
(සුමතිපාල දීයගහගේ සහ දිල්රුක්ෂි ග්‍රේරු)
අහංගම "මෙත් බෝ " සෙවන නමින් චීවරධාරීන් පිරිසක් විසින් පවත්වා ගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයට එරෙහිව අද (05) අහංගම නගරයට එක්වු ගම්වාසීහු දකුණු පළාත් මහනායක හිම්වරුන් ඇතුළු සංඝයා වහන්සේලා කලුකොඩ් ඔසවා විරෝධතාවක් පැවැත්වුහ.
වෙළඳසැල් හිමියෝද වෙළෙඳසැල් වසා දමා මෙම විරෝධතාවයට සහාය දැක්වුහ.
අහංගම මෙත් බෝ සෙවන නමින් පවත්වා ගෙන යන මෙම අසපුවට ගම්වාසීන්ට පවා පැමිණිම තහනම් වේ. එහෙත් බණ ඇසීමට යන තරුණියන් මහණ කරවාගෙන භික්ෂූන් වහන්සේලා සිටින කුටි අසලම නවත්වාගෙන ඉන්නා බවට එම තරුණියන් ගේ පවුල්වල සාමාජිකයෝ අහංගම පොලිසිය හා ගාල්ල ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණලි කර ඇත .
අහංගම ගම්වාසීන් වසර 60 ක් පමණ භාවිත කළ ප්‍රධාන මාර්ගය මෙත්බෝ සෙවනේ ඇබිත්තයන් දෙදෙනකු විසින් ට්‍රැක්ටරයක් හරස් කර පසුගිය සතියේ වසා දමා ඇතැයිද ගැමියෝ කියති.
ඊට ගම්වාසීන් විරෝධය දක්වද්දී මෙත් බෝ සෙවන හිමිවරු යකඩ පොලුද රැගෙන මැරවරයින් සමග පැමිණි නමුත් අහංගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු පිරිසක් ගැටුමක් ඇතිවීම වළක්වාලීමට කටයුතු කර තිබේ. එහෙත් ට්‍රැක්ටර් රථය යොදා මගහරස් කළ ඇබිත්තයන් දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබිණ .
ගම්වාසීන් වෙනුවෙන් සාධාරණය ඉටුකරන්නට ඉදිරිපත් වී ඇත්තේ අහංගම පොලිස් ස්ථානාධිපති මංජුල ද මහතාය. එහෙත් පසුව එම විරෝධතාවය අහංගම නගරයට ගෙනයාමට ගම්වාසීන් හා අවට විහාරස්ථාන වල විහාරාධිපති වරුන් එක්ව සිටියහ.




COMMENTS
මේක අසපුවක් නොවේ. රංග පිඨයකි.
සිංහලයින්ගේ ප්‍රශ්න සිංහලයින්ටම විසඳගන්න බැරි රටක්, එහෙ මන්ත්‍රීකම බෙදාගන්න තවත් පිරිසක් පොර බදිනවා. අබ සරණයි...!!!
ගම්වාසීන් එකතු වුණාම ඔය චීවරධාරීන් ටික මර්ධනය කරන්න බැරිද?
මේක විතරක් නෙමෙයි, චතුර ධර්ම කථිකයින් වශයෙන් බණ මුදලට ප්‍රධාන වශයෙන් විදේශීයව අලෙවි කරන හා විදේශ රටවල ශ්‍රමිකයින් ධර්මයෙන් අන්ධකර පුණ්‍යායතන, ආරාම, පන්සල්, සෑයවල් හැදීමට කියා විදේශ ශ්‍රමිකයින්ගේ මුදල් ගෙන එම මුදල් වලින් ඉතා සුලු කොටසක් රටට ලෝකෙට පේන්න පුණ්‍යකර්මවල යොදවා ඉතිරි විශාල කොටස තම නෑදෑ හිතමිතුරන්ට ව්‍යාපාර ආරම්භ කරදී අහිංසක බොදු බැතිමතුන් රවටමින් මහා යතිවරයාණයන් වහන්සේලා වශයෙන් පෙනීසිටින චීවරධාරීන්ගේත් සැබෑ තතු රටට හෙලිකර ශාසනයෙන් පන්නා දැමීමටද මහනායක හිමිවරු ඇතුලු සියලු බොදු ජනතාවගේ අවධානය යොමුවිය යුතුයි.
කාලයක් තිස්සේ දකින්න බලා හිටපු දෙයක්. කොන්ද පණ තියෙන අහංගම සිංහල බෞද්ධයින්ටත්, දකුණු පළාතේ සැබෑ බෞද්ධ මහනායක හිමිවරුන්ටත්, අනිත් හාමුදුරුවරුන්ටත්, අහංගම පොලිස් ස්ථානාධිපතිතුමාටත් මගේ ඉහලම ගෞරවය. සිංහල බෞද්ධයන් මේ විදිහට "අබෞද්ධ කහ චීවරධාරීන්ට" එරෙහි වෙන එක සිද්ධ වෙන්නම ඕනේ දෙයක්. එන්ජීඕ මුදලින් නඩත්තු වෙන අබෞද්ධ කහ චීවරධාරින්ට එරෙහිව ලංකාව පුරාම සියලු සිංහල බෞද්ධයන් පාරට බහින්න ඕනේ. බුදුදහමේ නාමයෙන් අබෞද්ධයින්ට මේ පෝෂණය කරන්නේ බුදුදහම විනාශ කරන ලබ්ධියක්... බෞද්ධයන් අන්‍ය ආගම්වලට හැරවීම දැන් අලුත් විදිහට සිද්ධ වෙනවා කාන්තාවන් ඉලක්ක කරගෙන. බුදුදහම සම්පූර්ණයෙන් විකෘති කරන මේ කුමන්ත්‍රණකරුවන් අත්අඩංගුවට ගන්න ඕනේ. පන්සල් අසපුත් මේ රටේ නීතියට යටත්... ප්‍රදේශයේ සාමයට සහ ජනජීවිතයට අවහිරයක් වෙන මේ අසපුව වසා දමන්න උසාවි නියෝගයක් ගන්න ඕනේ.
