IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගෝඨාභයගේ පුරවැසිභාවය සම්බන්ධ ලිපි ගොනු මා ළඟ නෑ

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 

හිටපු ආරක්ෂක ලේකම් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක  ගෝඨාභය  රාජපක්ෂ  මහතාගේ  ද්විත්ව පුරවැසිභාවයට අදාළ කිසිදු ලිපි ගොනුවක් තමන් සතුව නොමැති බව ආගමන විගමන පාලක ආර්.එම්.පී.එස්.බී. රත්නායක මහතා   අද  ( 02 ) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ආගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා මේ බව දැනුම් දුන්නේය. 

2007 වසරේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව පරිගණක ජාල ගත කල බවද එහිදී ඊට පෙර දෙපාර්තමේන්තුව පැවති කිසිදු   ලියැවිල්ලක් විනාශ නොකළ බවද ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින් ශ‍්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙසඉල්ලා ගොනු කර ඇති මෙම රිට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මේ බව දැනුම් දුන්නේය.

එහිදී වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනු⁣වෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දැක්වු ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ 2007 ට පෙර ආගමන දෙපාර්තමේන්තුව සතුව පැවති ලිපි ගොනු විනාශ කර ඇති බවට දැනගන්නට ලැබෙන බවත් , ඒ ගැන නීතිපතිවරයා කිසිවක් ප්‍රකාශනනොකරන බවද හෙතෙම කියා සිටියේය 

ඊට පිළිතුරු කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ එම චෝදනා අසත්‍ය බවත් , ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු කිසිදු ලිපි ගොනුවක් විනාශ කර නොමැති බවද කියා සිටියේය.

පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ තවදුරටත් සලකා බැලේ.

ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් මෙම රිට් පෙත්සම් ගොනු කරනු ලැබ ඇත. 

මෙහි වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ආර්.එම්.පී.එස්.බී. රත්නායක, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක,රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි විශේෂ ඒකකයේ ස්ථානාධිපති එල්. දිසානායක යන මහත්වරු නම් කරනු ලැබ සිටිති.

 



අදහස් (56)

ගෝඨාභයගේ පුරවැසිභාවය සම්බන්ධ ලිපි ගොනු මා ළඟ නෑ

sena Wednesday, 02 October 2019 09:37 AM

ඒ දවස්වල කච්චේරි එහෙම කොච්චර ගිනිගත්තාද? ඔය ආගමනේ ගිනි ගත්තේ නැත්තේ මොකද?

:       132       145

ajithWednesday, 02 October 2019 10:37 AM

ගෝඨා කියන්නේ රණවික්‍රම රණශුර පදක්කම් එජාප නායකයින්ගෙන් ලබාගත් කෙනෙක්. මෙහි කොටන අයත් එහෙම අයද?

:       299       249

SamWednesday, 02 October 2019 12:20 PM

රණවික්‍රම, රනශුර පදක්කම් දේශපාලුවන්ගේ නිර්දේෂ මත ලැබෙන එ්වා නොවේ... යුද්ධයේදි දක්වන දක්ෂතා මත ලබාදෙන එ්වා...

:       8       58

suddaThursday, 03 October 2019 12:51 AM

ඒ කියන්නේ ගෝඨා ඇත්තටම දක්ෂයි...

:       0       0

Amila Wednesday, 02 October 2019 09:41 AM

කොහොමද ඇමරිකන්කාරයින්ගේ ගේම්...? මේ වගේ චරිත නිසා තමයි එවකට ප්‍රාදේශීය සභාවලත් සභාපතිලා වනචාරීන් වගේ හැසිරුනේ...

:       5126       5844

RamithaWednesday, 02 October 2019 10:55 AM

කොහෙද කියල තියෙන්නේ ෆයිල් එක නැති කරේ GR කියලා...?

:       139       198

NissankaWednesday, 02 October 2019 11:53 AM

නැතිකරන්න ෆයිල් එකක් තිබිලා නැහැ. ලියකියවිලි නැතුව හොර පාරෙන් තමා ගමන් බලපත්‍රයයි හැදුනුම් පත්‍රයයි අරන් තියෙන්නේ. අපිට වගේ දවසම රස්තියාදු වෙන්න ඕන නැහැ. එයාලට ගෙදරටම ගෙනල්ල දෙනවා

:       0       0

AmilaWednesday, 02 October 2019 12:00 PM

නැති කරන්න එහෙම එකක් තිබිලා නෑනේ.

