(බිඟුන් මේනක ගමගේ)
ජනාධිපතිවරණයේදී ඡන්දය වර්ජනය කරන්නැයි ඉල්ලා උතුරු පළාතේ අත්පත්‍රිකා බෙදීමක් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.
දෙමළ ජාතික ජනතා පෙරමුණ නමින් ද තවත් පිරිස් නිර්නාමිකව ද මෙම අත් පත්‍රිකා බෙදා ඇති නමුත් පවතින මැතිවරණ නීතිය යටතේ එය වරදක් නොවන්නේ යැයි ද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා සඳහන් කළේය.
තිරුනල්වේලි, නල්ලූර් හා කෝපායි ඇතුලු ප්‍රදේශ රැසකින් එවැනි සිදුවීම් ගැන තොරතුරු වාර්තා වී ඇතැයි ද ගජනායක මහතා කීවේය.
දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම් මහතා මෙවර ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු බවට ප්‍රකාශ කර ඇතැයි ද තමා එය මුළුමනින්ම හෙලා දකින්නේ යැයි ද උතුරු පළාත් හිටපු මහ ඇමැති සී.වී විග්නේෂ්වරන් මහතා බී.බී.සී ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශ කර තිබිණ.
කිසිදු අපේක්ෂකයකුට සහාය නොදැක්වීම යටතේ සිය මනාපය සලකුණු කිරීමේ ක්‍රමයක් None of the Above' (NOTA) ලෝකයේ ඇතැම් රටවල පවතින අතර ලංකාවේ මැතිවරණ නීතියෙන් එවැනි පහසුකමක් මෙතෙක් සලසා නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිදු අපේක්ෂකයකුට සහාය නොදැක්වීම අවශ්‍යනම් ඡන්ද මධ්‍යස්ථානය වෙත නොගොස් ඉන්න.
කීයක් දුන්නද ? 2005 වගේද ?
හරිම මෝඩ කමක්, මූණත් එක්ක තරහා වුනහම නාහේ කපාගත්තාම හොඳයි කියලා හිතා ගෙන ඉන්න උදවියක් වගේ!
ඡන්ද නොදා සිටීමෙන් තමන් අකමැතිම කෙනා පත්වෙන්න ඉඩ තිබෙනවා. ලංකාවේ සෑම ඡන්දයක්ම වටිනවා. ඇමෙරිකාවේ ඡන්දය දැම්මට ජනාධිපති පත් කරන්නේ ප්‍රාන්තවලින් යවන නියෝජිතයෝ. වැඩි ඡන්ද ලැබෙන කෙනා සැමවිටම දිනන්නේ නැහැ.
හරි සනීප උත්තරයක් ගජනායක මහත්මයා දීලා තියෙන බව පේනවා මිනිසකු සතු සිය අභිමතය පරිදි ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අකුල්හෙලමින් හා තර්ජනය කරමින් කිසියම් පිරිසක් කටයුතු කරනවානම් එය බලපෑමක් නොවන්නේ කුමන නීතිය යටතේද කියල දැන ගන්න ඕන නේද. අපි අනික ඔය කටයුත්ත මේ කොළඹ පළාතේ උනොත් මොනවගේ විජ්ජුම්බරයක් වෙයි කියලා හිතනවද අනේ මන්ද වල් වැදුණු නීතියක්. හැරෙන හැරෙන අතට නැමෙන බලා ඉමු අපි.
යම්කිසි සංවිධානයක් මගින් ඡන්දය දමන්න යන්න එපා කියලා කියන එක වරදක් නොවෙන්නේ කොහොමද ?
2005 කලෙත් ඔය දෙයමයි .
මේක රජ පවුලේ වැඩක්...