සියම් සහ රාමඤ්ඤ-අමරපුර නිකාය භාර මහනායක හිමිවරු අනුනායක හිමිවරු තවදුරටත් බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවුණු බවක් පෙනෙන්න නැහැ. දැන් රට පාලනය කරන්න තියෙන නිසා තමන්ගේ නිකාය පාලනය කරගන්න වෙලාව නැහැ. තනතුරු ලාභ සඳහා පාලකයින් කිඹුහුමක් ඇරියත් ඒ වෙනුවෙන් ප්‍රශස්ති ගායනා කිරීමට සහ ඔවුන් කරන සියලු දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී වැඩ සාධාරණය කරන්න තියෙන නිසා බුද්ධ ශාසනය වෙනුවෙන් වෙන් කරන්න කාලය දැන් නැහැ. තමන්ගේ නිකායවල හාමුදුරුවරු එන්ජීඕ මුදල් අරන් සම්බුද්ධ ශාසනයට කරන විනාශය දැක දැක නොදැක්කා වාගේ ඉන්නේ තමන්ගේ පන්සල් වලටත් ඒ මුදල් දෙන නිසා වෙන්නැති. ගෙදර බුදුන් විදිහට පිදුම් ලද බෞද්ධ කාන්තාවන් ගැන, ගිහියන්වත් නොකියන ඉතා අශීලාචාර දේවල් බණ විදිහට කියන කහ චීවරධාරින් ඉන්නවා. සිංහල බෞද්ධ කුල කාන්තාවන් පන්සල් වලින් ඈත්කරලා වෙන වර්ගයක කාන්තාවන් පන්සල්වලට ගෙන්න ගෙන ශාසනය අපවිත්‍ර කිරීමේ සංවිධානාත්මක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මෙවන් අයට එන්ජීඕ වලින් විශාල වශයෙන් මුදල් වියදම් කරනවා. සම්බුද්ධ ශාසනය සහ සිංහල බෞද්ධ කුල කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් ලංකාව පුරාම ඉන්න සිංහල බෞද්ධයා මේ වගේ පෙරට ආ යුතුයි.
මේ අය ගම්පහ පැත්තේ සම්මාදම් එකතු කරනවා. අද ස්ටේෂන් එක ගාව හිටියා.. අනේ ශාසනේට වූ දෙයක්. කරඬු, වෙහෙර කොත්, බුදුපිළිම ලොරිවල තියාගෙන මේ කරන්නේ බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන් නිවන් මාර්ගයට හේතුවෙන දේවල්ද? මේක තනිකරම ඒ උතුම් දර්ශනයේ නාමයෙන් කරන ජාවාරමක්...
දානේ නොදී ඉන්න. එතකොට ඉබේම මර්ධනය වෙයි.
කුඩා ලොරියකින් තැන තැන ගොස් ඉදිකිරීම්වලට යැයි කියමින් මුදල් එකතු කරන චීවරධාරීන්, චීවරධාරිනියන් කොළඹ අවට මම දැක තිබෙනවා. භික්ෂූන්වහන්සේලා මුදල් පිළිගැනීම විනය විරෝධි ක්‍රියාවක්. චූදිත පිරිසට "චීවරධාරීන්" යැයි කීම ගැළපෙනවා.
අසපු කිව්වට අනේ මන්දා...
වාර්තා කරනකොට ප්‍රශ්නේ දෙපැත්තම වාර්තා කරන්න ඕනේ නේද? එක් පැත්තක විතරක් තොරතුරු මගින් නියම පින්තූරය ගන්න බැහැ. ඒ හාමුදුරුවො වව්නියාවේ කරගෙන යන වැඩේ ඉවර කරනකම් මේ අයට නිශ්ශබ්දව ඉන්න පුලුවන් නම් හොඳයි.
මෙය අසත්‍ය ප්‍රචාරය කරන තැනක්... බුදුදහමට එරෙහිව කරන නිඝණ්ඨයින්ගේ වැඩක්මය.
අපි නම් ඕවා ගණන් ගන්නේ නැහැ. අවුරුදු 25කින් පන්සල් යන්නෙත් නැහැ. දානෙ දෙන්නෙත් නැහැ.
කොහොමද පොහොට්ටුවේ වැඩ? මේ අය හදා දරදිය අැද්දෙ මේවාට තමයි.. දැන්වත් තේරෙනවද?
බෞද්ධ භික්ෂූන් කොහෙද?