:       0       0

saali Wednesday, 02 October 2019 09:45 AM

වගකිව යුතු කෙනෙක්ගේ අත්සන සහිත සහතිකයක් ඇත. දැනට ලිපිගොනු සොයා ගන්නත් නැත. නැතිවුනෙත් නැත. කවුරුත් දන්නෙත් නැත. දෙපාර්තමේන්තුවේ භූතයන් ඉන්නවාද? බොරු සහතික හදලා දෙන, ලිපි ගොනු උස්සන....

:       5       205

SL Wednesday, 02 October 2019 09:46 AM

අමතක කරන්න එපා.. ගෝඨාභය කොටි බෝම්බ ප්‍රහාරයට ලක්වුණු කෙනෙක්. එහෙම ප්‍රහාර එල්ල කලේ ගෝඨාගේ පාස්පෝර්ට් බලලා නොවේ.

:       2105       2008

laalWednesday, 02 October 2019 10:48 AM

තව බෝම්බ කාපු අය හිටියා සහ ඉන්නවා. ඒ අයගේත් පාස්පෝට් බැලුවෙත් නෑනේ...

:       175       552

athuraWednesday, 02 October 2019 11:00 AM

ඔබතුමා අමතක කරන්න එපා ෆොන්සේකා මහත්මය බෝම්බෙට අහුවෙලා මැරෙන්න ගිය කෙනෙක්. එයාව හිරේ දැම්මෙත් වරදක් කරල නෙමෙයි.

:       0       0

NissankaWednesday, 02 October 2019 11:56 AM

බෝම්බ ප්‍රහාරයකින් මාරාන්තික තුවාල ලබපු සරත් ෆොන්සේකා කුදලාගෙන ගිහින් හිරේ දැම්ම මතක නැද්ද ?

:       0       0

raviWednesday, 02 October 2019 03:22 PM

ඕක බොරුවක්... පිත්තල හන්දියේ කොටි බෝම්බය සැලසුම් කළ එකක් බව කවුරුත් දන්නවා. වික්ටර් අයිවන් එයාගේ පොතකත් මේ බව ලියා තිබුණා.

:       3       21

suddaThursday, 03 October 2019 12:54 AM

ඒ කියන්නේ වික්ටර් අයිවන්ද බෝම්බය සැලසුම් කළේ? නැත්නම් කොහොමද දන්නේ? එක අතකින් දන්නවා වෙන්නත් ඇති... එයා ඉතින් 71 කාලෙදිත් අනුන්ට බෝම්බ පුපුරවන්න හදලා, තමන්ගේ අත පුපුරවාගත්ත එක්කෙනෙක්නේ..

:       0       0

Mahee Wednesday, 02 October 2019 09:48 AM

එක බොරුවක් වහන්න බොරු දාහක් කියන්න වෙනවා කියලා සිංහල කියමනක් තියෙනවා.

:       633       670

Uditha - London Wednesday, 02 October 2019 09:53 AM

කොහොමද යන ගේම් එක? ඕගොල්ලෝ තව තව රඟන්න අපි බලා සිටින්නෙමු !!!

:       72       245

sisiraWednesday, 02 October 2019 10:46 AM

ඒ ලිපිගොනුව ආණ්ඩුවේ හෙන්චයියෙක් අස්ථානගත කරලා ඇති.. අහන්න දෙයක් නැහැ. ඔය නඩුව දාපු එකෙක් ප්‍රංශයේ දේශපාලන රැකවරණ පිටහිටය කෙනෙක්... අසූගණන්වල ලංකාවෙන් පැනලා තියන්නේ.. අනුන්ගේ පාස්පෝට් එකකින් අපි ළඟ තියනවා. ඒ විස්තර කොටුවෙනවා.. ප්‍රංශ රජයටත් වංචා කරලා විදේශ තානාපති කාර්යාලයක රියදුරු වැඩක් කරපු කෙනෙක්. ඒ වගේම කොටි ත්‍රස්තවාදීන්ට කඩේ ගිහින් පොලිසියෙන් හොයනකොට තමයි එයා පිටරට පැන්නේ. තව හුඟක් දේවල් එයාගැන තියනවා.

:       1088       1025

suddaThursday, 03 October 2019 12:57 AM

ඒ කොයි එකාද හොර පාස්පෝට් වලින් ප්‍රංශේ පැන්නේ? කරුණාකරලා කියන්න. ඒ ගැන දැනගන්න අපිත් කැමතියි.

