම් එක්කෙනෙක් කියාවි මම පත්තරෙන් දැක්ක කියල...
නටන්න විතරක්ම දන්න උකුණු බිජුවක තරම් වත් මොලයක් නොතිබුන කෙනෙක් . මේ වගේ දේශපාලන උන්මත්තකයෝ ඉන්නේ මේ රටෙ විතරමයි... වෙන රටක මෙහෙම දෙයක් දැකපු කෙනෙක් ඉන්නව නම් කියන්න (විවේචනය කිරීම එකක් - මේක තව එකක් )
රටකට වැදගත් කමක් නැතිම දෙයක් නැටුම්....
මේක අගමැතිතුමා ගැන ලිව්වා නම් එතුමා මහා හයියෙන් හිනා වෙලා නිකම් ඉඳියි.
මේ වගේ අයට සමාවක් නොදිය යුතුය. මෙවන් අවස්ථාවකත් එක එක්කෙනාට කඩේ යනවා. අපි අමාරුවෙන් ගෙදරට වෙලා ඉන්නවා.
නිදහස් අදහස් පළකිරීමේ නිදහස. අනේ පින් සිද්දවෙච්චාවේ!
නන්දන, නිදහස කියන්නේ රෑට හීනෙන් දකින ඒවා උදෙට පේස්බුක් එකේ දාන එක නොවෙයි.
නමුත් අර එළිපිටම ජාතිවාදය වපුරන අය ඇත. ඇයි අත් අඩංගුවට අරන් හිරේ දාන්නට බැරි ?