
(විනීතා එම් ගමගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.
අද දහවල් 11.30 ට පමණ පාර්ලිමේන්තුවේ සිට ඔහු රැගෙන එන ලද්දේ බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව මධ්‍යයේය.
ඔහු වෛද්‍ය වාට්ටුවකට ඇතුළත් කරනු ලැබ ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ වේදිකාවකට වෙඩි තබා එහි සිටි පුද්ගලයෙකු මරණයට පත් කළේය යන චෝදනාවට වරදකරුවී රත්නපුර මහාධිකරණයෙන් මරණීය දඬුවම නියම වී සිටින ජයසේකර මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ බන්ධනාගරයේ සිටය.
COMMENTS
ගරු, චොකා මල්ලි මහත්තයෝ, ඔබ ඇත්තෙන්ම මේ ම්ලේච්ඡයින්ගේ පාරාදීසයේ ජීවත් විය යුතු පුද්ගලයෙක්. ඔබතුමාලා නොමැති රටක අපි කොහොමද අපේ අනන්‍යතාවය ලෝකයට රැගෙන යන්නේ?
එතකොට මිනී මරලා තියෙන්නේ? මොනවද මේ කතා?
දිට්ඨධම්ම වේදනීය කර්මය...
නිදොස් කොට නිදහස් කරමුද?
මිනීමරුවෝ, දේශපාලුවන්ගේ බලපුළුවන්කාරකමට නිදහසේ හිටියත් ඒ අයට සහ ඒ අයට උදව් දෙන අයට ස්වභාව ධර්මයෙන් හරි දඬුවම් දෙනවා.
මොකෝ දන්නේ නැහැ...
පාර්ලිමේන්තු මන්ත්‍රී චොකා මල්ලි... පුදුම රටක්.. කෝ විනයගරුක පාලනේ..?
චොකා මල්ලී... රාජපක්ෂගේ හිතවතා.. අපේ රටේ භීෂණයේ, අපචාරයේ උපත කොතනද කියලා මේවායින් පේනවා.
දිට්ඨධම්මවේදනීය කර්මය ඵලදීලා වගේ...
බන්ධනාගාර රෝහල සැප මදිද?
ළඟදීම මෙයත් එළියට පැන ගනී වගේ. ඔයිට වඩා දේවල් කරපු බලපුළුවන්කාර, දූෂිත දේශපාලුවෝත් අද එළියේ ඉන්නේ?
අනේ මන්දා... මොනවා කරන්නද කියලා...?