:       0       0

සේන Wednesday, 02 October 2019 10:01 AM

නිවට පාහරයින් රටට වින ක⁣ටින්නමයි මේ වගේ පහුබූත ප්‍රශ්න අදින්නේ... මොවුන් කාගේ බළල් අත්ද කියලා කාටත් පැහැදිලියි...

:       0       0

Josh Dubai Wednesday, 02 October 2019 10:07 AM

යහපාලන නඩේට ඕනෑනම් මේ ලියකියවිලි විනාශ කරන්නත් පුළුවන්නේ. එහෙම නම් කොහොමද ජා.හැ. පතක් නිකුත් කරලා තියෙන්නේ.. ගමන් බලපතක් නිකුත් කලේ. මේවා මේ යහපාලන හොර වැඩ.. මේ අය හදන්නේ ගෝඨාව තරගෙටත් කලින්ම අයින් කරලා නිතරගයෙන් දිනන්න.. පල් හොරු

:       0       0

Allan Wednesday, 02 October 2019 10:08 AM

නොදන්න කමට අහන්නේ... අදාල සහතික නිකුත් කරන්න කලින් අයදුම්පත් පුරවාගන්න ඕනෑ නිලධාරින් නේද...? ඒවා නැතුව සහතික නිකුත් කළා නම් සහතිකය දරන්නා වග කිවයුතු වන්නේ කෙසේද? එම ලිපි ලේඛන අස්ථාන ගත වී නම් එම වගකීම දැරිය යුත්තේ නිලධාරීන් මිසක් වෙනකකු නොවේ නේද?

:       0       0

Sirisena Wednesday, 02 October 2019 10:12 AM

හැමදාම මිනිසුන් රැවටිය නොහැක

:       0       0

Lion Wednesday, 02 October 2019 10:14 AM

අපේ රටේ පැවති තත්වය කොච්චර නරකද?බලය ඇති මිනිසුන්ට නීතියක් නොමැත යන සිද්ධාන්තය නොවේද මේ කියා පාන්නේ? මෙවැනි දේ කෙරෙහි ජනතාවට විශ්වාසය තැබිය හැකිද ?

:       3       468

dev Wednesday, 02 October 2019 10:18 AM

ඇමරිකාව සහ ලංකාව අතර සටන... ගෝඨාට බැරි වුණොත් වෙන කෙනෙක් දාලා හරි මේ සටන දිනන එක ලොකු දෙයක් නෙවෙයි. ලංකාවට ජය..!!!

:       258       240

athuraWednesday, 02 October 2019 11:03 AM

නැහැ මේක ඇමරිකන් පුරවැසි පවුලක් සහ ලංකාව අතර සටනක්.

:       0       0

saaliWednesday, 02 October 2019 11:56 AM

ඒ කියන්නේ ඇමෙරිකාව තවත් ඇමෙරිකන් කාරයෙක් එවනවාද ගෝඨා වෙනුවට ඉල්ලන්න?

:       0       0

DilanWednesday, 02 October 2019 12:10 PM

දැන් බලයේ ඉන්නේ ඔය ලංකාව කියන පාර්ශවය නේද? ඊට වඩා ඇමෙරිකාව හොඳයි.

:       6       0

සෙනෙවිරත්න Wednesday, 02 October 2019 04:28 PM

සටන ඇමරිකාවේ.. වැටහෙනවා මදි මේ රටේ පුරවැසිකම මොනවට ගත්තද?

:       12       19

මලගල Wednesday, 02 October 2019 10:21 AM

ඒවා අතුරුදන් කිරීම යහපාලනයට කජ්ජක්ද?

:       1261       1244

අතුල Wednesday, 02 October 2019 10:21 AM

ගෝඨා මෙරට පුරවැසියකු නොවන නිසා ඔහුට ඇති සියළුම චෝදනා, නඩුහබ බලරහිත වන අතර වෙනත් රටකින් පැමිණ ත්‍රස්තවාදය අවසන් කිරීම හේතුවෙන් එය රටේ නීතියට වලංගු නොවන නිසා යුද්ධයට පෙර පැවැති තත්වයට රට පත්කර ප්‍රභාකරන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන ලෙසටද?

:       660       617

athuraWednesday, 02 October 2019 11:02 AM

2015 යුද්දේ ඉවර කළේ මහින්ද.2019 යුද්දේ ඉවර කළේ ගෝඨා මොනාද මේ කතා?

:       0       0

Don Wednesday, 02 October 2019 10:25 AM

ගෝඨාභය පුරවැසිභාවය අහිමි වීමට ආසන්නයි..

:       415       513

සහන් Wednesday, 02 October 2019 10:27 AM

හරියන් නෑ පරිස්සමින්..............

