IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


චීන - ඉන්දියා දේශ සීමාවේ උණුසුම් තත්ත්වයක්

ඉන්දියා චීන දේශසීමාවේ පිහිටි මතබේදාත්මක කාෂ්මීර කලාපයේ, ලඩාක් හි ගැල්වාන් නිම්නයට චීන හමුදා භටයන් දහස් ගණනක් බලහත්කාරයෙන් ඇතුළු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා පවසන්නේ මැයි මස මුලදී චීන හමුදා විසින් ප්‍රදේශයේ කූඩාරම් සවිකර බර අවි ද ගෙනවිත් ඇති බවයි.

එම ප්‍රදේශය ඉන්දියාව සිය භූමි ප්‍රදේශයක් ලෙස සලකනු ලැබූ බවද සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධව ඉන්දීය නායකයින් සහ හමුදා ප්‍රධානීන් මවිතයට පත්ව ඇතැයි ද වාර්තා වේ.

ඉන්දියාව, උස් භූම් ප්‍රදේශයක පිහිටි ගුවන් කඳවුරකට කිලෝමීටර් සියගණනක් දිග ගමන් මාර්ගයක් ඉදිකිරීමෙන් පසුව චීනය විසින් මෙම පියවර ගෙන තිබේ.

චීනයේ පණිවුඩය දිල්ලි පාලකයින්ට පැහැදිලිව පෙනෙන බවත් මෙය සාමාන්‍ය ආක්‍රමණයක් නොවන බවත් ඉන්දීය හමුදාවේ කර්නල්වරයෙකු ලෙස සේවය කළ අජයි ශුක්ලා මහතා පවසා ඇත.

       "තත්ත්වය බරපතලයි. ඉන්දියාවේ කොටසක් ලෙස චීනය විසින්ම පිළිගෙන තිබූ භූමියට ඔවුන් පැමිණ ඇත. එය සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයකි." යැයි ඔහු පවසා ඇත.

මේ සම්බන්ධව වෙනස් මතයක් දරන චීනය කියා සිටින්නේ භූමිය පිළිබඳ කරුණු වෙනස් කර ඇත්තේ ඉන්දියාව විසින් බවයි.

මෙම උණුසුම් වාතාවරණය ලඩාක් වල පමණක් නොව ඉන්දියාවේ ඊසාන දිග සිකිම් ප්‍රාන්තයේ චීන දේශ සීමාවේ පිහිටි නාකු ලා ප්‍රදේශයේදී ද උද්ගතව ඇති බව සඳහන් වෙයි.

දෙපසම සෙබළු ඇසිපිය නොහෙලා බලා සිටින බවත් මෙම මස මුලදී සෙබළුන් අතර ගැටුමක් හටගත් බවත් පැවසේ.

අවස්ථා දෙකකදී ලඩාක්හි දී දෙපාර්ශ්වය අතර ගැටුම් ඇතිවූ බව ද ඉන්දීය මාධ්‍ය පවසයි.

ඉන්දියාව සහ චීනය අතර කිලෝමීටර් 3 440කට වඩා වැඩි දේශ සීමාවක් පවතී.

ඔවුනොවුන්ගේ දේශසීමා මුර සංචාර බොහෝවිට එකිනෙක ගැටෙන නමුත් දෙපාර්ශ්වයම කියා සිටින්නේ දශක හතරක් තුළ කිසිදු උණ්ඩයක් පිටනොවූ බවයි.

දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා කර ගන්නා අතර ඉන්දියාව විසින් ෂියෝක් ගඟ දිගේ මාර්ගයක් ඉදිකරමින් යටිගල පහසුකම් නංවාලීමට ගත් තීරණය බීජිං පරිපාලනය කෝපයට පත්කළ බව පෙනෙන්නට තිබේ යැයි ශුක්ලා මහතා පවසයි.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (5)

චීන - ඉන්දියා දේශ සීමාවේ උණුසුම් තත්ත්වයක්

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 30 May 2020 11:33 AM

ඔන්න චීනාගේ සැබෑ මුහුණුවර එළියට එනවා.. අපේ රටේ සමහරක් දෙනා පසුගිය කාලේ චීනාව සැලකුවේ පිරිසිඳු ශුද්ධවන්තයින් ලෙසයි. මෙහි ලිව්ව සමහර දෙනා චීනාව කොච්චර උඩ තිබ්බාද කිව්වොත්, චීනාගේ නයි සුප්, ගැරඬි සුප්, වවුල් සුප් හොඳයි කිව්වා. අනේද කියන්නේ..?

:       0       157

සුදත් ශ්‍රී Sunday, 31 May 2020 02:05 AM

චීනය ලංකාවට උදව් කරන්නේ කවදා හරි ඉන්දියාවත් එක්ක යුද්ධයක් ආවොත් ලංකාවේ අඩියක් තියාගන්න. ලංකාවේ දේශපාලක ගැත්‍තන්ට මේක තේරෙන්නෙ නැති එක තමයි කරුමේ.

:       358       519

ruwanWednesday, 03 June 2020 05:03 AM

දේශපාලන ගැත්තන්ට විතරක් නෙවෙයි කඩේ යන වහලුන්ට පේන්නෙත් නැහැ... පේනවනේ ඩිස්ලයික්

:       0       0

ලුම්බිණි Sunday, 31 May 2020 02:28 AM

චීනය මුලු ලෝකය පුරාම තමන්ගේ බලය පෙන්වන්නට උත්සාහ ගනිමින් ඉන්න බවකුයි පෙනෙන්නේ. එක පැත්තකින් සල්ලිවලින් අපේ වගේ රටවල් යටත් කරගනිමින් ඉන්න අතරේ අනික් පැත්තෙන් තමන්ට ලෙහෙසි ඉලක්ක වලට හමුදා බලය පෙන්වන්න උත්සාහ කරනවා. ඒත් කිසිකෙනෙක් විරුද්ධ වෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ.

:       0       47

rihan Tuesday, 02 June 2020 11:05 AM

තවත් වෛරසයක්ද දන්නේ නහැ. අපිත් අසල්වැසියෝ... අවදානමෙන් සිටිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1516 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1345 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 484 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site