( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීම සඳහා මීළඟ අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට පෙර රුපියල් මිලියන 3000ක් වෙන් කිරීමට කටයුතු කරනු ඇතැයි නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අද(19) ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය.
ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීම සඳහා රුපියල් මිලියන 500 ක මුදලක් නිදහස් කිරීමට රජය පොරොන්දු වූ පරිදි කටයුතු නොකළැයි ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු කිහිපදෙනකුට එරෙහිව එම සමාගමේ තැන්පත්කරුවන් පිරිසක් ගොනු කළ අපහාස නඩුවේ දී ඔහු මේ බව දැන්වීය.
අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් සහ විනිසුරු අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවිණි.
ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවන් වන රොෂාන් හරින්ද්‍ර ප‍්‍රනාන්දු සහ ඉෂානි ශ්‍රීමතී ප‍්‍රනාන්දු විසින් ගොනු කරනු ලැබූ මෙම අපහාස නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ,මුදල් ඇමති ,මුදල් අමාත්‍යාංශ ලේකම් , මහ බැංකු අධිපති ,මහ බැංකු මුදල් මණ්ඩලයේ සාමාජිකයින් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
තැන්පතුකරුවන් 9000ක් පමණ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ මුදල් තැන්පත් කර තිබූ අතර එම මුදල් හෝ පොළිය ලබා දීමට එම සමාගම කටයුතු කර නොතිබිණි. ඊට එරෙහිව තැන්පතුකරුවන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබූ අතර පෙත්සම් විභාගය අතරතුර වගඋත්තරකරුවන් මෙම මුදල් ගෙවීමට කටයුතු කරන බව අධිකරණයට දැනුම් දුන්නේය.
එම මුදල් ආපසු ගෙවීම සඳහා යාන්ත‍්‍රණයක් සකස් කරන බවද අදියර කිහිපයක් යටතේ එම ගෙවීම් සිදු කරන බවද මුදල් ඇමතිවරයා වෙනුවෙන් ඉකුත් 2015 වසරේ මැයි 18 වැනිදා නීතිපති අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර තිබිණි.
පෙත්සම යළි සලකා බැලීම ඔක්තෝබර් 2 වැනිදා තෙක් කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 04
777
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගෝල්ඩන් කී වන්දි වෙනුවෙන් රජයෙන් මිලියන 3500ක්
minipe Monday, 19 June 2017 07:22 PM
ගෝල්ඩන් කි පුද්ගලික සමාගමකි. ඇයි මහජතවගේ මුදල් දෙන්නේ?
wedage Tuesday, 20 June 2017 03:45 AM
සමහර හොරුන්ගේ වැඩවලට මහජනතාවගේ මුදල් යොදවන්නේ ඇයි මෙය අපරාදයක් නොවේද