:       2       50

Nandalal DE SILVA - France Wednesday, 02 October 2019 10:40 AM

ඕකනේ.., මහින්ද ලොක්කා යනකොට කිව්වේ ඕන කරන ෆයිල් ඔක්කොම මගේ ළඟ තියෙනවා කියලා. මේ රංචුව හොඳට හොයල බලලා තමයි ඔක්කොම හොරමැරකම්, ජාවාරම් එහෙම කරලා තියෙන්නේ කියා රටටම පහදා දෙන්න මේකත් වටිනා උදාහරණයක්..!!!

:       263       324

Athula Mallikarachi Wednesday, 02 October 2019 10:42 AM

ගෝඨාභය සිතුවේ නැහැ කවදාවත් මේවගේ පොල්ලක් වැටෙයි කියලා.

:       244       306

Cisco Wednesday, 02 October 2019 10:45 AM

කවුරුත් කොමෙන්ට් දාන්නෑ ප්‍රවෘත්තිය කියවන්නේ නැතිව. මේකේ කොහේවත් කියලා නැහැ. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ලිපි ගොනු නැහැ කියා. කියන්නේ ද්විත්ව පුරවැසිබව පිළිබඳ ලිපිගොනු නැහැ කියල‍ා...

:       7       44

Nandalal DE SILVA - France Wednesday, 02 October 2019 11:01 AM

කොහොමද රාජපක්ෂ සහෝදර සංස්ථාවේ වැඩ ? කිසිම ලකුණක් නොතබා බඩු භාණ්ඩ, වාහන, ෆයිල් වගේ දේවල් අතුරුදහන් කිරීමට උපන් හපන්නු. ලෝක පුජිත මැජික් ශිල්පීන්ටවත් කරන්න බැරි දේවල් මැදමුලන කට්ටිය කරලා පෙන්නලා තිබෙනවා. දෙන්න උස්හඬින් අත්පොළසන් නාදයක්.

:       0       0

lalithm Wednesday, 02 October 2019 11:02 AM

ජාලගත කළානම් ඒවා සොයන්න දෙයක් නැහැනේ. ඒ කාළේ ඔය කියන තොරතුරු ටික විතරක්ම ජාලගත නොකර ඇති.

:       0       0

යාපා Wednesday, 02 October 2019 11:13 AM

කොහොමද යහපාලනේ..? නීතිය නවන්න නිලධාරින්ට බලපෑම් කරා විතරක් නෙමෙයි ලේඛනත් විනාශකරලා ...

:       265       217

අනුර Wednesday, 02 October 2019 11:15 AM

මොනවා නැති වුනත් ලංකාවේ ඉපදුණු බවට උප්පැන්න සහතිකයක් තියෙනවනේ..

:       168       178

gunarathnaWednesday, 02 October 2019 12:47 PM

අනුර මහත්තයෝ ඔබතුමා කවුද මම දන්නේ නැහැ. කවුරු වුණත් ඔබතුමා ඉන්ට අධිකරණය තුළ ලෝයර් කෙනෙක් විදියට. මොකද මේ කාරණය මානුෂික ලෝ පොයින්ට් එකක්...

:       6       4

CpsWednesday, 02 October 2019 01:45 PM

උප්පැන්න සහතික වැඩක් නෑ. වෙනත් රටක පුරවැසිභාවය ලබාගත් සැණින් තම මව්රටේ පුරවැසිභාවය ඉබේම අහෝසි වෙනවා. එය එසේ වෙන නිසා තමයි ඩුවල් සිටිසන්ශිප් එක ඉල්ලුම් කරන්න සිදුවෙන්නේ..

:       0       38

රවින් Wednesday, 02 October 2019 11:54 AM

ඔය ලිපිගොනු නැහැ කියන එකනම් ඒ තරම් ලොකු දෙයක් නොවේ. බොහොමයක් රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ගැන නොදන්නේ කිසිම රාජ්‍ය ආයතනයකට නොගිය කෙනෙක් පමණයි. ගිය හැමෝම දන්නවා කිසිම දෙයක වගකීමක් බර නොගන්නා කොටසක් තමා රාජ්‍ය සේවය කියන්නේ කියලා. අර පහුගිය ටිකේ මාධ්‍ය තුලින් දැක්කේ ලඟට ගිහිල්ලා එන්නම් කියලා මුළු කර්යාලයම මගුල් ගෙදර ගිහිල්ලා තිබුනේ. ෆයිල් ටික මුල්ලකට දැම්මා මෑන්ස්ලා බුදිය ගත්තා. අතනින් මෙතනට ගියා බඩු මිසින්. රාජ්‍ය කාර්යාල කුලී ගොඩනැගිලිවල පවත්වාගෙන යාමේ ප්‍රතිපල.

:       0       0

dasa Wednesday, 02 October 2019 11:58 AM

නැති වුන ෆයිල්ස් ඔක්කොම මන් ලග ෆයිල්ස් තියෙනවා කියපු කෙනා ලග ඇති

:       0       0

Ramendra Wednesday, 02 October 2019 12:30 PM

" ද ටර්මිනල්" චිත්‍රපටිය මතක් වෙනවා.

:       0       1

ratne Wednesday, 02 October 2019 01:01 PM

මහබැංකු හොරා කාපු අය යස අගේට ටයි කෝට් දාගෙන තනතුරු වල ඉන්නවා නම්, ගෝඨාභයට හැර අන් කිසිවකුට වැඩකට ගත නොහැකි මෙන්ම හානියක් නොවන ඔහුගේ පාස්පෝට්, ජා.හැ.පත,.. පිළිබඳව මෙතරම් හාරා අවුස්සන්නේ මොකටද?

:       17       113

පුෂ්පකුමාර Wednesday, 02 October 2019 01:02 PM

පසුගිය රජය පැවති වකවානුවේ ද්විත්ව පුරවැසිභාවය ලබාදීම අත්හිටුවා තිබුණු තත්වයක් තුළ, ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට හැකියාවක් නැහැ. නමුත් ඒ අවධියේ සමහරු විශාල මුදලක්, පගාව ලෙස ගෙවා ද්විත්ව පුරවැසිභාවය අරගත්තා. මෙතුමාගේ පමණක් නොවේ, ඒ වකවානුවේ, අයථා ක්‍රමයෙන් පුරවැසිකම ලබා ගත් අය ගැන විමර්ශනයක් කළයුතුයි. හරි නම් හොර වැඩවලට කැප් එකක් දෙන්න ඕනෑ මෙතුමාට...

:       78       179

suddaThursday, 03 October 2019 12:59 AM

ද්විත්ව පුරවැසිභාවය ලබාදීම අත්හිටුවා තිබුනේ ගෝඨාභය ආරක්ෂක ලේකම් වුණාටත් පස්සෙයි. එතකොට ගෝඨා ද්විත්ව පුරවැසිකම අරන් ඉවරයි.

:       0       0

Jagath Wednesday, 02 October 2019 01:03 PM

ලංකාවේ ඉපදිලා රට අත්ඇරලා ගිය ඕනෑම කෙනෙකුට ලංකාවේ ඉපදුණු බවට උප්පැන්න සහතිකයක් තිබේ.

:       66       5

chandrika londonWednesday, 02 October 2019 05:48 PM

මේ තැන කතාකරන්නේ උත්පැන්න සහතිකයක් නොව පුරවැසි සහතිකය...!!!

:       0       0

Rata Perata Wednesday, 02 October 2019 01:57 PM

කෞතුකාගාරේ ඉඳලා, කලොත් කරන්නේ හොර වැඩම තමයි. මේ වගේ අයට මිනිසුන් කියන්න පුළුවන් ද?

:       21       0

විජිත් Wednesday, 02 October 2019 03:26 PM

අයියා ජනාධිපතිවෙලා දවස් දෙකකින් ද්විත්ව පුරවැසිබව ලැබුණාලු. දැන් ඒ බඩු නැහැල්ලු.

:       19       0

Chanak los angeles Wednesday, 02 October 2019 09:35 PM

ඝෝටගේ හොට පැටලුනා නේද .. කලුකෝට් කාරයෝ ටික බොරු ගොතමින් පුදුම මහන්සියක් ගන්නවා නීතිවිරෝධී පුද්ගලයෙකුව බේරගන්න . දැන්නම් අධිකරණ තීන්දුව නිකන් පේනවා පේනවා .හොරු හිතන්නේ නැතිවෙන්න ඇති මෙහෙම මරාලයකට මාට්ටු වෙයි කියා ..

:       0       0

Chanak los angeles Wednesday, 02 October 2019 09:44 PM

දැන් ඝෝටගේ කට වැහෙන්න ගිලිලා තව ටිකයි නහය වැහෙන්න.

:       0       0

amali Thursday, 03 October 2019 04:56 AM

ෆයිල් හංගල නඩු දාන එකත් නියම ක්‍රමය නේද . නරකම නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 382 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 803 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 620 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1457 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2942 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1894 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site